අගෝස්තු 14 සිට අගෝස්තු 20 දක්වා

අගෝස්තු 14, 2020

ඥාති උපකාරයක් 

වෘෂභ ලග්න හිමි ඔබට මේ සතිය උදාවන්නේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරමිනි. තමාගේ නොසැලකිල්ල හා අපරීක්ෂාකාරි බව හේතුවෙන් නොසිතූ අනතුරු, ආබාධයකට මුහුණ පෑමට සිදුවේ. සැර උෂ්ණාධික ආහාර ගැනීම හේතුවෙන් ශරීර සෞඛ්‍ය පිළිබඳ ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවේ. පවුලේ සතුට සාමයට බාධාවන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට  ඉඩ ඇත. එමෙන්ම ළඟම ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. මව්පස ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පෙම්වතුන්ට යහපත් කාලයක් වන අතර මව්පිය ආශිර්වාද හිමිවන ලකුණුද පෙන්නුම් කරයි. 

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස -  සඳුදා

විවාහ ගිවිස ගැනීමක් 

විශේෂ වරප්‍රසාද කීපයක් සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. තමා කරන කියන දේ නිසා අත්වැරදිමක් සිදුවීමෙන් මානසික අසහනාරි බවක් ඇති කරයි. පාදයේ වළලු කර ආශි‍්‍රතව හටගන්නා වේදනාකාරි බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. විදෙස් හිතවතෙකුගෙන් තමාට ලැබෙන්න තිබූ වාසි කීපයක් මඟහැරී යන කාලයකි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විවාහ ගිවිස ගැනීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.තනතුරු ලාබ අපේක්ෂියත්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පවුලේ කෙනෙකුගේ ඈත්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. 

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස -  සිකුරාදා

ගේ දොර අලංකාරය 

අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. හදිසි වියදමක් දැරීමට සිදුවන සතියකි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. මවගේ අසනීප තත්ත්වයවක් හේතුවෙන් රොහල් ගතවීමක් සිදුකරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. තමා සොයාගෙන එන හිතවතෙකු නිසා නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට මඟ සැලසේ. ආර්ථික අතින් පාඩු සිදුකරන කාලයකි. වාහන හුවමාරුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවේ. 

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස -  සඳුදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.