සුබ අසුබ දෙකම දෙන චන්ද්‍ර මංගල යෝගය

ජනවාරි 11, 2019

සුබ ග්‍රහයෝ සුබපලත් පාප ග්‍රහයෝ අසුබපලත් ප්‍රදානය කරන්නේ යැයි පැවසෙතත් එම කීම ‘අසාර්ථකවන අවස්ථා එමටයි. එවැනි ග්‍රහ යෝගයකි. කුජ, සඳු, යෝගය හෙවත් ‘චන්ද්‍ර මංගල යෝගය’ මෙහි “මංගල “යනු අඟහරු හෙවත් කුජය .

පුරාණ මෙන්ම නවීන ආචාර්යවරුන් අතරද මෙම යෝගය පිළිබඳව මතභේද පවතින බව පෙනේ. මීට හේතුව ලෙස පෙනෙන්නේ කුජ ග්‍රහයා චන්ද්‍රයාගේ රාශිය වන කටකයෙහි නීච වීමයි. මෙම ග්‍රහයින් දෙදෙනා ඔවුනොවුනට මිත්‍රයෝය. ග්‍රහයින්ගේ සතුරු මිතුරුකම් පිළිබඳ චක්‍රයක් ඉදිරිපත් කරන ‘සත්‍යකීර්ති’ නමැති පඬිවරයාගේ මතයට අනුව මේ දෙදෙනා මිතුරන්ය.

නමුත් ‘වරහමිහිරාචාරීන්’ පැවසෙන්නේ කුජ,සඳු, යෝගවීම නිසා ජන්මියා දුෂ්චරිත හා නීතිවීරෝධි බඩු භාණ්ඩ අලෙවි කිරීමෙහි යෙදෙන බවත් මත්පැන් සහ වෙනත් සමාජ විරෝධී ද්‍රව්‍යය ද අලෙවි කරන බවත් තම මෑණියන්ට අභාග්‍යය උදාකරන බවත්ය. වෘෂභ, කන්‍යා, තුලා, ධනු, කුම්භ මීන යන රාශි හයෙහි සඳු සිටිද්දී අඟහරුගේ දෘෂ්ඨියන්ට ලක්වීමද, එම රාශි හය තුළ කුජ සඳු යෝගය යෙදීමද අයහපත් බව ‘වරාහමිහිරාචාර්ය’ මත යයි.

‘කල්‍යාණවර්ම” රජුගේ ‘සාරාවලිය’ වෙනත් මතයක් දරයි. එහි දැක්වෙන්නේ කුජ සඳු යෝගය හිමියා වීරවත්, ධෛ්‍යර්යවත් , නිර්භීත රණකාමියෙකු සහ මල්ලව පොර ශූරයෙකු බවත්, චිත්‍ර ශිල්පියෙකු හෝ මූර්ති ශිල්පියෙකු බවත් ඔහුට ලේ දූෂ්‍යවන රෝගයක් හටගන්නා බවත්, කෛරාටිකයෙකුද බවත්ය.

සඳු මේෂ රාශියේ සිටිද්දී කුජගේ දෘෂ්ඨිය වැටීමෙන් ජන්මියාට දත් අමාරු, ඇස් අමාරු සහ වාතාබාධ ගෙන දෙන බවත් සඳු වෘෂභයේ සිටිද්දී කුජට පෙනීම හේතුකොට ජන්මියා රාගාධික පුද්ගලයෙකු කරන බවත් කාන්තා පක්ෂය හේතුකොට මිතුරන් අහිමිවීම හා ධනය නැතිවීමත් තම මවට අසතුට ගෙනෙන බවත්ය. සඳු ,මිථුන, රාශියේ සිටිද්දී අඟහරු විසින් දැකීම යහපත්ය. සඳු තමාගේම කටක රාශියේ සිටිද්දී කුජ විසින් දැකීම නිසා ජන්මියා ගේ ශරීරය විකෘතිවීමට හා තම මවට අසරණභාවය ගෙනදීමට හේතු වේ.

සුදර්ශි රුවන්පුර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.