වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
කවුද මේ අපේ කේන්දරේ ඉන්න බාධක ග්‍රහයා කියන්නේ ?බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන...
2023-07-20 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 05 භාග ඇසළ පුර ජලවක තිථිය ලත් කිවි දින සිට එම රවි 11 භාග ඇසළ පුර දසවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි – කටකකුජ –...
2023-07-20 18:30:00
සඳු වූ කල්හි ලෞකික ජීවිතය සුඛිත මුදිත කරන ග්‍රහයෙකි. ඒ අනුව ලග්න කේන්දරයක අනෙක් ග්‍රහයන් කොතරම් ප්‍රබල වුවත් සඳු ග්‍රහයා දුර්වල නම් එකී බලවත් ග්...
2023-07-20 18:30:00
අගෝස්තු 07 වැනිදා සඳුදා පෙරවරු 10. 54 සිට ඔක්තෝබර් 02දා දක්වා දින 56ක් පුරා සිකුරු කටක රාශයේ සතුරුව ගමන් කරයි. මෙය මිනිස් සිතෙහි අසාමාන්‍ය සිතිවිලි...
2023-07-20 18:30:00
ජන්ම පත්‍රයේ 5 වැනි භාවය මගින් දරුපල පෙන්වයි. මෙම භාවයට දාරක ස්ථානයයි කියන්නේ මෙය දරුවන් ගැන කියන ප්‍රධාන ස්ථානය නිසාය. එහෙත් 5 වැනි භාවය මඟින්...
2023-07-13 18:30:00
ශකවර්ෂ 1945ක් වූ මිථුන රවි 30 භාග අධි ඇසළ අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට කටක රවි 04 භාග ඇසළ පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්...
2023-07-13 18:30:00
ලොව ජනිත වන සියලුම සත්ත්වයන්ට ආදරය හෙවත් පේ‍්‍රමය හදවත තුළ ජනිත වීම ස්වභාවිකය. සමහරු ආදරය කර විවාහවන අතර, සමහරු යෝජිත විවාහයකට මුල්තැනක්දී විවාහයෙන්...
2023-07-13 18:30:00
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 8 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 9 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා...
2023-07-13 18:30:00
ආහාර මිළ පහළට ආධ්‍යාත්මික දියුණුවට නැඹුරු වේ නීතියට පිටුපාන්නෝ කොටු වෙතිඅධ්යාපන සෞඛ්‍ය ක්ෂේත්රවල නව නැම්මක් ලොව පුරා භූමිකම්පා සුළිසුළං ගංවතුර සහ...
2023-07-13 18:30:00
චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව මේ වසර ඔබට කුමනාකාරයේ සුබඅසුබ පල ගෙන දේ දැයි කුතුහලයක් ඇතිවාට සැක නැහැ. අනෙකුත් රාශි හයක පලාපල අපි ගෙන ආ බැවින් තමාගේ...
2023-07-06 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ මිථුන රවි 23 භාග අධි ඇසළ අව විසේනිය ලත් කිවිදින සිට එම රවි 29 භාග අධි ඇසළ අව එකොළොස්වක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශි...
2023-07-06 18:30:00
සෞර ග්‍රහ මණ්ඩලයේ හිරු ඇතුළු නව ග්‍රහයන්ගේ භ්‍රමණ වේගය හරහා මහ පොළොවේ සියලුම ජීවි අජීවි සත්ව හා වස්තූන්ට කිරණ ශක්තිය බලගැන් වේ. උපත ලැබූ මොහොතේ...
2023-07-06 18:30:00
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 7 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදී. අද අපි පෞද්ගලික අංක 8 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා...
2023-07-06 18:30:00
සෙනෙවිරත්න නම් තරුණයා බිරිඳ සමඟ වූ ආරෝවක් නිසා කැලෑවැදී වන සතුන් සමඟ දිවි ගෙවද්දී ධාතුසේන රජුගේ අණින් මාලිගයට කැඳවා වනන්තරයේ දුටු හොඳම නිධානය...
2023-07-06 18:30:00
කැප්ටන් චන්ද්‍ර ශ්‍රී කුලරත්නඅද හොඳ දවසක්. තරු පිරුණු රෑ අහස දෙස බැලූ ඔහුට ඉබේටම කියැවිණි. පැහැදිළි අහසේ තරු පන්ති රූ රටා අදිමින් දිළෙයි. සඳ පායාගෙන...
2023-06-29 18:30:00
“පුතා බැඳල දැන් අවුරුදු පහකුත් වෙලා, තාම දරුවන් නැහැ”යි චෝදනා කරන සමහර නැන්දම්මලා උත්සාහ කරන්නේ, එය ලේලියගේ වරදක් ලෙස පෙන්වන්නටයි. “ඉතින් කේන්දරේවත්...
2023-06-29 18:30:00