ගජකේශර යෝගය

මැයි 14, 2021

රාජ ආශ්චර්යයෙන් අගතැන්පත්ය. ගරුගාම්භිරයි

මකරය කුජ ග්‍රහයාගේ උච්ච රාශියයි. මෙහිදී මේෂය වෘශ්චිකය. ස්වක්ෂේත්‍ර රාශි දෙක වශයෙන් සඳහන් කළ හැකිය. ජන්ම ලාභියෙකු කේන්ද්‍රයේ ශුභ ස්ථානගතව කුජ ග්‍රහයා බලවත්ව තේජවන්තව සිටින විට අනිවාර්යයෙන්ම සුබ ඵල ගෙට ගෙනවිත් දෙයි. භූත භය, එකොළහ කේන්ද්‍රයක සසදා බලන විට කුජ ග්‍රහයාට සුබ ස්ථානය එම බව හැඟී යයි. තවදුරටත් කේන්ද්‍රය විග්‍රහාත්මකව විමර්ශනයට ලක්කිරීමේදී පහ, නවය, දහය යන ස්ථානවල ද සුබඵල උදාකර දෙන බව පෙනී යයි. මේ අනුව විමසිලිමත්ව සලකා බලා පරිපූර්ණ විග්‍රහයක නිරත වීමේදී ජන්මියා මෙලොව එළිය දුටු ලග්නයේ තුන , හය, එකොළහ යන ස්ථානයක් නෑකම් කීමෙහි තේජවන්ත බලවත් වැජඹීම් තුළින් ගජකේශරී යෝගය උදා කෙරෙන බව ඡ්‍යෝතිෂයෙන් සනිටුහන් කර ඔප්පු කළ හැකිය.

ගජකේශරි යෝගය ගැන ගැඹුරට සිතා විග්‍රහයක් කර බැලීමේදී මෙය ඉතා සුබඵල දෙන ග්‍රහ යෝගයක් බව සනාථ කර ඇත. මෙම සුබ ග්‍රහ යෝගයන්ගේ ඇල්ම බැල්ම ආග්‍රහණය වන්නේ ජන්මීන්ට පමණක් නොව වෘක්ෂලතා ඒ වගේම සත්ව සංහතියට ද එකසේම බලපාන බව සඳහන් කළ හැකිය. ඔබ පොකුරු යෝග උදාකරන බව අසා ඇතිවාට සැකයක් නැත. මේවා හුඟක් දුරට බලපාන්නේ ස්වභාවධර්මයේ දායාදයක් වන ඵලවලටයි. පලතුරු වර්ග, අල වර්ග සිටුවීමට ඔබ අදහස් කරන්නේ නම් ඉන් විපුල ඵල ප්‍රයෝජන ලැබීමට නම් ඉහත කී පොකුරු යෝග ඉවහල් කරගත යුතුය. වෘක්ෂලතාදිය පමණක් නොව රඹකැන්, කෑමට ගන්නා පොල් වැනි දේ සුබ ග්‍රහයෝග පෙර නිමිති උදාවන කල පොළො වට පතිත කිරීමෙන් පසු ඒවා හැදී වැඩී එන විට ඵල හට ගන්නා විට උපරිම ඵලදාවක් මෙන්ම සාකල්‍ය වශයෙන්ම හිතට සතුට ගෙන දෙන විධියේ අස්වනු නෙළා ගැනීමට ඔබ උත්සුක වනාව නොඅනුමානය. බොහෝ අයෙක් තම ගෘහස්තයේ සතුන් ඇති කිරීම කරති. ඒවා ද සුබ මොහොතින් ඇරඹීම උන්ගෙන් ලබාගන්නා ඵල ප්‍රයෝජන අනන්ත ලෙස උකහා ගැනීමට මාර්ගයක් බව ඔබට පෙනී යයි. ඕනෑම කාර්යයක් වුව ද නැකතට පටන් ගැනීම ඉතාමත් සුලභ අත්දැකීමකි.

ගජකේශරී යෝගයෙන් උත්පත්තිය දායාද කොට ගත්තෝ සැපසම්පතින් ආඪ්‍ය ගණයේ පුද්ගලයෝ වෙති.

ඓශ්චර්යයෙන් මෙන්ම ගරු ගාම්භීර අතින් ද ඉහළ ස්ථානයක වැජඹෙති. මොවුන්ට ලැබෙන නොයෙක් අන්දමේ වස්තු අතරට රත්තරං, රිදී, මුතු, මැණික්, තඹ වැනි දේ ද එක්වන්නේ කුණු තියෙන තැනට සියලුම කුණු එකතු වන්නාසේ ය. සැමියෙක් ලබන සම්භාවනීය සෞභාග්‍ය වස්තු සම්පත් රාශියකට හිමිකම් කියන මොවුන් ඉතාමත් ආකර්ශනීය ලෙස සුඛෝපභෝගි ජීවිත ගත කරති. කොටින්ම කියනවා නම් ගජකේශරී යෝගයෙන් උපත ලැබුවෝ සකලවිධ දේවල්වලට අධිපති වන අතර ලැබීමට රුසියෝය. ශූරයෝය. නැති බැරිකම් අග හිගකම් මොවුන් හීනෙන්වත් දැක නැති අතර, හඳුනන්නේ ද නැත. දුක නොතේරේ. ලොවට නෙත් යොමුකර විමර්ශනය කර බලන විට පෙනී යන කරුණක් නම් මැණික්, මිනිරන්, සකලවිධ ලෝහයන්ගෙන් සැදුම්ලත් මහා පරිමාණයේ පතල්කරුවෝ ධන සම්පත්වලින් මිරිකී අහස උසට මාලිගා මෙන්ම ධන සම්පත් ද යෝගයන්ගෙන් ගජ කේශරී යෝගයේ අනුභාව සම්පන්න ඓශ්චර්ය බලය සාකල්‍ය ලෙසට ලබා උපන්නෝ වෙති.

මෙවන් යෝගයකට ප්‍රමාණිය යම් හෙයක් දරන්නෝ කුජ නොහොත් අඟහරු ග්‍රහයායි. පොළොවෙන් ලබන මිල මුදල් වස්තුවලට අධිපතියා කුජ ග්‍රහයායි. අඟහරුගෙන් මෙලොව බබලන ධන කුවේරයෝ එඩිතර බවින් කාර්යශූර බවින් දැඩි ආනන්දනීය උත්සාහයෙන් පරිපූර්ණය. ඔවුන්ට එඩිතර කාර්යශූර අකලංක උත්සාහන නිදන් කර ඇත්තේ කුජ හෙවත් අඟහරු ග්‍රහයා වේ. ගජකේශරි යෝගය අප්‍රතිහත ධෛර්යය ස්වභාවයයි.

අප තවදුරටත් ගජකේශර යෝගය පිළිබඳ සොයා බැලීමේදී අපට පෙනී යන තවත් උදාහරණ දැක්විය හැකිය. එකොළොස් වන ස්ථානය ට මේෂ රාශියක් නම් ජන්මියා උප්පත්තිය ලද්දේ මිථුන ලග්නයෙනි. මෙම මේෂ රාශියේම එකොළොස් වැන්නේ කුජ ස්වක්ෂේත්‍රය යෙදෙන විට ගජ කේශරි යෝගය ජන්මියාට දායාද කොට දෙයි. කුජ ග්‍රහයා උපරිම බලවත්ව මේෂ රාශියේම එකොළොස්වැන්නේ කුජ ස්වක්ෂේත්‍රය යෙදෙන විට ගජකේශර යෝගය ජන්මියාට දායාද කොට දෙයි. මේෂ රාශියේ තුන්වැන්නේ කුම්භ ලග්නයේ යෙදීම ද ගජකේශර යෝගයයි.

 

දේශමාන්‍ය

ජාත්‍යන්තර ඡ්‍යෝතිෂ විද්‍යා විශාරද

මහාචාර්ය

හේමපාල පතිරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.