වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සඳු සිකුරු යෝගය
අගෝස්තු 9, 2019
ඡ්‍යොතිෂයේදී සුබ ඵලදෙන ග්‍රහයින් දෙදෙනෙකු හැටියට සඳු සිකුරු හඳුන්වා තිබේ. මේ දෙදෙනාගේ සංයෝගය සෑම මසකට වරක් යෙදේ. එබැවින් මෙය දුර්ලභ යෝගයක් ම නොවේ.
ජන්මියාට මෙම සඳු සිකුරු යෝගය යෙදීමෙන් ලෞකිකමය සැපසම්පත් ගෙනදේ උච්ච බලයෙන් සඳු සිකුරු යෙදීම සුබඵල දෙන අතරම පාපීන්ගේ පෙනීම හරහා වෙනස් වනු ඇත.
විවාහයේ වැදගත්ම අංශය වූ ලිංගික තෘප්තිය පිළිබඳ නිසි වගකීම දෙදෙනාට පැවරී තිබේ. මේ ග්‍රහ සංයෝගය කොතැනක යෙදුනත් ඔහුගේ හෝ ඇයගේ මනස කාමුක හැඟීම්වලින් පිරී ඉතිරී යයි. මේ යෝගය නරක තැනක පිහිටීම යෝග්‍ය නොවේ. සතුරු රැසක දෙදෙනා සිටීම නිසා අශුභ ආකාරයට සල්ලාලකමට යොමුවිය හැකි ය. පුරුෂයාටත් ස්ත්‍රියටත් එසේම ය. සමහර විට අසුබ අයුරින් පිහිටීම නිසා යුගදිවිය නීරස බවට පත්වීමේ ඉඩකඩ පෑදේ. යුගදිවියේ දෙදෙනාගේ බැඳීම ආදරය ආලය සහජීවනය අත්‍යවශ්‍ය කරුණු ය.
බොහෝවිට විවාහය බිඳ වැටෙන්නේ සහකරුගේ සහකාරියගෙන් නිසි තෘප්තිය නොලැබීම නිසාය. පොරොන්දම් ගැළපීමේ දී මේ ගැනත් වැඩියෙන් පරීක්ෂා කළ යුතුමය. තම සහකරු හෝ සහකාරියගේ නිසි ලිංගික සුවයක් නොලැබීම නිසා තම වගකීම් යුතුකම් නොකිරීම නිසා ගැටලු වහා පැනනගී.
බොහෝවිට විවාහය දෙදරා යෑම සිදුවේ. මේ සඳු සිකුරු යෝගය පිහිටි විට ඉඳුරන් පිනවීමට නිතැතින්ම පෙලඹේ. එය හරියාකාර නොලැබුණහොත් එතැන මානසික තත්ත්වය වෙනතක හැරේවි.
මේ ගැන හොඳින් සිතා බලා තමාගේ සහකරු හෝ සහකාරිය සොයා ගත යුතු යි. සඳු, කුජ හා ශුක්‍ර 7 වැන්නේ සිටි අයෙකුට 7 වැන්නේ කේතු සිටීමෙන් කායික ප්‍රශ්න ඇතිවීම වළක්වනු බැරිය. මේ කේන්ද්‍ර හිමියා වෘෂභ ලග්නකරුවෙකි. හත වෘශ්චිකයේ චන්ද්‍රයා නීචව ශුක්‍ර සමග යෝගව ඇත. මේ දෙදෙනාම කිසිදු ශුභ ග්‍රහයෙකුගේ හෝ අශුභ ග්‍රහයෙකුගේ පෙනීමක් නොවෙති. මීන නවාංශකය විය. විවාහවීමට පෙර නොමනා සබඳතා ගොඩ නගා ගෙන තිබිණ. රවි බුධ ශනි හය වැන්නේ සිටීම එයට හොඳ සාධකයකි.
24 වියේ දී විවාහ විය විවාහයෙන් පසු වෙනත් සබඳතා ගොඩනඟා ගන්නීය. ගුරු දශාවේ ශනි අන්තරය තුළ බිඳ වැටින. මුළු ජීවිතයම නීතිමය රැහැනටද කොටු විය. ජීවිතයේ පෙනිපෙනී පරාජය නිමිතිකරගන්නට කාලය එළඹින. 22 වැනි දෙවැනි දෙර්කාණාධිපති වූ ගුරුගෙ කාලයටත් ශනිගේ අන්තරයත් තුළ සිදුවීමට හේතුවිය.
නමුත් මෙවැනි සරාගී යෝග ඇති දෙපක්ෂයටම අශුභ යෝගවල බලය පාලනය කර ගැනීමට ඡ්‍යොතිෂයේ හැකියාව තිබේ.
එය නිසි ආකාරයට ගුප්ත විද්‍යාත්මකව යොදා ගැනීමෙන් මනස පාලනය කරගෙන කායික හැසිරීම් රටාව ක්‍රමවත්ව ගෙන යාමට හැකිවන යම් යම් ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේදයන් ඇති බැව් මෙලෙස සනිටුහන් කර සිටිමු.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ
වාස්තුවිද්‍යා විශාරද
දේශබන්ධු,
ටී. හෙන්රි බෙම්මුල්ල
෴ සබැඳි ලිපි ෴
පාතාල නායකයකු වුවත් තමන්ගේ දියණියගේ ගෞරවය පිළිබඳ මහත් උනන්දුවෙන් පසුවන දෙනගම සුමංගල මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි. එයට පණ පොවන්නේ...
2025-01-09 18:30:00
අප ජීවත්වන මේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයා බව බොහෝ දෙනා දනිති. මෙකී සූර්යයා සතු චුම්බක නැතිනම් කාන්දම් ශක්තියේ බලපෑම හේතුකොටගෙන කුජ, බුධ,...
2025-01-09 18:30:00
මේ ජනවාරි 14 වැනි අඟහරුවාදා උදේ 08.56ට රවි ග්‍රහයා මකර රාශි ගතවීමෙන් බලගතු උභයචාරී යෝගයක් යෙදෙයි.ඇතැමුන්ට රවි ග්‍රහයා ස්වකීය සතුරු භවනයක් වන...
2025-01-09 18:30:00
අලුත් වසරක් උදාවන විට අලුත් හැඟුම් අලුත් බලාපොරොත්තු සමඟ වසර පුරා ආරක්ෂාව මුළු නිවෙසටම සලසා ගැනීමට අපි කවුරුත් යුහුසුළු වන්නෙමු.ඒ නිසා ඔබ බෞද්ධයකු...
2025-01-02 18:30:00
නූතන මානවයා තාක්ෂණය සමඟ බැඳී සිටියත් තවමත් රාශි චක්‍රය ගැන තියෙන විශ්වාස අඩුවී නැත. ආදී පාරම්පරික විශ්වාසයන් සමග බැඳී සිටින ඔවුහු යම් යම් උත්සව...
2025-01-02 18:30:00
මේෂ බාධක අවහිරතා අහෝසි වේ ලබන්නා වූ නව වසර ඔබට කිසියම් ශුභදායක තත්ත්වයක් උදාවන බව පෙනී යයි. නව වසරේ දී මෙතෙක් පැවති බාධක අවහිරතා අහෝසි වන...
2025-01-02 18:30:00
අස්විදමනා චින්තන ශක්තියකින් අනාගතය සැලසුම් කරන වසරකි. ගන්නා වූ තීරණ නිරවුල් වේ. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම කටයුතු සාර්ථක ලෙස...
2025-01-02 18:30:00
වෙනදා මාසයකුත් දින 25 කින් රාශියක් පසු කරන කුජ මෙවර මාස අටකට අධික කාලයක් එනම්, ගෙවුණු ඔකතෝබර් 20 සිට 2025 ජූනි 7 දක්වා කටක මිථුන රාශිවල වක්‍ර වෙමින්...
2025-01-02 18:30:00
ලබන්නා වූ 2025 නව වර්ෂය සෞභාග්‍යමත් කර ගැනීම අප සැමදෙනාගේම ඒකායන ප්‍රාර්ථනාවයි. අරමුණයි. පෙර වසරේ සිදු වූ වැරැදි නිවැරදි කරගෙන තිබූ අඩු ලුහුඬුකම් මඟ...
2025-01-02 18:30:00
ජනවාරි 03 වැනිදා වනවිට රාජ්‍යකාරක රවි සහ ගුරු අතර ඇතිවන චතුරස්‍ර දෘෂ්ටිය මත කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ ගුරු දෙවැන්නාධිපති බැවින් මුදල් සම්බන්ධ නව...
2025-01-02 18:30:00
ජනවාරි මස 04 වැනිදා සෙනසුරාදා පෙ.ව. 7.10 සිට 10.52 දක්වා අති ප්‍රබල විෂ්ණු කාල යෝගයක් උදා වේ.පංච පක්ෂි නක්ෂත්ර ක්‍රමය තුළ කාල යෝග පහක් හඳුන්වා දී ඇත...
2024-12-26 18:30:00
ශතවර්ෂ 1946ක් වූ ධනු රවි 05 භාග උඳුවප් අව විසේනිය ලත් කිවිදින සිට එම රවි 11 භාග උඳුවප් අව එකොළොස්වක ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - ධනුකුජ...
2024-12-19 18:30:00
අපගේ ඔළුවේ කවර ආකල්ප තිබුණද, දේශිය සංස්කෘතිය හා බැඳී පවතින කෙම් පහන් යන සුවිශේෂී අංගය එක්වරක් හෝ භාවිත නොකළ අයෙකු සොයා ගැනීම අපහසු කරුණකි. අපගේ...
2024-12-19 18:30:00
දෙසැම්බර් 28 වැනි ශනි දින රාත්‍රී 11.40ට සෙනසුරු හිමි කුම්භ රාශියට සිකුරු හෙවත් ඉරබටුතරුව කුම්භ රාශිය තුලා නවාංශකය දෙනට 03 පාදය පෙරදැරිව සංක්‍රමණය...
2024-12-19 18:30:00
බුධ ග්‍රහයා දෙසැම්බර් 16 වැනිදා සිය වක්‍ර ගමන අවසන් කර අලුයම 02.27 ට වෘශ්චික රාශිය තුළ නිවෘත වෙමින් සාමාන්‍ය චලිතයකට පිවිසුණු අතර රාජ්‍යකාරක රවි ග්...
2024-12-19 18:30:00
සිකුරාදා - සෙනසුරාදා සුබ වැඩ අරඹන්නවිෂ්ණු-ලක්ෂ්මි-පත්තිනි දෙවිවරුන්ට පහනක් දල්වන්නවෘෂභ, මිථුන, කන්‍යා, තුලා, මකර, කුම්භ ලග්නවලින් උපන් ජන්මීන්ට සුබපල...
2024-12-19 18:30:00