වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂයේ ආරම්භය පිළිබඳ ලියැවුණු පොතපත ආදිය පසුගිය ලිපියේ අපි කතා කළෙමු. මේ එහි ඉතිරි කොටසයි.ජ්‍යොතිෂ් ශාස්ත්‍රය කෙසේ පැවතෙන්නක්ද? -11 කොටසවේද...
2023-05-25 18:30:00
කාලසර්ප යෝගය ගැන වැඩිපුරම කතා බහ කරන්නට හා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට මේ රටේ ජනයා පෙලඹුණේ ඡ්‍යොතිෂ පුවත්පත් ආරම්භ වීමත් සමඟ බව පැහැදිලි වේ. 60...
2023-05-25 18:30:00
චීන රාශි චක්‍රයේ රාශි සතුන්ගෙන් සංඛේතවත් වේ. ඒ අනුව එහි පළමු වැනි රාශිය වන්නේ මීයා ය. මීයාගේ වසරක උපන් අය මීයාගේ රාශියට අයත් වේ. 1936, 1948, 1960,...
2023-05-25 18:30:00
බොහෝ අයගෙන් ආ පැමිණිල්ලක් තමයි ඒ ගුරුකම හරි ගියේ නැහැ කියන එක. ඔබ කොච්චර මැතිරුවත් ඒවා දැන් කඩවල තිබෙන සාමාන්‍ය ලුණු නම් ගුරුකම අහක යනවා. ඒවා වල...
2023-05-25 18:30:00
පාසල් දරුවන් දඩබ්බර වන කාලයක්වසංගත රෝග වේගයෙන් ව්‍යාප්ත වෙයිසෞඛ්ය, අධ්‍යාපන අංශවල ව්යාකූලතාජලාශ්රිත අනතුරු බහුල වේමැයි මස 30 වැනිදා අඟහරුවාදා...
2023-05-25 18:30:00
ගිය සතියෙහි ‘යෝනි’ හෙවත් යොන් අටක් ඇති බවත් එහි නාමත් අවසාන වශයෙන් අප හඳුනාගත් බව ඔබට මතක ඇතිවාට සැක නැත. මේ අටදෙනා ගුරුලා, බළලා, සිංහයා,...
2023-05-18 18:30:00
ශක වර්ෂ 1945ක් වූ වෘෂභ රවි 05 භාග වෙසක් අමාවක ලත් කිවිදින සිට එම රවි 11 භාග පොසොන් පුර සැටවක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශිරවි -...
2023-05-18 18:30:00
ඡ්‍යොතිෂයේ කාම ත්‍රිකෝණය කිව්වාම ඔබට කිසියම් සිතුවිල්ලක් පහළ වුණා නේද?. ඔබ හිතුවා තරමක් නිවැරැදියි. ඒත් සම්පූර්ණයෙන්ම නොවේ. කාමය මනුෂ්‍ය වර්ගයාට සතා...
2023-05-18 18:30:00
ලග්න කේන්දරයක රාශි 12ක් ඇති බව අපි දනිමු. ඒ හැම රාශියක ම අධිපතියන් ඊට යාබදව ඇති රාශියේ අධිපතියන් සමඟ යෝග වීමෙන් පැන නඟින යෝග 12ක් වෙයි. මේ සමහර යෝග...
2023-05-18 18:30:00
“වයස අවුරුදු 29 යයි නේද දැන්. කඩහන්දි කාලයක් ගත කරන්නේ, අනතුරු, මාරක යෙදෙන්න පුළුවන්. විවාහ වෙන්න හොඳ නැහැ. පහන් 29ක් බෝධීන් වහන්සේට පූජා කරල මල්...
2023-05-11 18:30:00
මේ වෙසක් දිනවලදී අපට නිරතුරුවම අසන්නට ලැබෙන්නේ සුවපත්වේවා, දීර්ඝායු වේවා යන ආශීර්වාදයන්ය, දීර්ඝායු ලබන්නට පෙර පින් එකතු වී තිබිය යුතු වෙයි. පෙර...
2023-05-11 18:30:00
පරිසරයේ අඳුරු ගතිය වැඩි වෙයිආදරය-ආලය බිඳ වැටේදරුවන්ට, කාන්තාවන්ට අපලකොරෝනා, මී උණ, ඩෙංගු, පාචනය වැඩි වන ලකුණුසොරුන්-වංචනිකයන් නීතියේ රැහැනට...
2023-05-11 18:30:00
මතු සිදුවන කරුණක් සම්බන්ධයෙන් පූර්ව නිමිති ලෙසින් අද යම් යම් කරුණු පෙනීමට පුළුවන. ලොවට වැඩ සලසා සෙත සලසා මහා ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ ප්රාදූර්තභාවයේ දී...
2023-05-04 18:30:00
කාලගුණික – දේශගුණික – පාරිසරික ලෙස පීඩාකාරි තත්ත්වයක්දැඩි සුළං නිසා සයුර වියරු වීමෙන් ධීවර බෝට්ටු, යාත්‍රාවලට දැඩි හානිගම්බිම් සිසාරා ජලගැලීම් නිසා...
2023-05-05 02:30:00
ගුරු හාමී ඇද වැටුණයි කකුළු වලේහඳ හාමී බඩු කිරුවයි වෙළෙඳ සැලේරතු හාමී දබර කරයි මෝර වලේකළු හාමී නොන්ඩි ගසා වැටුණි කලේ මනමාලයා මාළු ගොඩක තනි...
2023-05-04 18:30:00
වර්තමාන සමාජයේ මුත්‍රා රෝගවලින් පීඩා විඳින ජන සංඛ්‍යාව ඉහළය. මුත්‍රා පරීක්ෂණය සඳහා රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව මඟින් එහි සත්‍යතාවය තහවුරු...
2023-04-20 18:30:00