සතියේ පඤ්චාංගය

ජූලි 14, 2023

 

ශකවර්ෂ 1945ක් වූ මිථුන රවි 30 භාග අධි ඇසළ අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට කටක රවි 04 භාග ඇසළ පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි – මිථුන ( 17 දා අලුයම 05.07 කටක)

කුජ – සිංහ

බුධ – කටක

ගුරු – මේෂ

ශුක්‍ර – සිංහ (වක්‍ර)

ශනි – කුම්භ ( වක්‍ර)

රාහු – මේෂ

කේතු – තුලා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි – පුනාවස ( 20 දා සවස 04.55 පුෂ)

කුජ – මා

බුධ – පුෂ (17 දා අලුයම 04.19 අස්ලිස)

ගුරු – බෙරණ

ශුක්‍ර – මා

ශනි – සියාවස

රාහු – අස්විද

කේතු – සිත

යුරේනස් – කැති

නැප්චූන් – උත්‍රපුටුප

 

 

 

පෝය

 

ජූලි 16 ඉරිදා රාත්‍රී 10.11න් අමාවක ලබා 18 අඟහරුවාදා අලුයම 12.04න් ගෙවේ. 17 සඳු දින සිල්.

 

 

 

චන්ද්‍ර චාරය

15 දා දහවල් 11.25 මිථුන

17 දා රාත්‍රී 10.34 කටක

20 දා උදේ 10.56 සිංහ

 

 

දිනූ තත්ත්වය

 

ජූලි 14 සිකුරාදා

මිථුන රවි 30 භාග අධි ඇසළ අව දොළොස්වක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 රෙහෙණ නැකත රාත්‍රී 10.30න් ගෙවී මුවසිරස නැකත ලබයි. අධි ඇසළ අව දොළොස්වක තිථිය රාත්‍රී 07.21න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. ගණ්ඩ යෝගය උදේ 08.29න් ගෙවී වෘධි යෝගය ලබයි. කෞලවකරණය උදේ 06.50න් ගෙවී තෛතිල කරණය ලබා එය රාත්‍රී 07.21න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව – කෙණ්ඩ

අමෘත කලාව – දණහිස

මරු – ගිනිකොණ

යෝගිනී – නිරිත

සුබ දිසාව – දකුණ

 

ජූලි 15 සෙනසුරාදා

මිථුන රවි 31 භාග අධි ඇසළ අව තෙළෙස්වක ලත් ශනි දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 මුවසිරස නැකත දවස පුරාම යෙදී පවතී. අධි ඇසළ අව තෙළෙස්වක තිථිය රාත්‍රී 08.36න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. වෘධි යෝගය උදේ 08.23න් ගෙවී ධෘම යෝගය ලබයි. ගරජ කරණය උදේ 07.55න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රි 08.36න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – දණහිස

අමෘත කලාව – කෙණ්ඩ

මරු – නැඟෙනහිර

යෝගිනී – දකුණ

සුබ දිසාව – උතුර

 

ජූලි 16 ඉරිදා

මිථුන රවි 32 භාග අධි ඇසළ අව තුදුස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 මුවසිරස නැකත අලුයම 12.26න් ගෙවී අද නැකත ලබයි. අධි ඇසළ අව තුදුස්වක තිථිය රාත්‍රී 10.11න් ගෙවී අව අමාවක ලබයි. ධෘම යෝගය උදේ 08.34න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 09.21න් ගෙවී ශකුණකරණය ලබා එය රාත්‍රී 10.11න් ගෙවී චතුෂ්පාදකරණය උදාව පවතී.

විෂ කලාව – ලිංග, යෝනි

අමෘත කලාව – පතුල

මරු – උතුර

යෝගිනී – බටහිර

සුබ දිසාව – නැඟෙනහිර

 

ජූලි 17 සඳුදා

කටක රවි 01 භාග අධි ඇසළ අමාවක ලත් සඳු දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 අද නැකත අලුයම 02.41න් ගෙවී පුනාවස නැකත ලබයි. අධි ඇසළ අමාවක තිථිය දවස පුරාම යෙදී පවතී. ව්‍යාඝාත යෝගය උදේ 08.59න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. චතුෂ්පාදකරණය උදේ 11.06න් ගෙවී නාගකරණය ලබා පවතී.

 

විෂ කලාව – පෙකණිය

අමෘත කලාව – මාපටැඟිලි

මරු – වයඹ

යෝගිනි – ඊසාන

සුබ දිසාව – නැඟෙනහිර

 

ජූලි 18 අඟහරුවාදා

කටක රවි 02 භාග ඇසළ පුර පෑළවිය ලත් කුජ දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 පුනාවස නැකත අලුයම 05.12න් ගෙවී පුෂ නැකත ලබයි. අධි ඇසළ අව අමාවක තිථිය අලුයම 12.04න් ගෙවී ඇසළ පුර පෑළවිය තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය උදේ 09.37න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. නාගකරණය අලුයම 12.04 ගෙවී කිංස්තුංගකරණය ලබා එය දහවල් 01.07න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – ළැම

අමෘත කලාව – මාපටැඟිලි

මරු – බටහිර

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – උතුර

 

ජූලි 19 බදාදා

කටක රවි 03 භාග ඇසළ පුර දියවක ලත් බුධ දින ඉර උදාව 06.03 ඉර බැසීම 06.31 පුෂ නැකත උදේ 07.59න් ගෙවී අස්ලිස නැකත ලබයි. ඇසළ පුර පෑළවිය තිථිය අලුයම 02.12න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී. වජ්‍ර යෝගය උදේ 10.26න් ගෙවී සිද්ධි යෝගය ලබා පවතී. බවකරණය අලුයම 02.12න් ගෙවී බාලවකරණය ලබා එය සවස 03.22න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව – තනය

අමෘත කලාව – පතුල

මරු – නිරිත

යෝගිනී – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

 

ජූලි 20 බ්‍රහස්පතින්දා

කටක රවි 04 භාග ඇසළ පුර තියවක ලත් ගුරු දින ඉර උදාව 06.03 ඉර බැසීම 06.31 අස්ලිස නැකත උදේ 10.56න් ගෙවී මා නැකත ලබයි. ඇසළ පුර දියවක තිථිය අලුයම 04.32න් ගෙවී පුර තියවක තිථිය ලබා පවතී. සිද්ධි යෝගය දහවල් 11.23න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. කෞලවකරණය අලුයම 04.32න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 05.46න් ගෙවී ගරජ කරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – කෙණ්ඩ

මරු – දකුණ

යෝගිනී – ගිනිකොණ

සුබ දිසාව – උතුර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.