බාලගිරි දෝෂය අද නොවේ හෙට

ජූලි 12, 2019
නිවසක් ඉදිරිපිට ප්‍රධාන දොරට ඉහළින් බාලගිරි දෝෂය අද නොවේ. හෙට” යන්න ලියා තිබේ නම් ඇත්තටම එම නිවසේ අලුත උපන් බිළිදකු සිටිනබව එය දකින ඕනෑම කෙනකුට සිහිපත් වේ. යන්ත්‍ර මන්ත්‍ර කර්ම ගැන බැලීමේදී විශේෂයෙන්ම කරනු ලබන ශාන්තිකර්ම වලදී බාල උපදාකරණය හෙවත් දොළ චිකිත්සාවට හිමිවන්නේ ප්‍රධාන තැනකි. 
බිළින්දකු උපන්දා සිට මෙලොවට බිහිවූදා සිට මාස දොළහ දක්වා මාස දොළහේ සිට අවුරුදු දොළහ දක්වාත් දරුවන්ට ඒ වෙනුවෙන් ශාන්ති කර්ම සිදුකරනු ලබයි. බිළිඳු වයසේ පසුවන දරුවාට අපල දෝෂ රෝගාබාධ ඇතිකරන යක්ෂ භූත පිසාචාදීන් නිසා මෙම දෝෂ ඇතිවේ. මේ නිසා දරුවාගේ සෞඛ්‍යයට මෙන්ම වැඩීමටද සිදුවන්නේ මහත් බාධාවකි. 
යක්ෂ භූත පේ‍්‍රතාදී දෝෂාන්දකාරයන් හේතුවෙන් සිහිනෙන් බයවීම, කිරිනොබීම , කිරිවමනය කිරීම, නිතරම හැඬීම, නිතරම දැගලීම, උඩඅතට හැරී සිටීම, නින්දෙන් ගැස්සීම ආදී රෝග ලක්ෂණයන්ද මෙහිදී පෙන්නුම් කෙරේ. නිරෝගි දරුවකු මෙලොවට බිහිකර හදාවඩා ගැනීමට දහසක් බලාපොරොත්තු මධ්‍යයේ ජීවත්වන මවට දරුවා නිතර නිතර රෝගී වුවහොත් ඇතිවන දුක,කම්පනය කොතකුත්දැයි කිව නොහැකි තරම්ය. එදා අපේ දෙමාපියන් වැඩිහිටියන් දරුවකු බිහිකිරීමට සිටි මව ගැබිණි මව ආරක්ෂා කළේ පුදුම අයුරිනි. දරුවා බිහි කිරීමට ආසන්නය දක්වා ඇයට කෑමට දුන්නේ තැම්බුම් හොදි සමඟ බත්ය. නිවසේ කරවල , මස්, ,මාළු, තෙලෙන් බැද්දේ නැත. උදේ, සවස කොසඹකොළ වලට තෙල්දමා දුම් ඇල්ලුවේය. මුළුතැන්ගෙයි පිසූ බත් මවට දීමට රැගෙන ආවේ ඇණයක් හෝ යකඩ කෑල්ලක් තබා තනිනොවන ලෙසටය. ආහාර ටික පවා දුන්නේ කිසිවකුට නොපෙනෙන ලෙසටය. නිවසේ කිසිඳු පුළුටු ජාතියක් බැද්දේ නැත. ඒ සියල්ලක්ම සිදුකළේ මවගේ මෙන්ම දරුවාගේ ආරක්ෂාව සඳහාය. 
අද සමාජය දෙස බලනවිට ගැබිණි මවුවරුන් පවා කඩල , මුරුක්කු වැනි දේ කමින් මාර්ගවල ගමන් කරන බව පෙනේ. මෙවැනි ක්‍රියාවන් නිසා නොයෙකුත් උපද්‍රවවලට ලක්වේ. දරුවකු බිහි කළ පසු දරුවා ආරක්ෂා කරගැනීමේ වගකීම පැවරෙන්නේ මවටයි. මව කෑමෙන් බීමෙන් පමණක් නොව ක්‍රියාකාරකම්වලින්ද ආරක්ෂා විය යුතුය. බාලගිරි දෝෂය සඳහා සිදුකරනු ලබන බාල ග්‍රහ ශාන්තිය ගැන නොයෙකුත් ගුරුකුලවල ඇති යන්ත්‍ර මන්ත්‍ර දොළ පිදේනි ගැන සඳහන්ව ඇත. උපන් දවසේ සිට දසසත් අවුරුද්ද දක්වා හටගන්නා වූ රෝග ලක්ෂණ ඒ පිළිබඳ, අදාළ යක්ෂ යක්ෂණීන් ගැන ඉපැරණි පුස්කොළ පොත්වල මෙන්ම පැරණි පොත්වල සඳහන් කොට ඇත. ගිරිනම් යක්ෂණියන් දොළොස් දෙනෙකු විසින් ළදරු කාලයේ සිට දොළොස් අවුරුද්ද තෙක් කරන ලෙඩ හා කළ යුතු ප්‍රතිකර්මද එම පොත්වලින් පෙන්වාදී තිබේ. 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ ඡ්‍යොතිෂ්වේදී මොරටුවේ 
තිස්ස මහානාම 
සිද්ධාන්ත ඡ්‍යොතිෂ කාර්යාලය 
 
සටහන 
බී.ඇල්.පේ‍්‍රමරත්න
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.