වශී ගුරුකම්

මැයි 26, 2023

බොහෝ අයගෙන් ආ පැමිණිල්ලක් තමයි ඒ ගුරුකම හරි ගියේ නැහැ කියන එක. ඔබ කොච්චර මැතිරුවත් ඒවා දැන් කඩවල තිබෙන සාමාන්‍ය ලුණු නම් ගුරුකම අහක යනවා. ඒවා වල අයඩින් මිශි‍්‍රතයි. අයඩින් මුහුදෙන් ගත් හැටියෙන් මිශ්‍ර කරනවා. ඒක නිසා අයඩින් මිශ්‍ර නැති ලුණු අමාරුවෙන් හෝ හොයාගන්න.

වශී ගුරුකම් කිවුවාම ඔබට මතක් වන්නේ කවුද, කොහෙද කියල මට හිතාගන්න අමාරුයි. ඒ වුණාට මට නම් මතකයට එන්නේ ‘වලපනේ’ ප්‍රදේශයයි. ‘හුලවාලි’ නැත්නම් ‘රොඩී’ කියන අයවයි. ඒ කුලයට අයත් නැති අයත් ඒ කුලයට ගිහිල්ලා ඒ කියන්නෙ තාවකාලිකව කුලය ආරෝපණය කරල රස්සාව නිසා. පුදුම වශී ගුරුකම්නේ ඒ අය කරන්නේ.

 

තරහ වෙලා අත්හැර ගිය අය පිටරට හිටියත් පැය 2 විනාඩි 45ක් තුළ ගෙන්වා දෙනවාලු. ඒ කාලේ ලංකාවේ ප්‍රසිද්ධ කුංකුනාවේ හාමුදුරුවන්ටත්, කොන්ඩදෙණියේ හාමුදුරුවන්ටත් බැරි වුණ දේවල්නෙ මේ අය කරන්නේ. ඒ එක්කම මේ අය කියනවා ඒ අයගේ පරම්පරාවේ අය නොකළ ඒ ඒ පොත්වල සඳහන් ගුරුකම් තමයි කරන්නෙ කියලා. නැවත වරක් කියනවා අපේ අප්පච්චිලාගේ ගුරුකම් කරනව කියනවා. ටිකක් විපරමින් බැලුවාම අප්පච්චිල එහෙම ගුරුකම් කරලත් නැහැ. ඒ අය කරල තිබෙන්නෙ දුම්කොළ වගාව. මුදල් අරගන්නෙන් නැතිව පූජා භාණ්ඩවලට විතරක් රුපියල් 10000/- හෝ 15000/-ක් විතර යනවලු.

අපි එකක් කියන්න ඕනෑ. මේ හුලවාලි ගුරුකම්, රොඩී ගුරුකම් හරි විදිහට කළොත් ඇත්ත තමයි. හැබැයි ඔක්කොම කරන්නෙ බොරු. කිසිම දෙවි කෙනකුගෙන් වශී ගුරුකම් කරන්න බැරි බව වගකීමෙන්ම කියනවා. හුලවාලි මන්තරයෙන්ම තමයි කරන්න ඕනෑ. ගුරුකම් කරන්න කිසිම දෙවියෙක්ගේ රූප ඕන නැහැ. තිබ්බට වැඩකුත් නැහැ. රූප බන්ධනයට අවශ්‍ය කෙනාගේ රූපය හිතට වැටුණම හොඳටම ඇති. මේ ළඟකදී ඒ රැහේ ඉන්න අයෙක් මට හමුවුණා. එයාගේ වැඩය කරගෙන මට ලොකු විස්තරයක් කිවුවා. එකම අරමුණ රැවටීම හා මුදල් ගැරීම. වශී ගුරුකමකින් අපි කැමැති කැමැති අය වශී කරගන්න බැහැ. එහෙම පුළුවන්නම් මේ වගේ සටහන් ලියන්නෙත් නැහැ. වශී ගුරුකම්ම කරල පොහොසත් වනවා. ඒත් එහෙම බැහැ.

වශී ගුරුකම් කරන්නේ කැමැති අයව ළංකර ගන්නට නොවේ. කසාද බඳිනව කියල බොරු පොරොන්දු දීලා ඒ පොරොන්දුව හේතුවක් නැතිව වංචා කරල කඩා දමල වෙන කෙනෙක් සමඟ ඇසුරක් තිබෙනව නම් හෝ තබා ගැනීමට යනව නම් පමණක් වශී ගුරුකම හරියනවා. ඒකත් නිවැරැදිව කරන්න ඕනෑ. ඒක කරන්නෙ දේව බලවේගයකින් නොවේ. අද්භූත මන්ත්‍ර දිෂ්ටි බලවේගයකින්. වශී ගුරුකම කරන්නෙ කාටද ඇයි කියල හොඳට තේරුම් ගන්න ඕනෑ. වශී කියන්නෙ ගැහැනු පිරිමි වශීකරන එකම විතරක් නොවේ.

මාතාංගේෂ්වරිය හොඳ වශී යන්ත්‍රයක්. ඒක සර්ව වශියක්. ඕනෑම කෙනකුට ඕනෑම දෙයකට එක වගේ ගුණ දෙන කිළි කුණු නැති යන්ත්‍රයක්. ඒක මතුරන කොටත් ලකුණු එනවා. මේ යන්ත්‍රය සර්ව වශියක් වුණාට මතුරන කොට රූප බන්ධනය හා නාම බන්ධනය ඇතුළු කළොත් ඒක කිසියම් කෙනකුට පමණක් වශී කෙරෙනවා. මේ යන්ත්‍රය මතුරන මන්ත්‍රය දිහා ටිකක් බලන්නකෝ.

“අයිං කලිං ශ්‍රීං භගවතෝ ශ්‍රී මාතාංගේෂ්වරී සර්වජන මනෝහරි සර්ව සත්ව වසංකරි - සර්ව සභා වසංකරි - සර්ව ස්ත්‍රී පුරුෂ වසංකරි - සර්ව යක්ෂ ප්‍රේත වසංකරී - සර්ප රෝග හරංකරි” දැන් පේනව නේද. සර්ව වශියක හැටි. හැබැයි මේ මන්ත්‍රය අගට “අමුකම්බේ වසමනාය (නාම රාජම්) කිවුවොත් කෙනෙකුට ඒ කිව්වේ නම ඇතුළත් කළ අයට සීමාවනවා.

අපි අගේ නොකළට මේ මාතාංගේෂ්වරිය හරි ප්‍රබල වශියක්. මහා කාශ්‍යප හාමුදුරුවන්ට හැම දෙනාම වශී වුණා. කොටින්ම කිවුවොත් බුදු හාමුදුරුවන්ටත් වඩා. එනිසා උන්වහන්සේ පිට පළාතක වැඩ වාසය කර කැළෑවල මිනිසුන් අඩුව ගැවසෙන ප්‍රදේශවල ජීවත්වෙලා බුදුරජුන්ගේ පරිනිර්වාණයට තමයි වැඩියේ. උන්වහන්සේ පාවිච්චි කළේ මේ මාතාංගේෂ්වරි මන්ත්‍ර විතරයි. සතා සිවුපාවා හිට වශී වුණා. අන්තිමේදි බුද්ධ චිතකය මේ රහතන් වහන්සේ වඩිනතුරු ඇවිළෙන්නේ නැහැ ගිනි තිබ්බට. මේ හාමුදුරුවන් ඇවිල්ලා ගිනි මන්ත්‍ර තුනක් කිවුවාම තමයි ශ්‍රී දේහයට හෝ ඇවිළුණේ. ඒ ගිනි මන්ත්‍ර අදත් පුළුන් කැබැල්ලකට මැතිරුවාම ගිනි ගන්නවා. මේ වශී මන්ත්‍ර හරි බලගතුයි.

වශී ගුරුකම කරන කොට දෙපාර්ශ්වයේ මොකක් හරි සබඳතාවක් තිබිල තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම කියන්න ඕනෑ ගුරුකම් හරියන්න දුටු පුරුද්ද, ඇසූ පුරුද්ද, කළ පුරුද්ද තිබෙන්නට ඕනෑ. ටික දවසක් හෝ ගුරුවරයෙක් යටතේ වැඩ කරන්නට ඕනෑ. ඒක බාල්දුවක් නොවේ. දවසක් හෝ ගුරු ගෝලයෙක් වෙලා ඉන්නට ඕනෑ. එතකොටයි ශාස්ත්‍රය පිහිටන්නේ.

මේ දිෂ්ටි කරන කොට ඒවා නිවැරැදිව දැනගෙක කරන්න ඕනෑ. අපි දිෂ්ටි කරන්නෙ ගැහැනු කෙනෙක්ව වශී කරගන්න නම් දිෂ්ටිය, මදන සල්ලාල දිෂ්ටිය කරන්න ඕනෑ. පිරිමි කෙනෙක් වශී කරගන්න නම් ජප මන්ත්‍රයට පෙර මදන මෝහිනීට දිෂ්ටි කරන්න ඕනෑ. ඕක පටලැවුණොත් ඉවරයි. හැබැයි ඕනෑම දිෂ්ටි මන්ත්‍රයක් දිෂ්ටි කරන කොට ටිකක් ප්‍රවේශමෙන්. මොකද දිෂ්ටි කරන්නෙ රාත්‍රී යාමයට. ගනුදෙනුව අමනුෂ්‍යයන් එක්ක නිසා බොරු කරනව නම් මේ එකක් වත් අවශ්‍ය නැහැ. නූල් පන්නන එකත් වශී ගුරුකම්වල එක පැත්තක් තමයි. හැබැයි නියම කන්‍යා නූල්ම වන්ට ඕනෑ. ඔය පුංචි අඩුවක් ඇති වශියක් හරි නොයන්න.

මේ ටික නම් කියන්නම ඕනෑ. වශී ගුරුකම් කරන කොට කෙනෙක් යාළුවෙලා ඉඳල වංචනික ලෙස තරහ වෙලා ඇය අත්හැර දාලා වෙන කෙනකු සමඟ ඇසුරක් පටන් අරං තිබෙනව නම් වශී ජපය සමඟ දිෂ්ටි මන්ත්‍ර වැඩියෙන් දිෂ්ටි කරන්න ඕනෑ. එහෙම නැතිනම් ජපය විතරක් 1800 වරක් මැතිරුවාම ඇති. ජපය ඉවර වුණාට පලිප්පු, ප්‍රාණ, ස්ඵුට කරන්න ඕන බව නැවත කියන්න ඕන නැහැනේ. ඒවා සාමාන්‍ය දේවල් නේ.

තව පුංචි එකක් කියන්නම් වශි සම්බන්ධ නොවුණත්. අනවශ්‍ය පවුල් කඩා දමන ගුරුකමක් තිබෙනව නේද ලුනු මතුරල දෙන. බොහෝ අයගෙන් ආ පැමිණිල්ලක් තමයි ඒ ගුරුකම හරි ගියේ නැහැ කියන එක. ඔබ කොච්චර මැතිරුවත් ඒවා දැන් කඩවල තිබෙන සාමාන්‍ය ලුණු නම් ගුරුකම අහක යනවා. ඒවා වල අයඩින් මිශි‍්‍රතයි. අයඩින් මුහුදෙන් ගත් හැටියෙන් මිශ්‍ර කරනවා. ඒක නිසා අයඩින් මිශ්‍ර නැති ලුණු අමාරුවෙන් හෝ හොයාගන්න. ඒ ලුනු අබ මතුරල දෙන්න. හරියට හරි.

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර, ජ්‍යෝතීර්වේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.