බුද්ධ කාලයේ පටන් පැවත එන අනාවැකි හා සිහින පලාපල

මැයි 21, 2021

එකල ඉන්දියාවේ ආගම් හා, කුල භේදයන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබිණ. ඊට අමතරව යාග, හෝම,බලි,බිලි,ඇදහීම් ආදිය ද නො අඩුව තිබිණි. ප්‍රඥාවන්තයින්ට වඩා අඥාන මිනිසා ජීවත් වූයේ ඔවුන්ටම සීමාවූ ජන රටාවකට අනුකූලවය. මේ අතරතුර නිර්වස්ත්‍රව ජීවත්වූ අය ද සිටියහ.මේ සමයේ නමින් සුද්ධෝධන නම් දැහැමි රජෙක් විසින් රට පාලනය කෙරිණි.

 

මහාමායා නම් පින්වන්ත බිසොවුන් වහන්සේට එක්දිනක රාත්‍රියක නුහුරු හීනයක් දැක හදිසියේ ඇය අවදි වූවා ය.මේ සිද්ධිය රජතුමාට සැලවීමෙන් පසු බමුණන් මාලිගයට ගෙන්වා සිහින පලාඵල විපරම් කෙරිණි.මෙම රටේ ඉමහත් භාග්‍යය සම්පන්න වූත් පින්වන්ත වූත් දැහැමි කුමරකුගේ උත්පත්තියක පෙර ලකුණු වන්නේ යැයි ඔවුන් නිගමනය කළහ.

එක් දිනක මහාමායා දේවියට ස්වකීය දෙමාපියන් බැලීමට එහි යාම සඳහා ගමන් ඇරඹූහ.අතර මඟදී වු විලිරුදාවකින් පුරපසළොස්වක් දින විසා නැකතින් අප මහා බෝසතාණන් වහන්සේ මෙලොව එළිය දුටහ. “අග්ගෝ හමස්මිං ලෝකස්ස - ජෙට්ටෝ හමස්මිං ලෝකස්ස“ දෙවියන් පවා ප්‍රීති ඝෝෂා කළහ.පිංවත් කුමරෙක් ඉපදුණු පුවත රට පුරා ප්‍රසිද්ධ විය.කොණ්ඩඤා්ඤා, වප්ප,භද්ධිය,මහානාම,අස්සජී පස්වග මහණුන් මාලිගයට පැමිණ ඒ අයගෙන් සිවුදෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා කුමරා ගිහි ගෙයි සිටියහොත් සක්විති රජ වෙනවා ය.මහණ වුවහොත් බුදු වනවාය කීහ.කොණ්ඩඤා්ඤා නම් ප්‍රාඥයා එක් ඇඟිල්ලක් ඔසවා ඒකාන්තයෙන්ම බුදු වන බව පැවසීය. තවද සිද්ධාර්ථ නම් තැබීය.

මහණවීම වැළැක්වීමටත් තවදුරටත් ගිහිගෙයි සිටීමටත් මේ කුමරුට තුන් කාලයට වාසය කිරීමට රම්‍ය, සුරම්‍ය, සුභ නම් වු මාලිගා තුනක් සැකසීය.සියලුම අංග උපාංග යන්ගෙන් සමන්විත මේ මාලිගය තුළ මනසට අවැසි සංගීතය,වාදනය නැටීම වැනි දෑ වලින් සමන්විත කෙරිණ.මේ සියලු සැප සම්පත් පසෙක තැබු මේ කුමරා ජීවිතය ගැන කලකිරීම් රැසක් දිගේ කල්පනාවක යෙදිණ.

සියලු දෙනා සතුටු වෙමින් මාලිගයේ වර්ණවත් සාදයකි.නැටුම්, ගැයුම්,වලින් හෙබි මෙම උත්සවය අවසානයේ කුමරා නින්දට ගියේය. රාත්‍රියේ අවදිවු මෙම කුමරා දහවලේ සිටි නාට්‍යාංගනාවන්ගේ කිලිටු දර්ශනය දැක ඡන්න ඇමති සමඟ කන්ථක අශ්වයා පිට උඩ නැඟ නේරංජනා නම් නදිය අසල ස්වකීය කෙස්වැටිය කපා හිසමුඩු කර දෙවියන් විසින් ප්‍රදානය කළ සිවුරු ඇඳ එතැන් සිට භවුන් වැඩීමට පටන්ගත් සේක.සූසැට කෙලෙස් ඉක්මවා ගිය සැප සම්පත්වල අනිත්‍යභාවය මනසින් වටහාගත් අප බෝසතාණන් වහන්සේ ද සකෙලෙස් නම්වු 1.ලෝභය 2.ද්වේශය 3.මෝහය 4.මානය 5.දිට්ඨිය 6.විචිකිච්චාව 7.ථීනය 8.උද්ධච්චය 9.අහිරිකය 10.අනෝතප්පය වැනි සකල කෙලේශයන් දුරු කළ සේක.නිවන සොයන අප බෝසතාණෝ සෙනසුරු අතුරු දශා උදාවීමෙන් දුෂ්කරක් ක්‍රියා පවා කිරීමට සිදු විය.අත්තඛිලමතානු යෝගය ද කාම සුඛල්ලිඛානු යෝගයද පසෙකලා මධ්‍යම ප්‍රතිපදාව අනුව ජීවිතය සකස් කෙරිණ.

බුදු බව පතා මෛත්‍රී සහගත සිතින් කල්ගත කළ උන්වහන්සේට එක් රාත්‍රියක තණ්හා රතී,රඟා නම් මාර දූතියන්ගේ රැඟුම් අදහස් සිත් තුළ පහළ විය.ඉන්ද ජයගත් අප බෝසතුන් ලෝකයා විසින් කරන ලද නොයෙක් පූජාවන්ට සුදුසු වු බැවින්“අරහං“නම් වූහ.ආමිස ප්‍රතිපත්ති දෙකක් දේශනා කළ සේක.සියලුම දෙයින් ජයගන්නා සත්‍ය කරුණු හතරක් මුළු ලොවටම දේශනා කළ සේක.එනම් දුක්ඛ්‍ය සත්‍යය සමුදය සත්‍යය නිරෝග සත්‍යය හා දුක්ඛ්‍ය නිරෝග මාර්ගය නම් වේ.අප මහා බෝසතාණන් වහන්සේ අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත හෙයින් විජ්ජාචරණ සම්පන්න නම්වු සේක.එතකුදු නොනැවතුණු අප මහා බුදුරජාණන් වහන්සේ දීපංකර බුද්ධ ශ්‍රී මූලයෙහි පටන් විජය ශ්‍රී ජය බෝමැඩ දක්වාම ශාන්ත ගමනින් වැඩිය හෙයින්ද සත්‍ය වූද සාරවත් වූද අර්ථවත් වූද මුල මැද අග යහපත් වු අසුහාරදහසක් වු ධර්මස්කන්ධයන් දේශනා කරමින් ගමන් ගත් හෙයින් ද සුන්දර වු නිර්වාණයෙන් ගමන් ගත් හෙයින් ද “සුගත“නම් වන සේක.

සියලු ලෝකවාසීන් දුකින් මුදවන්නට වු පරම පිරිසිදු සත්‍යයක් වදාළ අප මහා බුදුරජාණන් වහන්සේ සත්ව ලෝකය,සංස්කාර ලෝකය,අවකාශ ලෝකය හා ත්‍රිවිධ ලෝකයන් සියලු ආකාරයෙන් දැන වදාළ හෙයින් “ලෝක විදූ“නම් වන සේක.ජෝතිෂ්‍යයේ හඳුන්වා දෙන පංච මහා භූතයන් භූත රූප හතරක් වශයෙන් බුදුදහමේ ද පැහැදිලි කරන්නේ 1.පඨවි නම් තද ගතිය හෝ මොලොක් ගතිය 2.ආපෝ නම් ඇලෙන ගතිය හෝ වැගිරෙන ගතිය 3.තේජෝ උණුසුම් හෝ සීතල ගතිය.4.වායෝ නම් සෙලවෙන පිම්බෙන තල්ලු වන ගතිය වශයෙන්ය.මෙම සංකීර්න වු කරුණු පැහැදිලි කිරීමක් වන බුදුදහම උන්වහන්සේ දේශනා කර ඇත්තේ බුද්ධාගම ආගමක් නොවන බවත් එය දර්ශනයක් සේ පැහැදිලි කිරීමක් වන බවත් ඉන් ප්‍රයෝජනය ගත හැකිවන්නේ ඥානයහෙවත් ප්‍රඥාව ඇති අයට මිස මිසදිටු අයට නොවන බවත්ය.පුරාණ රජ දවස ද අද මෙන් ඇතැම් මිථ්‍යා දෘෂ්ටික අයවලුන් සදාචාර සම්පන්න ජීවිත ගත කරන බව අඟවමින් රහසින් පාප ක්‍රියාවල යෙදෙයි.අප තථාගත බුදුපියාණන් වහන්සේ කිසි දිනක එවැනි ජීවිතයක් ගත නොකළ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකි.සියලු කෙලෙස් නසා රහත් භාවයට පැමිණි භාග්‍යවතුන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයකුදු කිසිම අයුරකින් වත් රහසින්වත් පව් නොකරන සේක.රාහුල කුමාරයාටත් සෝපාක පොඩි දරුවාටත් එකසේ මෛත්‍රී කළ උන්වහන්සේගේ ගුණ සමුදාය නැති කිරීමට අන්‍යය තීර්ථකයෝ චිංචිමානවිකාව, සුන්දරී වැනි අය යොදවා කීර්තිනාමය පළුදු කිරීමටත් රහසින් හෝ පව් කරන බවට සාධනය කිරීමට එක එක කූඨ මාර්ග සැකසු නමුත් ඒවා ව්‍යාර්ථ විය.එම නිසා උන්වහන්සේ“අරිහත්“නම් වන සේක.

එක් දිනක උන්වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේ අමතා ආනන්දය මම යම් කිසිදිනක පිරිනිවන් පාන බව සැල කළ සිටි බැවින් මල්ලව රජදරුවන්ගේ පුර්ණවිරිය මත සඳුන් දරින්ම ශ්‍රී සෑය සැකසිණ.කිසියම් වේලාවක මෙම දර සෑයට ගිනි ඇවිලුවේ ද ඒ කිසිදු දෙයක් නොහැකි විය.අප මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ අතර මඟ වඩින බව කිසිවෙක් නොදැන සිටියහ.උන්වහන්සේ දර සෑය ළඟට වැඩමවා එක් ගාථාවක් මිමිනුහ.දේහය උන්වහන්සේට දර්ශනය විය.දෙවන ගාථාව ද මිමිනුහ.දේහය නොපෙනී ගිය සේක.තෙවන ගාථාව ද ඉතා ශෝක බරිතව මිමිනුහ. පුදුමයකි.ක්ෂණයකින් සෑයට ගිනි ඇතුළු විය.එනම් ගිනි ජාලාවක් විය.මෙම ගාථා ත්‍රිත්වය ගිනි ගාථා වශයෙන් අදත් සඳහන් වේ.

වෙසක් පුරපසළොස්වක දින උත්පත්තිය ලැබ එවැනිම දිනක බුදුබව ලැබ එවැනිම දිනක පිරිනිවන් පෑ උන්වහන්සේ වෙනුවෙන් සියලුම බෞද්ධයන් වෙසක්පුර පසළොස්වක පොහෝ දිනය ආගමානුකූලව, ප්‍රතිපත්තිකූලව, ආමිසකූලව ඉතා ගෞරවයෙන් සමරනු ඇත.

 

 

පාරම්පරික ජෝතිෂ්‍යවේදි / ගුප්තවේදී

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.