පෙබරවාරි 08 සිට පෙබරවාරි 14 දක්වා

පෙබරවාරි 8, 2019
මේෂ
 
මානසික අවිවේකය 
 
එදිනෙදා කටයුතු කරගෙන යාමේදී වරින්වර බාධා මතුවන කාලයක් වන අතර සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. දරුවන්ගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. එමෙන්ම පවුලේ ළඟම ඥාතියෙකුගේ අසනීපකාරි බවක් දුරදිග යයි. වෘත්තිය සහ රැකිරක්ෂා කටයුතු අතපසු විය හැකි කාලයකි. මානසික අවිවේකය ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවිය හැකි බවක් පෙනේ. විදෙස්ගත හිතවතෙකුගෙන් උපකාරයක් හිමිකරයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. යටපත් වූ අසනීපයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරිවීම වැදගත් වේ. 
 
අය 07 - වැය 04
ජය අංකය - 07
ජය වර්ූණය - කොළ
සුබ දවස -  බ්‍රහස්පතින්දා
 

වෘෂභ
හදිසි මුදල්  වැයවීමක් 
අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. දැඩි තීරණ කීපයක් හේතුවෙන් පවුලේ අසමගිතාවයට හේතු ඇතිවේ. එමෙන්ම පවුලේ වගකීම් පැහැර හැරීමක්ද සිදුවීමට ඉඩ ඇත. නීති විරෝධි කටයුතු කීපයකට සම්බන්ධ විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. යටපත් වූ මුත්‍රා ආබාධයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක් ඇතිකරයි. මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපයක් දුරදිග යෑමට ඉඩ ඇත. ව්‍යාපාර ලාබ හිමිකම්වලට බාධාකාරි බවක් ඇති කරයි. නොසිතූ ලෙස හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සති අන්තයේදී දරුවෙකුගේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. පැරණි හිතවත්කමක් අලුත් කරන කාලයකි. 
 
අය 07 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - නිල්
සුබ දවස -  බදාදා
 

මිථුන
විවාහයට  බාධා 
 
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වියදම් වැඩිකරන කාලයක් වන අතර, නිතර ඇවිදිලි වැඩිකරන කාලයක් බවද පෙන්නුම් කරයි. හිතුමතයට කටයුතු කිරීමෙන් පවුලේ වැඩිහිටියෙකු සමඟ ගැටලුවක් ඇති කර ගනී. සාර්ථක වූ විවාහ යෝජනාවකට බාධා කීපයක් පැන නැගීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. නිතර නිවසට යන එන කෙනෙකු පිළිබඳ කල්පනාකාරිවන්න. ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු ඇති කරයි. ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ කටයුතු කීපයක් ඇරඹේ. 
 
අය 08 - වැය 07
ජය අංකය - 05
ජය වර්ූණය - ලා දම්ි
සුබ දවස -  බ්‍රහස්පතින්දා

කටක 
තනතුරු  මාරුවක් 
 
නිතර ඇවිදිලි ඇතිකරන කාලයක් වන අතර සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල සිදුවනු ලබයි. වගකීම් වැඩිකරන කාලයක් වන අතර, පවුලේ කටයුතුවලින් ඈත් වී සිටීමටද සිදුවේ. හදිස්සියේ මුණගැසෙන හිතවතෙකු නිසා විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. 
දරුලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන්න. ශාස්ත්‍රීය කටයුතුවලින් වාසි රැසක් අත්කරයි. එමෙන්ම අතමිට මුදල් ගැවසෙන කාලයක් බවද පෙන්නුම් කරයි. විවාහ ගිවිසුමකට බාධාකාරි වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ඥාති සොහොයුරෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. තනතුරු මාරුවක් හේතුවෙක් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. 
 
අය 06 - වැය 04
ජය අංකය - 09
ජය වර්ූණය - ලා නිල්
සුබ දවස -  සඳුදා
 

සිංහ 
සිතේ නොසන්සුන්තාවයක් 
 
අවිවේකී සතියක් වුවත් වැඩකටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට වෙහෙසක් දැරිය යුතු කාලයක් වන අතර සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. වරින් වර පවුලේ ආරවුල්කාරි තත්වයක් ඇති වුවත් ඒවා සමතයකට පත්කරගැනීමට හැකිවෙයි. ආගමික සැලසුමක් උදෙසා දුර පළාතකට යාමට මඟ සැලසේ. එමෙන්ම අලුත් ඥාති මිත්‍රාදීන් දැන ගඳුනාගැනීමට අවස්ථාව උදාකරන කාලයකි. යටපත් වූ කකුලේ වේදනාවක් නැවත මතුවිය හැකියි. අඹුසැමි විශ්වාසයට බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරි වන්න. පවුලේ වගකීමක් තමා පිට පැවරෙන බවක් පෙනේ. දරුවෙකුගේ කටයුතු කීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. 
 
අය 08 - වැය 07
ජය අංකය - 03
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස -  බ්‍රහස්පතින්දා
 
 

කන්‍යා
විදෙස් ලැබීම් 
 
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳුග්‍රහයා 6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ගැටලු කීපයක් විසඳා ගැනීමට අවස්ථාව සැලසේ. ගේ දොර කටයුතු අධික කරන කාලයක් වන අතර, පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමටද අවස්ථාව උදාකරයි. වෘත්තිමය කටයුතු කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකියි. විදෙස් ගත හිතවතෙකුගෙන් උපකාරයක් සැලසේ. අමතර ලැබීම්වලට බාධාගෙන දෙන මාර්ග කීපයක් ඇති කරයි. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට මඟ සැලසෙන කාලයකි. 
 
අය 07 - වැය 04
ජය අංකය - 02
ජය වර්ූණය - කොළ
සුබ දවස -  ඉරිදා
 

තුලා 
පොළොවෙන් වාසි 
 
අවිවේකී සතියක් වුවත් වැඩකටයුතු ක්‍රමවත් කරගැනීමට වෙහෙසක් දැරිය යුතු අතර සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ තරමක් දුරට ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. එමෙන්ම දරුවන්ගේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානයක් යොමු කරන්න. උනන්දුව හා කැපවීම මත කටයුතු කිපයක් සාර්ථක කරගැනීමට හැකිවෙයි. පොළොව සම්බන්ධ කටයුතු වලින් වාසි සැලසෙන කාලයකි. යටපත් වූ විවාහ යෝජනාවක් නැවත සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. උෂ්ණාධික රෝග වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වලින් පරිස්සම් වන්න. අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති යම් යම් බාධා අවහිරතා මඟහැරී යන ලකුණු පෙනේ. 
 
අය 06 - වැය 05
ජය අංකය - 09
ජය වර්ූණය - කොළ
සුබ දවස -  සිකුරාදා
 

වෘශ්චික
රැකියා ලාබ 
 
මිශ්‍රඵලදායක සතියක් වන අතර සඳුගේ ගමන 4,5,6 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නැතිවූ දෙයක් නැවත ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයකි. පියපස ඥාතියෙකු පිළිබඳ සිත් කලකිරෙන පුවතක් අසන්න ලැබේ. ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස අධික වන බවක්ද පෙනේ. ප්‍රභූ පක්ෂය හා ඇසුරට අවස්ථාව උදාකරයි. රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දු වන්න. ගේ දොර කටයුතු ඉවසීමෙන් කළ යුතු කාලයකි. රැකියාවට අමතර මාර්ගවලින් ආදායම් හිමිවන කාලයකි. විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වියදම් වැඩිකරයි. නීති කටයුතු වලින් සහන හිමිකරන කාලයකි. 
 
අය 06 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස -  සිකුරාදා
 

ධනු 
වාහන හිමිකම් 
 
මිශ්‍රඵලදායක ලෙස සතිය ආරම්භවන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. ලැබීම් අතින් යහපත් කාලයක් වුවද තමා නොසිතූ ලෙස වැයපස අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙනු ඇත. එමෙන්ම තම අලංකාරය පිරිසුදු බව වෙනුවෙන්ද වෙනදාට වඩා වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. හිතවතුන්ගෙන් තෑගි භෝග හිමිකරන කාලයකි. ගණිත අංශයේ කටයුතු වලින් උසස් ජයග්‍රහණ හිමිකරයි. එහෙත් සතිය මැද කාලය වනවිටදී පියාගේ හෝ පියපස ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. තම ආහාරපාන පිළිබඳ මෙන්ම පවුලේ අයගේ ආහාර පිළිබඳවද සැලකිලිමත් වන්න. පැරණි හිතවත්කම් අලුත් කරන කාලයකි. වාහන ලැබීමකටද හිමිකම් ඇත. 
 
අය 08 - වැය 07
ජය අංකය - 04
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස -  බ්‍රහස්පතින්දා
 

මකර 
මුදල් හුවමාරුවක් 
 
ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි .වෙනදා මෙන් සිතේ නිදහසින් කටයුතු කිරීමට බාධාගෙන දෙන සතියකි. ගේ දොර වැඩ කටයුතු මෙන්ම වැඩිවගකීමක්ද තමා පිට පැවැරෙන බවක් පෙනේ. හිතවතෙකු සමඟ මුදල් හුවමාරුවකට කටයුතු සැලසේ. මව්පස ඥාතියෙකු සමඟ සිත්කලකිරීමක් ඇති කරයි. රැකියා ස්ථානය සම්බන්ධ කටයුතු පිළිබඳ ප්‍රමාදතා ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. සතිය මැද කාලයේදී යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකියි. යන එන ගමන් පිළිබඳ කල්පනාකාරි වන්න. අසල්වාසීන්ගෙන් දෝෂාරෝපණ ඇසීමට සිදුවන කාලයකි. 
 
අය 07 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - කහ
සුබ දවස -  ඉරිදා

කුම්භ 
සහෝදර උපකාරයක් 
 
ගැටලු කීපයක් දුරදිග යමින් සතිය ආරම්භවන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. එමෙන්ම ගේ දොර කටයුතු කෙරෙහි වෙනදාට කැපවීම් වැඩි කරයි. මුදල් අඩුපාඩුවක් හේතුවෙන් ගැටලු කීපයක් දුරදිග යන බවක් පෙනේ. දේපල ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. රැකියා ස්ථානය සම්බන්ධ ඇතිවන අවිවේකී බව හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවේ. නිතර ආගමික සහන පතන කාලයකි. දරුවෙකුගේ කටයුතු වෙන්වෙන් කැපවීම් වැඩිකරයි. පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් පවුලේ ගැටලු කීපයක් පැන නැගේ. 
 
අය 08 - වැය 04
ජය අංකය - 02
ජය වර්ූණය - ලා දම්ි
සුබ දවස -  බ්‍රහස්පතින්දා
 

මීන
ගනුදෙනුවක්  නිරවුල් 
 
පැවැති ගැටලු කීපයක් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන මේ සතියේ මීන ලග්න ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර ලැබීම් හිමිකරන කාලයක් වන අතර, පවුලේ කෙනෙකු සම්බන්ධ සතුටුදායක පුවතක්ද අසන්න ලැබේ. නීති පිහිට පතමින් සිටි දේපල ගනුදෙනුවක් නිරවුල් කරගැනීමට හැකිවන කාලයකි. එහෙත් පවුලේ කෙනෙකු නිසා විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. තනතුරු ලාබ හිමිකරන කාලයක් බැවින් රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි. සතිය මැද කාලයේදී දතක හට ගන්නා වේදනාවක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයකි. වාහන ගනුදෙනුවක් හෝ අලුත් වාහනයක් මිලදී ගැනීම සම්බන්ධ බලාපොරොත්තු ඉටු කරයි. 
 
අය 07 - වැය 06
ජය අංකය - 03
ජය වර්ූණය - කොළ
සුබ දවස -  ඉරිදා
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.