නව වසරට විෂ්ණු-ලක්ෂ්මී ආශිර්වාදය ලබා ගන්න

ජනවාරි 3, 2025

ලබන්නා වූ 2025 නව වර්ෂය සෞභාග්‍යමත් කර ගැනීම අප සැමදෙනාගේම ඒකායන ප්‍රාර්ථනාවයි. අරමුණයි. පෙර වසරේ සිදු වූ වැරැදි නිවැරදි කරගෙන තිබූ අඩු ලුහුඬුකම් මඟ හරවාගෙන ආර්ථිකමය වශයෙන් වර්ධනයක් ලබාගෙන සෞභාග්‍යමත් දිවි පෙවෙතක් ලබා ගැනීම ඔබ අප කාගේත් අදිටනයි.

එසේනම් එයට අත්වැලක් වශයෙන් මහා ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ සහ ශ්‍රීකාන්තා දේවිය නැතිනම් මහා ලක්ෂ්මී දේවියගේත් ආශිර්වාදය ලබාගෙන සියලු අපල කරදර ග්‍රහ දෝෂ ගුප්ත දෝෂ දුරුකරවාගෙන නව වසර සෞභාග්‍යමත් කර ගැනීමට ත්‍රිමුර්තියේ ලොව පැවැත්ම රඳවාගෙන සිටින්නා වූ මහා ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ටත් ශ්‍රී සෞභාග්‍යයට අධිපති මහා ලක්ෂ්මී දේවියටත් නිවැරදිව පූජා පවත්වන අයුරු මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

ලබන නව වසරේ ප්‍රථම ශනි දින වන ජනවාරි මස 04 වැනි ශනි දින පූර්වභාග 07.30ට පමණ මේ පූජාව ආරම්භ කරන්න.

මෙයට වරු තුනකට පමණ පෙර නිවෙස පිරිසුදු කර මස් මාංශ ආදිය නිවසින් පිටකර කහ පැණින් නිවෙස මෙන්ම පුජාව සඳහා භාවිත කරන්නට අපේක්ෂා කරන කාමරය හෝ සාලයද පිරිසුදු කර ගැනීම වැදගත් වේ.

නිවැසියන්ද වරු තුනක්වත් අවම වශයෙන් මස් මාංශ කිළිකුණු ආදියෙන් වැළකීම වඩාත් යහපත් වේ. පසුව පූජාව පවත්වන ස්ථානයේ උඩුවියන් බැඳ ගන්න. මේසයක් ගෙන එය උඩට (එම ස්ථානයේ ඊශාන දිශාවේ පූජාසනය තනා ගන්න.) පිරිසුදු සුදු තිරයක් එලාගෙන ඒ මත කෙසෙල් පත් අතුරා ගන්න. ඉන්පසු බුලත් අතක් ගෙන ඒ මත අතුරන්න. ලද පස් මල් ඒ මත අතුරා ශ්‍රී විෂ්ණු දෙවියන්ගේත් මහා ලක්ෂ්මී දේවියගේත් රූප හෝ ප්‍රතිමා ඒ මත තැන්පත් කර ගන්න.

පසුව නිල්මල්, පිච්චමල්, සුදු නෙළුම් මල්, නිල්මානෙල් මල් 09 බැගින් පූජාසනය මත අතුරා සකස් කර ගන්න.

රතු රෝස මල් මාලාවක්, පිච්චමල් මාලාවක්, නිල්මල් මාලාවක් සාදා නිල් මල් මාලාව ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ රූපයටත් රතු රෝස හා පිච්චමල් මාලාව මහා ලක්ෂ්මි මෑණියන්ගේ රුවටත් පලඳවන්න.

නිල් හා ළාරෝස පැහැති තිර දෙකක් ගෙන පූජාසන මත තැන්පත් කරගන්න. බෙලිපත්, නාපත්, බෝදළු, පුවක් මල්, තුල්සිපත්‍ර (මදුරුතලා) ද ගෙන පූජාසනය සකසා ගන්න.

පූජාව සඳහා සුවඳැල් කෙසෙල් ගෙඩි විසි එකක ඇවරියයි. රන්තැඹිලි ගෙඩියයි (සොයාගත නොහැකි නම් තැඹිලි ගෙඩි 01) දොඩම්, නාරං, බෙලි, දිවුල්, අඹ යන පලතුරු ද කැවිලි වශයෙන් කිරිබත්, අග්ගලා, මුං කැවුම්, අතිරස, තල කැරලි, උක් හකුරු, සූකිරි, හබල පෙති ගන්න. එසේම මී පැණී, පිනිදිය, විළඳ, ගිතෙල්, කපුරු, හඳුන්කූරු, බුලත් 21 පඬුරු 21 බට නලාව, නෙළුම් කොළ 2, කොහොඹ තෙල්, හක්ගෙඩියක්ද සකසා ගන්න. පූජා වට්ටි ද පිරිසුදුව සකසාගෙන පූජා කරන්න.

නෙළුම් කොළ එලා ඒ මත කොහොඹ තෙල් පහන් දල්වන්න. හත් වරක් පෙරාගත් පිරිසුදු පැන් බඳුන් 02ක් ද පූජා කරන්න. ඉන්පසු මහා ශ්‍රී විෂ්ණු දෙවියන්ට සහ මහා ලක්ෂ්මී දේවියට පහත දැක්වෙන ස්තෝත්‍ර, අෂ්ටක ප්‍රකාශ කරමින් ලබන්නා වූ නව වසරේ ඔබගේ සියලු ග්‍රහ දොස් අපල පිරිපත පිස හැර දියුණුව සමෘද්ධිය රැකවරණය ලබාදෙන මෙන් පවසන්න.

ශ්‍රී විෂ්ණු දෙවි ස්තෝත්‍ර

වන්දේ මුකුන්ද මරවින්ද - දලායතාක්ෂං
කුන්දෙන්දු - ශංඛදශනං ශිෂුගොපවේෂම්
ඉන්ද්‍රාදී දෙවඟන - වනදිත - පාද පීඨං
වෘන්දාවනාලයමහං වසුදෙවසුනුම්

ශ්‍රීවල්ලභේති වරදෙති දයාපරෙති
භක්තිපි‍්‍රයෙති භවලුණ්ධනකොවිදෙති
නාථෙති නාගශයනෙති ජගන්නිවාසෙ
ත්‍යාලාපිනං ප්‍රතිදිනං කුරු මාං මුකුන්ද

ජයතු ජයතු දෙවො දෙවකීනනන්දනො යං
ජයතු ජයතු කෘෂෙණා වෘෂණිවංශප්‍රදීපඞ
ජයතු ජයතු මේඝෂ්‍යාමලං කොමලාංගෝ
ජයතු ජයතු පාථවීහාරනාශො මුකුන්දං

මුකුන්ද මුර්ධනා ප්‍රණිපත්‍ය යාචෙ
භවන්තමෙකාන්තමියන්තමර්තම්
අවසමෘතිසත්වචචරණාරවින්දො
භවේ භවේ මෙසතු තව ප්‍රසාදාත්
ශ්‍රී ගොවින්දපදාමෙහාජමධුනො මහදද්භූතම්
යත්පායිනො න මුඤචනති මුඤචනති යදපායිනඞ

නා' හං වන්දේ තව චරණයොදර්වන්දවමද වන්දවහෙතොං
කුමහීපාකං ගුරුමපි හරෙ නාරකං නා' පනෙතුම්
රම්‍යාරාමා - මෘදුතනුලතානන්දනෙ නා’පි රනතුං
භාවෙ භාවෙ හෘදයභවනෙ භාවයෙයං භවනතම්

නා’ සථා ධර්මේන වසුනිචයෙ නෛව කාමොපභොගෙ
යදභාව්‍යං තදභවතු භගවන්! පූර්වකර්මානුරූපම්
එතත් ප්‍රාථQං මම බහුමතං ජන්ම ජනමාන්තරෙ’පි
ත්වත්පාදාමෙහාරුයුගගතා නිශචලා භකතිරසතු
දිවි වා භුවි වා මමා සතු වාසෝ
නරකෙවා නරකාන්තකං ප්‍රකාමම්
අවධීරිතශාරදාරවින්දෞ
චරණෞ තෙ මරණෙප විචින්තයාමි

සරසිජනයනේ සශංඛචක්‍රෙ
සුරහිද මා විරමෙහ චිත්ත රනතුම්
සුඛතරමපරං න ජාතු ජානෙ
හරිචරණසමරනාමෘතේන තුල්‍යම්

මාතෛර්මන්ද විචිනත්‍ය බහුධා යාමිශ්විරං යාතනා
නෛවාමී මනෝ ප්‍රවදන්ති පාපරිපවඞ ස්වාමි තනු ශ්‍රීධරඞ
ආලස්‍යං ව්‍යපනීය භක්තීසුලභ ධ්‍යායසව නාරායණං
ලොකස්‍ය ව්‍යසනාපනොදනකරො දසස්‍ය කිං න ක්ෂමා
භවජලධිගතානං දවන්දවවාතාහතානාං
සුත දුභිතෘ - කලත්‍ර - ත්‍රාණ - හාරාවෘතානානම්
විෂම - විෂය තොයෙ මජ්ජතාමප්ලවානං
භවතු ශරණමෙකො විෂණුපොතො නරාණම්

රජසි නිපතානා මොහජාලාවෘතානාං
ජනන - මරණ - දොලා - දුර්ගසංසර්ගගාණම්
ශරණමශරණානාමෙක එවාතුරාණං
කුශලපථ - නියුක්තශ්චක්‍රපාණිනර්ණාම්
අපරාධ සහස්‍රසංකුලං පතිතං භීමභවාර්ණවොදරෙ
අගතිං ශරණාගතං හරෙ කෘපයා කෙවලමාතමසාත් කුරු

මා මෙ සත්‍රීත්වං මා ච මෙ ස්‍යාත් කුහාවො
මා මුඛර්ත්වං මා කුදෙශෙෂු ජන්ම
මිථ්‍යාදෘෂ්ටිර්මා චා මේ ස්‍යාත් කදාවිද්
ජාත ජාතෝ විෂෟණු භකේතා භවෙයම්
කායෙන වාචා මනසේන්ද්‍රියෛර්වා
බුද්ධ්‍යා තමනාවා ‘නුසෘතඞ ස්වභාවාත්
කරොමී යද්‍යත් සකලං පරසෛව
නාරායණායෛව සමර්පියාමි

යත් කෘතං යත් කරිෂ්‍යාමි තත්සර්වං න මයා කෘතම්
ත්වයා කෘතන්තු ඵලබුක් ත්වමෙව මධූසුදන
භවජලධිමගාධං දුසතරං තිසතරෙයං
කථමහමිති චෙතො මා සම ගාඞ කාතරත්වම්
සරසිජදෘශි දෙවෙ තාරකී භක්තිරෙකා
නරකහිදි නිෂණ්ණා තාරයිෂ්‍යත්‍යවශ්‍යම්

තෘෂණාතොයො මදනපවනොදධූතමොහොර්මිමාලෙ
දාරාවර්තේ තනයසහජ - ග්‍රාහසංඝාකුලෙ ච
සංසාරාඛ්‍යෙ මහති ජලධෞ මජ්ජතාං නස්ත්‍රිධාමන්
පාදමෙහාජෙ වරදහවතොභක්තිභාවං ප්‍රදෙහි
පෘථවී රෙණුරණුඞ පයාංසි කණිකාඞ ඵලගුඞ සඵුලිංගො ලඝු
සෙතජො නිඞශවසනං මරුතත්තනුතරං රන්ධ්‍රං සුසූක්ෂමං නහඞ
ක්ෂුද්‍රා රුද්‍රපිතාමහප්‍රහෘතයඞ කීටාඞ සමසතාඞ සුරාඞ
දෘෂ්ටා යත්‍රස තාරකො විජයතේ ශ්‍රී පාදධූලිකණඞ
ආමනායාභ්‍යසනාන්‍යරණ්‍යරුදිතං කෘචඡුව්‍රතාන්‍යන්වහං
මෙදචෙචෙඡදපදානි පූර්තවිධයං සර්වංහුතං භසමනි
තීර්ථානාමවගාහනානි ච ගජසනානං විනා යත්පදං
දවන්දවාමෙහාරුහසංසතුතිං විජයතෙ දෙවඞ ස නරායණඞ

ආනන්ද ගෝවින්ද මුකුන්ද රාම නාරායණානන්ත නිරාමයෙති
වකතුං සමර්ථොපි නවකති කශ්විදහො ජනානාං ව්‍යසනානි මෝක්ෂේ
ක්ෂීරසාගරතරංග - සිකරාසාර - තාරකිතවාරුමුර්තයෙ
භොගීභොග - ශයනීයශායිනෙ මාධවාය මධවිදවිෂෙ නම


මහා ලක්ෂ්මී අෂ්ටක



පීනා කූච හස්තායන කේශ නීල වර්ණං
පීනා ශසී සෞම්‍ය චක්‍ර දේහ භෙම වර්ණං
දීර්ඝා නයනා නීලොත්පල පත්‍රජ වර්ණං
ශ්‍රී කාන්තා ප්‍රනමං මීත ආයුෂ ආරක්ෂං

දීර්ඝාංගුලි අර්ධාංශශිනා ලලාට දෙශං
ශංඛා ඉව ස්වර්ණ වර්ණ රුචිර කණ්ඨ දෙශං
වක්‍රා ඉව ශ්‍රෝණි දෙශ කාශ මධ්‍ය දෙශං
වක්ෂ ස්ථල වාස භූත ශ්‍රී දදාතු සෞඝ්‍යං

ශ්‍රද්ධා මන බද්ධා ගුණ ලද්ධා සත් කීර්තිං
බද්ධා මන නිත්‍යා පරිශුද්ධා මති ශ්‍රේෂ්ඨං
ශ්‍රද්ධා ගුණ බුද්ධි වර කෘෂ්ණ දේව රාඥං
වක්ෂ ස්ථල වාස භූත ශ්‍රී දදාතු සෞඛ්‍යං

දිව්‍යම්බික රූප ශ්‍රී විජිතෙන් ද් රික දෙහං
ලොකත්‍රය රූපාංගන ලලාට තිලකායං
නාරායන වක්ෂස්ථල නිවාසාන සාරං
ශ්‍රී කාන්තාංගනා රක්ෂතු ජීවිත බලකායං

ශ්වේත පත්ම හස්ත ධාරි පද්මාසන යුත්තං
සත්‍යා වචනෙ කදම්භ අම්බුජ වන වාසං
කන්‍යා කුංජර චාමර ශ්වේත වර්ණ ඡත්‍රං
වාස භූත ශ්‍රී දේවි ආතුර ආරක්ෂං

දන්තා පන්ති කෛරව වර්ණ මුක්ක හාරං
කර්ණාභරණා ස්වර්ණා හස්තදාම හෙමං
ජංගං උරු ස්වර්ණාරම්භ කත්ව සදාශං
ලක්ෂ්මි අභිධාන දේවි රක්ෂ රක්ෂ නිත්‍යං

රක්තොත්පල පත්‍රාංගුලි නීලොතාල නෙත්‍රං
ස්වර්ණංකුස නාසා ඉශෙවාලං ධම්මිල්ලං
වජිරාමණී වර්ණා නඛ විංශති පි‍්‍රය චාරං
ලක්ෂ්මී කුරු ශාන්ති තව රෝග දුක්ඛ හරණාත්

නාරායන දේවරාජ පි‍්‍රයම්භිකා දෙවිං
රොගාතුර රොග දුක්ඛ මර්දන කෘත්‍යුං
ශ්‍රීකාන්ති සෞඛ්‍යා සම්පත් දදාති කායන්
රක්ෂ රක්ෂ අප්‍රමාණ මෛත්‍රී පූර්වකායං
මේ ආකාරයෙන් නිවැරැදිව පිළිවෙත් ප්‍රතිපත්ති රකිමින් ගුප්ත විද්‍යානුකූලව මෙම විෂ්ණු ලක්ෂ්මී පූජාව සිදු කිරීමෙන් ඔබගේ නව වසරේ නව ගමන්මග සෞභාග්‍යමත් කර ගන්නට මහඟු ආශිර්වාදයක් ලැබෙනු නියතය.

2025 නව වසර ඔබ සැමට සියලු බාධක දුරලා යහපත් ධාර්මික අරමුණු සඵල කරගත හැකිවන සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.