සැප්තැම්බර් 11 සිට සැප්තැම්බර් 17 දක්වා

සැප්තැම්බර් 11, 2020

සමාජ සේවා කටයුතු 

සැනසිලිදායක ලෙස කටයුතු කීපයක් සිදු කරන කාලයක් වන අතර සඳුගේ ගමන 2,3,4 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නිතර නෑදෑ පිරිසගේ මෙන්ම හිතවතුන්ගේද ප්‍රසාදය හිමි කරන කාලයකි. අතමිට මුදල් ගැවසෙන ලෙස අමතර ආදායම් මාර්ග හිමි කරයි.අසල්වැසියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අඹුසැමි ගැටලුවක් නිරාකරණය වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සමාජ සේවා කටයුතු මෙන්ම, ආගමික කයුතු කෙරෙහි ද වැඩි කාලය, ශ්‍රමය යෙදවීමට සිදුවේ. හදිසියේ හට ගන්නා යටිබඩේ වේදනාවකට ප්‍ර‍්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේදී පවුලේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - දම් 

සුබ දවස -  බදාදා

 

වාහන මිලදී ගැනීමක් 

අලුත් සැලසුම් කීපයක් ආරම්භ කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි.අමතර වගකීම් කීපයක් තමා පිට පැවරෙන කාලයකි. එමෙන්ම සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. මෙතෙක් අවහිරතා ගෙන දුන් පෙම් සබඳතාවයක් නැවත ඇරඹීමට මඟ සැලසේ. රාත්‍රී ගමන් බහුලකරන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සහෝදර පක්ෂය හා එකතුව අලුත් කටයුතු කීපයක් ඇරඹීමට මඟ සැලසේ. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමුවන බවක් පෙනේ. සති අන්තයේදී වාහන මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි. 

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - රතු

සුබ දවස -  බ්‍රහස්පතින්දා

 

වැයපස අධිකය 

අවිවේකී ලෙස උදාවන මේ සතියෙ මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන කාලයකි. වැඩිහිටි ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වේ.

 පවුලේ කෙනෙකුගේ හදිසි ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. සතිය මැද කාලයේදී දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අතමිට මුදල් ගැවසෙන කාලයක් වුවත් වැයපස අධික වීමට ඉඩ ඇත. පියාට හෝ පියපස ඥාතියෙකුට අපල ගෙනෙන කාලයකි. 

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - රෝස

සුබ දවස -  සඳුදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>   

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.