බුධ - යුරේනස් ජුනි 05 සටන් වදී

ජුනි 2, 2023

ලග්න 11කට සුබ පල තුලාවට මිශ්‍ර පල යන්ත්‍රසූත්‍ර, කොන්ත්‍රාත් වැඩවලට යහපත් මාර්ග, ගුවන්, ජලාශ ආශි‍්‍රත දරුණු අනතුරු

 

ජුනි 4 අලුයම නැගෙනහිර අහසේ බුධ සහ යුරේනස් නිරීක්ෂණය කළ හැකිය.

 

 

ජූනි 04 වැනිදා ඉරිදා අලුයම 4.20 සිට පැය එකහමාරක පමණ කාලයක් බුධ හා යුරේනස් ග්‍රහයන් නැඟෙනහිර ක්ෂිතිජයේ දැකගත හැකි වනු ඇත. කොළඹට පවසා ඇති ඉහත වේලාවට සාපේක්ෂව අනෙක් පළාත්වල ද එම දර්ශනය ඉර උදාවට පෙර නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. මෙය දුරේක්ෂයක් මඟින් හෝ සාමාන්‍ය දුරදක්නයකින් වුව දැකගත හැකි වනු ඇත. යුරේනස් ග්‍රහයාගේ දකුණු පස අංශක 2 කලා 54කින් බුධ ග්‍රහයා ගමන් කරනු දැකිය හැකිය.

ජූනි 05 දා එකම රාශියක එකම අංශයක ගමන් කරන්නාවූ යුරේනස් සමඟ එකිනෙකා අභිබවා ගමන් කිරීම හේතුවෙන් බුධ ග්‍රහයා මෙන්ම යුරේනස්ද දැඩි පීඩාවකට පාත්‍රවීමක් සිදු වනු ඇත. ඥානකාරක බුධ ග්‍රහයා මර්දනය වෙමින් යන්ත්‍ර සූත්‍ර කාර්මික ඥානය, තාක්ෂණික දැනුමට අධිපති ඉන්‍ද්‍ර හෙවත් යුරේනස් ජයගනු ඇත. යුරේනස් ග්‍රහයාගේ බලපෑම් මධ්‍ය ස්නායු පද්ධතිය, උසස් ඥානය හා විවිධ පර්යේෂණ සඳහා විචාර බුද්ධියක් ලබා දෙන බව පැවසේ. එමෙන්ම අහඹු විනාශවීම්, නොසිතූ අහිතකර බලපෑම් ක්ෂණිකව ඇති කරවන බවක් යුරේනස් ග්‍රහයා නියෝජනය කරයි. ගංගා, වැව්, පොකුණු ජලාශි‍්‍රත ස්ථානයන්හි ස්නානයෙන් වැළකී සිටීම දරු දැරියන්ට අතිශයෙන් වැදගත් වෙයි. මී, කුරුළු ඩෙංගු උණ සහ පැපොල, කම්මුල්ගාය වැනි වසංගත රෝගාබාධ දස දෙස පැතිර යයි.

මහාමාර්ග, ගුවන් සහ ජලාශ ආශි‍්‍රත මාරාන්තික විපත් බහුල කෙරෙනු ඇත. අපචාර ද බහුල විය හැකිය. කොන්ත්‍රාත් කටයුතුවල යෙදෙන්නන්ට වාසිදායක ය. නව ව්‍යාපාර කටයුතු ආරම්භයට යහපත් කාලයකි. අනියම් සබඳතා, දූෂණ, ආවේගශීලි ක්‍රියාකාරකම්, සබඳතා, මඟුල් තුලා ආදිය ද බහුලවිය හැකි සමයකි. කාලගුණික, දේශගුණික විසමතා මෙන්ම ගැටවර වියෙහි දඩබ්බරකම් වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී විජිත ඩී. ලියනආරච්චි

 

 

මේෂ රාශිය

නීච භංග රාජයෝගය උදාවෙමින් යන්ත්‍ර සූත්‍ර කාර්මික ක්ෂේත්‍රයෙහි මෙන්ම පදිංචි ස්ථානගත දියුණූුවක් මතු කෙරෙනු ඇත. ආරම්භ කරන ලද කටයුතු උසස් දියුණුවකට පාත්‍ර කෙරෙයි.

වෘෂභ රාශිය

වෘෂභ රාශි හිමියාට 10 වැන්නෙහි සස යෝග බලයද නීච භංග රාජයෝග බලය ද ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වෙයි. කොන්ත්‍රාත් කටයුතු ඉතාම සාර්ථක කෙරෙන බවක් පෙනී යන්නේය.

මිථුන රාශිය

මිථුන රාශි හිමියනට ද විවිධ රැකියා ආදායම් මාර්ග සතුටුදායක බවකට පත්වෙයි. නීචභංග රාජ යෝග බලය නිසා උත්සාහය, උනන්දුව වඩවා දියුණුව ගෙන දෙයි.

කටක රාශිය

නීච භංග රාජයෝග බලය මත රැකියා ආදායම් මාර්ග බොහෝදුරට සඵල වෙනු පෙනී යයි. නව ආදායම් මාර්ග ඇතිවී කටයුතුවල දියුණුව සැලසෙයි. අභියෝග මැඩගෙන අභිමාර්ථයන් සපථ කරගනු ඇත.

සිංහ රාශිය

01,08,12 ස්ථානවල නීච භංග රාජ යෝගය ප්‍රබලව ක්‍රියාත්මක වෙයි. ඉහළ විජයග්‍රහණ ලැබීමේ මංපෙත් දියුණූු වෙයි. තමන් සමඟ කටයුතු කරන්නන් හට ඉදිරියට යෑමට අතහිත ලබා දෙයි.

කන්‍යා රාශිය

ප්‍රමාද වුණ කල් ගතවූ අවහිර බාධක යෙදුණ සබඳතා මෙන්ම විවාහ මංගල කටයුතු විශිෂ්ට අයුරින් සාර්ථකත්වයට ද නැඹුරු කෙරෙනු ඇත. නීච භංග රාජයෝග බල වර්ධනය වෙමින් ජීවිතය සාර්ථකත්වයට පත් කෙරෙයි.

තුලා රාශිය

අවබෝධ කර ගැනීමට දුෂ්කර වූ මානසික තත්ත්වයන් ඇති කරයි. වෙළෙඳ ප්‍රජාවට නීචභංග රාජයෝග දැඩිසේ ක්‍රියාත්මක වෙයි. උද්‍යෝගය, උත්සාහය, මොහොතින් මොහොත දුබලතා වේ. සමඟි සමාදානකම් දෙදරයි.

වෘශ්චික රාශිය

01,05,09 ධර්ම කෝණගත නීච භංග රාජයෝගය, රැකියා ආදායම් මාර්ග, දියුණු කරයි. සස යෝග බලය නිසා ආරම්භ කර තිබූ කටයුතු නව ජීවන ගමන්මඟකට අවශ්‍ය පරිදිම කළමනාකරණය කරගත හැකිවෙයි.

ධනු රාශිය

නීච භංග රාජයෝග බලය නව නිර්මාණශීලි වූ ගමන් මාර්ගයකට සිත යොමු කරයි. පොත්පත් ලිපි ලේඛණ, ආශි‍්‍රත කටයුතු කෙරෙහි වඩාත් යොමු වෙයි.

මකර රාශිය

නිර්මාණශීලි වූ මකර රාශි හිමිකරු කෙරෙහි සොර සතුරු බලවේගයන් මතුවිය හැකිය. නීචභංග රාජයෝගයක් 03,07,11 කාම කෝණගතව ප්‍රබලව ක්‍රියා කෙරෙයි. මඟුල් තුලා කටයුතු අතිශය සාර්ථක කෙරෙන බවක් පෙනෙයි.

කුම්භ රාශිය

ලග්නගත සස යෝග බලය ද 01,06,10 අර්ථ කෝණය ආශි‍්‍රතව නීච භංග රාජයෝග බලය උදාවීමද බොහෝදුරට ජීවිතය සාර්ථකත්වයට හේතුවන කරුණු රැසකට අවස්ථාව උදාකරයි.

මීන රාශිය

01,05,09 ආශි‍්‍රතව නීච භංග රාජයෝග බලය ද ප්‍රබලව යෙදෙණු පෙනෙයි. උසස් දාර්ශනික සිතැඟියාවන් සාර්ථක කෙරෙයි. නිර්ණාමික සොර සතුරු බලවේග ක්‍රියාත්මක විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.