වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න...
2021-05-06 18:30:00
සෑම නිවසකම පාහේ බිත්තිවල එහා මෙහා යන හූනන් දකින්නට පුළුවන. හවස හය, හත පමණ වන විට බිත්තියේ දුවමින් කුඩා සතුන් ගොදුරු කර ගනියි. මේ අවස්ථාවල සමහර...
2021-05-06 18:30:00
ජීවිතයේ ප්‍රශ්න ඇතිවූ විට කේන්ද්‍රය පරීක්ෂාකර ගැනීමට යෑම බොහෝ දෙනකුගේ සිරිතක්. මේ අන්දමට හොඳ නරක බලවා ගන්න ගියාම කබලෙන් ලිපට වැටෙන වාරද නැත්තේ ම නොවේ...
2021-04-29 18:30:00
මැණික් වාසනාව උදා කරන ග්‍රහයන් අතර භූමිපුත්‍ර නමින් හැඳින්වෙන කුජ ග්‍රහයාට විශේෂ තැනක් හිමිවේ. රවි, චන්ද්‍ර, බුධ, සිකුරු යන අනෙක් ග්‍රහයින්ට ද පොදුවේ...
2021-04-22 18:30:00
රටක් ජාතියක් දියුණු වෙන්නෙ දූ පුතුන් නිසා. එවගේම රටක් ජාතියක් වැනසෙන්නෙත් ඒ අය නිසාමයි. පුංචි කාලේ ඉඳලම කිසිම දෙමව්පියෙක් තම දූ දරුවන් ලොකු දුවක් හෝ...
2021-04-22 18:30:00
අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් අපි දකින සිහිනවලට ඇති බව අනාදිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. සිහිනයක් දැකීමෙන් පසු අපි ක්‍රියා කළ යුතු පිළිවෙත ද...
2021-04-22 18:30:00
අපට උරුම සිංහල බෞද්ධ සංස්කෘතියේ විවිධාකාර අංග උත්සවවලදී ප්‍රධාන තැනක් ගන්නා සුවිශේෂ සංකේතයක් ලෙස බුලත හැඳින්විය හැකිය. ඡ්‍යොතිෂයානුකූලව බුලත් කොළයට...
2021-04-08 18:30:00
සත්කලත්‍ර ,රවි ශුක්‍ර, සස, මයුරපාල, අර්ධ , කාලසර්ප, කර්මශාප, ශර්පශාපයෝග බලැතිවන සෙනසුරු ඒරාෂ්ඨකය චන්ද්‍ර ශුක්‍ර රවි චන්ද්‍ර සංයෝග , ශනි චන්ද්‍ර -රවි...
2021-04-08 18:30:00
දේහ ලක්ෂණ විද්‍යාවට ශරීරයේ සෑම කොටසක්ම අඩංගු ය. විවිධ අඟ පසඟ හා ස්ත්‍රී පුරුෂ වශයෙන් ගත්කල මේ දෙපක්ෂය තුළම වෙන් වෙන් වශයෙන් දේහ ලක්ෂණ විද්‍යාවේ පලාපල...
2021-04-01 18:30:00
අනාගත සහකරු හෝ සහකාරියගේ උස පිළිබඳව ද 7 වැන්න මඟින් අනාවරණය කර ගත හැකිය. ඒ අනුව ග්‍රහ මණ්ඩලයේ උස් ග්‍රහයන් වන රාහු, ශනි, ගුරු, බුධ යන ග්‍රහයන් වැඩි...
2021-04-01 18:30:00
මිනිසාට විමෝදාස්වාදයක්, පී‍්‍රතියක්, සැනසීමක් මෙන්ම දැනුමක් ලබාදෙන මාධ්‍යයන් අතුරින් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්රවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි...
2021-03-25 18:30:00
යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ යන ග්රහයින්ගේ ග්‍රහ ගමන අනුවද මෙම කාලසර්ප යෝගය වෙනස් වන්නේ නැත. මෙම ග්‍රහයින් තිදෙනා පෘථිවි තලයෙන් බොහෝ ඈතින් පිහිටා සිටින...
2021-03-25 18:30:00
මනුෂ්‍යයින් වශයෙන් උපත ලැබූ අපට කාගේවත් හිරිහැරයක්, කරදරයක් නැතිව ජීවත්වීමට අවස්ථාව තිබිය යුතුය. එහෙත් ඊර්ෂ්‍යාකාරි පුද්ගලයින් මනුෂ්‍යයෙක්...
2021-03-18 18:30:00
ලොව ඉපදුන හැම කෙනෙක්ම මිය යන්නට ඕන බවත් ඇතිවුණ හැම දෙයක්ම නැතිවන බවත් අපි දන්නවා. ජීවත්වන කාලය තුළදී රැස්කළ හැම දෙයක්ම අත්හල යුතු බවනෙ ඔය කියන්නෙ. ඒක...
2021-03-18 18:30:00
අප වටා කැරකෙන සෞරග්‍රහ මඩුල්ලේ ප්‍රධානියා රවි නැත්නම් අර්කඞ කියනවා. පවුලේ තාත්තා ඒ කිව්වේ සැර තාත්තා කිට්ටුවටවත් යන්න බැහැ. ඒ වගේම සැර ග්‍රහයෙක් තමයි...
2021-03-11 18:30:00
එදා පැරණි ඡ්‍යොතිෂ ඇදුරන් යෝගය හා කරණය උපරිම අයුරින් ඡ්‍යොතිෂ කටයුතුවලට යොදා ගැනිණ.සිය කෘෂිකාර්මික කටයුතු, විවාහය, නිවාස සෑදීම, වෙළඳාම, ගමන් බිමන්...
2021-03-11 18:30:00