වසර දෙකකට පසු ලග්න තුනක් බලවත් කරමින් අඟහරු කටකයේ නීච වෙයි

ඔක්තෝබර් 4, 2024

වෘෂභ, කන්‍යා, කුම්භ ලග්න තුනට මහත් සුබපල උදා කරමින් සෞරග්‍රහ මණ්ඩලයේ සටන්කාමියා ලෙස සැලකෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළැඹෙන 20 වැනිදා සවස 2.22ට කටක රාශියට පැමිණේ.

කටක රාශියේ දී කුජ ග්‍රහයා නීච වේ. කුජ ග්‍රහයාගේ නීච වීම ඉහත ලග්න තුනට සුබපලත් මිථුන, සිංහ ලග්නවලට මධ්‍යම පල සහ මේෂ, කටක, තුලා, වෘශ්චික, ධනු, මකර, මීන ලග්නවලට මිශ්‍ර පලත් උදා කරනු ඇත.

මාස එකහමාරක පමණ කාලයක් එක රාශියක කුජ ග්‍රහයා ගමන් කරන මුත් රාශිය අගට යන තෙක් ගමන් කර වක්‍ර වී යළි ආපස්සට ගමන් ගනී. නිවෘත වී නැවතත් ඉදිරියට ගමන් ගනී. එබැවින් මාස 5 - 7 අතර කාලයේ එම වක්‍ර ගමන සිදු කෙරේ.

කුජ ග්‍රහයාගේ වක්‍රවීම සිදු වන්නේ අවුරුදු 2කට වරක්ය. කුජ ග්‍රහයාගේ අපල වැඩිපුර බලපවත්වන්නේ රාශියට ඇතුළු වූ මුල් දිනවලය.

කුජගේ නීච වීමෙන් බලපෑම් ඇති අයට 2024 ඔක්තෝබර් 20 සිට 2025 ජූනි 07 දක්වා කාලය කුජගේ අපල කාලය වශයෙන් හැඳින්වේ.

එයට හේතුව ඔක්තෝබර් 20වැනි දින සවස 02.22ට කටක රාශියට පැමිණෙන කුජ ග්‍රහයා දෙසැම්බර් මස 07වැනි දින උදේ 04.54ට වක්‍ර ගමන පටන් ගැනීමය. එදින සිට 2024.12.17 දක්වා ගමන් කරන විට දෙසැම්බර් මස 17 දින උදේ 04.30ට කුජ ග්‍රහයා අස්ත වන අතර 2025 ජනවාරි 21වැනි දින උදේ 10.04ට කුජ ආපස්සට ගොස් මිථුනයට පැමිණේ. 2025 පෙබරවාරි මස 24 වැනි දින උදේ 07.31ට කුජ ග්‍රහයා නැවත තම නිවෘත ගමන පටන් ගනියි. ඉන්පසු 2025.04.03 දින අලුයම 01.28ට නැවත කටක රාශියට පැමිණේ.

2025 ජූනි මස 07වැනි දින පෙ.ව. 02.12ට නීච ගමනින් සම්පූර්ණයෙන් ඉවත් වී සිංහ රාශියට ගමන් ගන්නා තුරු කුජගේ නීච වීමෙන් අපල ඇති වන බව ඡ්‍යොතිෂයේ පිළිගැනීමයි. එය තමන්ගේ උපන් වේලාවේ ඇති වෙනත් ග්‍රහ සංයෝග ආදිය අනුව වෙනස් විය හැකිය.

කුජගේ අපලය බලපවත්වන බව දළ වශයෙන් හෝ මෙහි සඳහන් වන අය විසින් කළ යුතු යාග හෝම පවතී. මේ යාග හෝමවලින් තමාට හැකි පමණින් 3ක් හෝ 4ක් හෝ කිරීම යහපති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.