වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
සිංහල අලුත් අවුරුදු උත්සව සඳහා අප හැමෝම වගේ සහභාගි වී ඇත. එහිදී ඔබ දැක ඇති තරග ඉසව්වක් වන කොට්ටා පොර තරගය මඳකට සිහියට නඟා ගන්න. බොහෝ අවස්ථාවලදී සමහර...
2023-06-22 18:30:00
“එක යම රජ අණ නළ අං අවාකර” යැයි කීමෙන් අ අපායක්ෂරයක් කොට තිබෙන්නේ ඇයිදැයි සිතිය යුතුය. සමස්ත ඡ්යොතිෂයම ශබ්ද ශාස්ත්‍රයම එහි සියුම් වූ උමා ඡ්‍යොතිෂයෙහි...
2023-06-22 18:30:00
වැඩ කිරීම සතුට කරගත් ග්‍රහලොව කම්කරු සෙනසුරු පසුගිය ඉරිදා සිය වක්‍ර ගමන ඇරඹීම, එක් එක් ලග්න හිමියන් වෙත කෙසේ බලපානු ඇත් දැයි විග්රහ කර බලමු....
2023-06-22 18:30:00
“ආයුබෝවන් රණතුංග මහත්මයා, කාලෙකට පස්සෙ දකින්න ලැබීමත් සතුටක්” යයි කියමින් සිරිසේන මහත්මයා, ඔහුගේ මිත්‍රයා පිළිගත්තේ පසුගිය සතියේ සෙනසුරාදා උදය...
2023-06-15 18:30:00
මිථුන, කන්‍යා, ධනු, මීන රාශි හිමියනට භද්‍රා යෝගයකුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි හිමියනට සස යෝගයරාශි දොළසටම රවි, බුධ ආධිත්‍ය යෝගයපංච කල්‍යාණි ගැහැනු...
2023-06-15 18:30:00
නොසන්සුන්තා වැඩි වේහදිසි අනතුරු ඉහළ යාමක් සොර සතුරු කරදර උග්‍රවේ මත් උවදුර හිස ඔසවයිපරිසරයේ අඳුරු බව තවදුරටත් බෝවන රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩි වීමක්...
2023-06-15 18:30:00
ඕනෑම ගුරුකමක් කරන කොට අවශ්‍ය දිෂ්ටි මන්ත්‍ර, ජප මන්ත්‍ර කරන කොට කුමක් හෝ සලකුණක් පෙනෙනවා. ඒ දිෂ්ටිය පැමිණීමේ සංකේතය. ඒකට බය වන්න එපා. උදාහරණයක්...
2023-06-08 18:30:00
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 4 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා...
2023-06-08 18:30:00
ගවයාගේ රාශියට අයත් වන්නේ 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021 වසරවලදී උපන් පුද්ගලයන් ය, චීන ජ්‍යෝතිෂයේ දෙවැනි රාශිය වන්නේ ගවයාගේ...
2023-06-01 18:30:00
යෝගයක් කිව්වේ එකකට තව එකක් මිශ්රවීමක් කියන එක. ශරීරයේ කිසියම් කොටසක් පරීක්ෂා කළාම ඉදිරි කාලයෙදි හැදෙන රෝගයක් හෝ රෝග ගැන දියුණු වෛද්‍ය විද්‍යාවෙන්...
2023-06-01 18:30:00
සත්‍ය ලෙස හෝ කල්පිතයක් ලෙස හෝ ඔබ මා අසා ඇති සිදුවීමක් තමයි එක් හොරෙක් යම් පුද්ගලයෙක්ගෙන් මුදල් පසුම්බියක් සොරාගෙන දුවන කල ඔහු අල්ලා ගැනීමට...
2023-06-01 18:30:00
ලග්න 11කට සුබ පල තුලාවට මිශ්‍ර පල යන්ත්රසූත්ර, කොන්ත්‍රාත් වැඩවලට යහපත් මාර්ග, ගුවන්, ජලාශ ආශි‍්‍රත දරුණු අනතුරු ජුනි 4 අලුයම...
2023-06-01 18:30:00
ඡ්‍යොතිෂයේ ආරම්භය පිළිබඳ ලියැවුණු පොතපත ආදිය පසුගිය ලිපියේ අපි කතා කළෙමු. මේ එහි ඉතිරි කොටසයි.ජ්‍යොතිෂ් ශාස්ත්‍රය කෙසේ පැවතෙන්නක්ද? -11 කොටසවේද...
2023-05-25 18:30:00
කාලසර්ප යෝගය ගැන වැඩිපුරම කතා බහ කරන්නට හා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට මේ රටේ ජනයා පෙලඹුණේ ඡ්‍යොතිෂ පුවත්පත් ආරම්භ වීමත් සමඟ බව පැහැදිලි වේ. 60...
2023-05-25 18:30:00
චීන රාශි චක්‍රයේ රාශි සතුන්ගෙන් සංඛේතවත් වේ. ඒ අනුව එහි පළමු වැනි රාශිය වන්නේ මීයා ය. මීයාගේ වසරක උපන් අය මීයාගේ රාශියට අයත් වේ. 1936, 1948, 1960,...
2023-05-25 18:30:00
බොහෝ අයගෙන් ආ පැමිණිල්ලක් තමයි ඒ ගුරුකම හරි ගියේ නැහැ කියන එක. ඔබ කොච්චර මැතිරුවත් ඒවා දැන් කඩවල තිබෙන සාමාන්‍ය ලුණු නම් ගුරුකම අහක යනවා. ඒවා වල...
2023-05-25 18:30:00