සතියේ පඤ්චාංගය

ජූලි 21, 2023

ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 05 භාග ඇසළ පුර ජලවක තිථිය ලත් කිවි දින සිට එම රවි 11 භාග ඇසළ පුර දසවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – කටක

කුජ – සිංහ

බුධ – කටක (25 දා අලුයම 04.32 සිංහ)

ගුරු – මේෂ

ශුක්‍ර – සිංහ (වක්‍ර)

ශනි – කුම්භ

රාහු – මේෂ

කේතු – තුලා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි – පුෂ

කුජ – මා (23 දා අලුයම 12.02 පුවපල්)

බුධ – අස්ලිස (25 දා අලුයම 04.32 මා)

ගුරු – බෙරණ

ශුක්‍ර – මා

ශනි – සියාවස

රාහු – අස්විද

කේතු – සිත

යුරේනස් – කැති

නැප්චූන්– උත්‍රපුටුප (26දා සවස 04.39 පුවපුටුප)

 

පෝය

ජූලි 25 අඟහරුවාදා සවස 03.06න් පුර අටවක ලබා 26 බදාදා සවස 03.48න් ගෙවේ. 25 අඟහරුවාදා සිල්

 

 

චන්ද්‍ර චාරය

22 දා රාත්‍රි 11.42 කන්‍යා

25 දා දහවල් 11.10 තුලා

27දා රාත්‍රි 07.23 වෘශ්චික

 

 

දිනූ තත්ත්වය

ජූලි 21 සිකුරාදා

කටක රවි 05 භාග ඇසළ පුර ජලවක තිථිය ලත් කිවිදින ඉර උදාව 06.03 ඉර බැසීම 06.31 මා නැකත දහවල් 01.59න් ගෙවී පුවපල් නැකත ලබයි. ඇසළ පුර තියවක තිථිය උදේ 07.00න් ගෙවී පුර ජලවක තිථිය ලබයි. ව්‍යාතිපාත යෝගය දහවල් 12.24න් ගෙවී වාරියන් යෝගය ලබයි. ගරජ කරණය උදේ 07.00න් ගෙවී වණිජ කරණය ලබා එය රාත්‍රී 08.14න් ගෙවී විෂ්ටි කරණය උදාව පවතී.

විෂ කලාව – නාසය

අමෘත කලාව – දණහිස

මරු – ගිනිකොන

යෝගිනී – නිරිත

සුබ දිසාව – නැඟෙනහිර

 

ජූලි 22 සෙනසුරාදා

කටක රවි 06 භාග ඇසළ පුර විසේනිය තිථිය ලත් ශනි දින ඉර උදාව 06.03 ඉර බැසීම 06.31 පුවපල් නැකත සවස 04.58න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. ඇසළ පුර ජලවක තිථිය උදේ 09.27න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. වාරියන් යෝගය දහවල් 01.24න් ගෙවී පරිඝ යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 09.27න් ගෙවී බව කරණය ලබා එය රාත්‍රී 10.38න් ගෙවී බාලව කරණය උදාව පවතී.

විෂ කලාව – ඇස

අමෘත කලාව – ලිංග, යෝනි

මරු – නැඟෙනහිර

යෝගිනී – දකුණ

සුබ දිසාව – උතුර

 

ජූලි 23 ඉරිදා

කටක රවි 07 භාග ඇසළ පුර සැටවක තිථිය ලත් රවි දින ඉර උදාව 06.03 ඉර බැසීම 06.31 උත්‍රපල් නැකත රාත්‍රී 07.46න් ගෙවී හත නැකත ලබයි. ඇසළ පුර විසේනිය තිථිය දහවල් 11.45න් ගෙවී පුර සැටවක තිථිය ලබා පවතී. පරිඝ යෝගය දහවල් 02.15න් ගෙවී ශිව යෝගය ලබයි. බාලව කරණය දහවල් 11.45න් ගෙවී කෞලව කරණය ලබා පවතී.

විෂ කලාව – කන

අමෘත කලාව – පෙකණිය

මරු – උතුර

යෝගිනී – බටහිර

සුබ දිසාව – දකුණ

 

ජූලි 24 සඳුදා

කටක රවි 08 භාග ඇසළ පුර සතවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.03 ඉර බැසීම 06.31 හත නැකත රාත්‍රි 10.10න් ගෙවී සිත නැකත ලබයි. ඇසළ පුර සැටවක තිථිය දහවල් 01.41න් ගෙවී පුර සතවක තිථිය ලබයි. ශිව යෝගය දහවල් 02.49න් ගෙවී සිද්ධ යෝගය ලබයි. කෞලව කරණය රාත්‍රි 12.47න් ගෙවී තෛතිල කරණය ලබා එය දහවල් 01.41න් ගෙවී ගරජ කරණය උදාව පවතී.

විෂ කලාව – බැම

අමෘත කලාව – ළැම

මරු – වයඹ

යෝගිනී – වයඹ

සුබ දිසාව – දකුණ

 

ජූලි 25 අඟහරුවාදා

කටක රවි 09 භාග ඇසළ පුර අටවක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.03 ඉර බැසීම 06.31 සිත නැකත දවස පුරාම යෙදී පවතී. ඇසළ පුර සතවක තිථිය සවස 03.06න් ගෙවී පුර අටවක තිථිය ලබා පවතී. සිද්ධ යෝගය දහවල් 02.58න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. ගරජ කරණය අලුයම 02.30න් ගෙවී වණිජ කරණය ලබා එය සවස 03.06න් ගෙවී විෂ්ටි කරණය උදාව පවතී.

විෂ කලාව – නළල

අමෘත කලාව – තනය

මරු – බටහිර

යෝගිනී – ඊසාන

සුබ දිසාව – දකුණ

 

ජූලි 26 බදාදා

 

කටක රවි 10 භාග ඇසළ පුර නවවක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.30 සිත නැකත අලුයම 12.01න් ගෙවී සා නැකත ලබයි. ඇසළ පුර අටවක තිථිය සවස 03.48න් ගෙවී පුර නවවක තිථිය ලබයි. සාධ්‍ය යෝගය දහවල් 02.35න් ගෙවී ශුභ යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 03.36න් ගෙවී බව කරණය ලබා එය සවස 03.48න් ගෙවී බාලව කරණය උදාව පවතී.

විෂ කලාව – හිස් මුදුන

අමෘත කලාව – ගෙල

මරු – නිරිත

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

 

ජූලි 27 බ්‍රහස්පතින්දා

කටක රවි 11 භාග ඇසළ පුර දසවක ලත් ගුරු දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.30 සා නැකත අලුයම 01.08න් ගෙවී විසා නැකත ලබයි. ඇසළ පුර නවවක තිථිය සවස 03.43න් ගෙවී පුර දසවක තිථිය ලබයි. ශුභ යෝගය දහවල් 01.34න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. බාලව කරණය අලුයම 03.57න් ගෙවී කෞලව කරණය ලබා එය සවස 03.43න් ගෙවී තෛතිල කරණය උදාව පවතී.

විෂ කලාව – හිස

අමෘත කලාව – නාසය

මරු – දකුණ

යෝගිනී – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.