වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
ජන්ම කේන්ද්‍රයක භෞම වශයෙන් හඳුන්වන අඟහරු අවස්ථා ගණනාවක සිටිය හැකි ය. නැකත් 27 ම නියෝජනය කළ හැකි ය. එවිට 27 ආකාරයකි. උච්චව නීචව සතුරුව, ස්වක්ෂේත්...
2021-03-11 18:30:00
ස්ත්‍රියට විවාහ කාරකයා කුජ වන විට පුරුෂයින්ට විවාහ කාරක වනුයේ ‘සිකුරුය’. පුරුෂ කේන්ද්‍රයක හත්වැන්න, හත්වැන්නාධිපති හා සිකුරු ගේ තත්ත්වය විශේෂයෙන්...
2021-03-11 18:30:00
ලග්න කේන්දරයකට ශුභ බල දෙතැයි සැලකෙන 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානාධිපතියනුත් 5,9 යන ත්‍රිකෝණ ස්ථානාධිපතියනුත් 2,11 යන ධන ස්ථානාධිපතියනුත් මුල් කරගෙන පැන...
2021-02-11 18:30:00
මිනිසුන්ට ඇතිවන ගැටලු ප්‍රශ්න බාධක බොහෝ ය. රැකියා, නඩුහබ, විවාහ ගැටලු, මිල මුදල් ගැටලු ඉන් සමහරෙකි. ඒ ඒ කටයුතු කෙරෙහි අදාළ කටයුතු සඳහා ද ණය මුදලක් හෝ...
2021-02-11 18:30:00
දෛවරේඛාවෙන් දැක්වෙන දියුණුව ප්‍රබල තත්ත්වයකට පත් කිරීමේ සුවිශේෂ බලයක් ඇති මෙම රේඛාව බොහෝ අය සලකන්නේ දෛව රේඛාවෙන් විහිද යන වාසනා රේඛාව වශයෙනි....
2021-02-11 18:30:00
මෙලොව ඉපදුන ඔබ අපි හරි වාසනාවන්තයි. නැවත නැවත නොකිව්වට දන්නවනේ මනුෂ්‍යත්වයක් ලබන්න කොච්චර පින් කරල තියෙන්න ඕනෑද කියලා. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස...
2021-02-11 18:30:00
ව්යාසකාර සෘෂීන් ලියා තබන ලද “ගරුඬපුරාණය නැමැති ග්‍රන්ථයේ සඳහන් වන ශ්ලෝක රැසකින් මෙය සකස්වී ඇත.යහපත් දිවි පෙවතකට හා දෙලොවටම සෙත සාදන “ව්‍යාසකාරය”...
2021-02-04 18:30:00
යම් ස්ත්‍රියක් මෙලොව බිහිවෙන අවස්ථාවේ ඇයගේ කෙන්ද්‍රයේ පෙන්නුම් කර ඇති ග්‍රහ සංයෝගය හා ග්‍රහ දෘෂ්ටිවල බලවේගයන් අනුව ඇයගේ පෙර භවයන්හි කළ පින් හා පව්...
2021-02-04 18:30:00
අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහයින්ගෙන් ඇතිවන ඒ ඒ දෝෂ පිළිබඳව සොයා බලන විට දී මිනිසාට ශරීර සෞඛ්‍යයට හානිකර විවිධ රෝගාබාධ ඇති වන්නේ ය. රවිගේ දුෂ්ට විපාක...
2021-02-04 18:30:00
වනරෝපා සූත්‍රයට ද අනුගතවන පරිද්දෙන් මෙතුමන් විසින් සිදුකරන්නට යන මේ මහා පින්කම ගැන පුදුමයටත්, සතුටටත් පත් ව එහි සිටි ඡ්‍යොතිෂය මනාව දත් නාහිමිපාණන්...
2021-01-28 18:30:00
මේෂ, සිංහ, තුලා, කන්‍යා හා කුම්භ යන රාශි සමූහයේ සියලුම ග්‍රහයින් පිහිටීම රාජ යෝගයකි.මිථුන, කටක, ධනු, කන්‍යා, හා මීන රාශිවල සියලු ග්‍රහයින් සමූහය...
2021-01-21 18:30:00
2021 මාර්තු මාසය ඇරඹෙන්නේ රවි, කුම්භ රාශියේ අංශක 16 කලා 21 විකලා 59 සඳු කන්‍යා රාශියේ අංශක 05 කලා 22 විකලා 48 කුජ වෘෂභ රාශියේ අංශක 03 කලා 53 විකලා 01...
2021-01-21 18:30:00
එක් වසරක් ගෙවී නව වසරක් එළඹීම සියලු ජාති ආගම් අදහන සැමටම බලාපොරොත්තු වන සෑම දේම ළඟාකර ගැනීමට හැකි වේවායි සියලු දෙනාගේම පැතුමයි. 2021 වසර යනු ශනි, කුජ...
2021-01-14 18:30:00
පාරිසරික රටාවට අනුව ජීවිත වෙනස්කම් සිදුවේ. එය වැළැක්විය නොහැකිය. එය පතිරූප දේශ වාසෝච යන්නෙන් මනාව පිළිබිඹු වේ. විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි බුද්ධියෙන්...
2021-01-14 18:30:00
සත්කලත්‍ර, රවි බුධ ආධිත්‍ය, චන්ද්‍ර මංගල, නීචභංග, ගජකේශරී, කාලසර්ප, සස, රුචක, වෙශී, වොශී, අනථා, මහාභාග්‍ය, ගුරුශනි, පංච මහා ග්රහයෝගාදී රැල්ලක්...
2021-01-14 18:30:00
ග්‍රහයා අසුබ වූ විට ඒ වෙනුවෙන් කරන ස්නානයට ග්‍රහ ප්‍රසාදය පිණිස ගනු ලබන ඖෂධ වර්ග පහත පරිදි වේ.රවි - කොට්ටම්, වැල්මී, නෙළුම් අල, එනසාල්, මනෝශීල,...
2021-01-07 18:30:00