වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
නෙප්චූන් සමඟ සටනින් සිකුරු ජයගනී
පෙබරවාරි 01 වැනිදාට යෙදෙන ශනි දින රාත්‍රී 10.04ට සිකුරු නැප්චූන් ග්‍රහ ගැටුමෙන් සිකුරු ග්‍රහයා ජය ලබන්නේය.
ඒ මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු සහ මීන ලග්න හිමියන්ට මාලවී යෝගය ද, මේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලට මහෞෂධ යෝගය ද සියලුම ලග්නවලට ගුරු සිකුරු පරිවර්තන යෝගය ද යෙදී තිබියදීය. මාලවී යෝගය ඇති ලග්න හිමියන්ට ධනය, බලය, ප්‍රසිද්ධිය, ජය සතුට සහ දියුණුව ද මහෞෂධ යෝගය ඇති ලග්න හිමියන්ට ගෞරවය සහ වස්තුව දේපළ ආදී ලැබීම් ද ඇති කරයි. ගුරු සිකුරු පරිවර්තන යෝගය ඒ ඒ ලග්නවලට ගුරුගේ හා සිකුරුගේ සුබාසුබ බලපෑම් අනුව පලාපල දෙයි.
මෙය මේ වසරේ ඇති වන දෙවැනි ග්‍රහ යුද්ධය ලෙස සඳහන් කළ හැකිය. එසේම මේ ග්‍රහ යුද්ධය අතිශය බිහිසුණු ස්වරූපයක් ගනිමින් ජනජීවිත ආශි‍්‍රත ක්‍රියාකාරකම් උඩු යටිකුරු කෙරෙන ගොමරිටි හඳුනා ගැනෙන, තිරිවානගල් මතුවන ග්‍රහචාරයක් උදා කරයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, නාවික, ගුවන්, මහාමාර්ග, ජනමාධ්‍ය, තැපැල්, අධිකරණ, බන්ධනාගාර ආශ්රිත ගැටලු මතුවන කාලයකි. කාලගුණික, දේශගුණික විපර්යාස ඇති කෙරේ. දේශපාලනික, ආර්ථික, සාමාජීය නොසන්සුන්තා නිර්මාණය වීමෙහිලා බොහෝ ඉඩකඩ පවතී.
ලොව පුරා ගිනිගැනීම්, ගිනිතැබීම්, ගිනිකඳු, පුපුරායාම්, දූෂණ, භීෂණ, දික්කසාද, නඩුහබ, වර්ජන, අතුරුදන් වීම්, අණපනත්, උද්ඝෝෂණ, ළමා අපචාර, කාමාපරාධ, ගබ්සා කිරීම්, පවුල් අරගල, අභිචාරිකා ආයතන බිහිවීම, මත්පැන්, මත්කුඩු, වසවිෂ වැනි විෂමචාරි හැසිරීම් පෙබරවාරි පළමුවැනි දින ග්රහගැටුම් ආශි‍්‍රතව ගෙන දෙන අනිෂ්ඨ ඵල විපාක වන්නේය.
නෙප්චූන්ගේ පරාජිත බව අබිරහස් කුමන්ත්‍රණ බහුලව මතු වීමේ සහ ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් නිර්මාණය වීමෙහිලා ඉඩකඩ සපයන්නේය.