රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට

ලෝක පාලක සූර්ය දිව්‍යරාජ තෙම ගුරු හිමි මීන රාශියට පැමිණේ
පෙබරවාරි 24, 2023

 

විදේශ ආධාර ලැබේ

කාලගුණ විපර්යාස හේතුවෙන් ජනතාවට අසීරුතා

හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේ

සෞඛ්‍ය, අධ්‍යාපන අංශ දියුණුවට පියවර ගැනේ

 

2023 මාර්තු මස 15 වෙනි දින උදෑසන 06.34ට රවි ගුරු හිමි මීන රැසට පැමිණ අප්‍රේල් මස 14 වෙනි දින සවස් යාමය වනතුරු එහි ගමන් කරනු ඇත. ශ. ව. 1944 වර්ෂයේ අවසාන රවිය මීනයයි. රවි මීනයට ප්‍රවේශවන අවස්ථාවේ ගුරු හිමි මීන රාශිය තත්කාල අවස්ථාවේ ලබා තිබෙන අතර නවාංශකය සිංහ වේ. ග්‍රහ පිහිටීම් මෙසේ ය. ලග්නයේ රවි, ගුරු, නැප්චූන් වේ. දෙවැන්නේ සිකුරු රාහු යුරේනස් ය. සිවුවැන්නේ අඟහරුය. අට වැන්නේ කේතු හා 9 වැන්නේ සඳු ය. 12 වැන්නේ බුධ, ශනි දෙපළ සිටී. මෙම ග්‍රහ තත්ත්වය අනුව හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේ. කාලගුණ විපර්යාස හේතුවෙන් ජනතාවට අසීරුතා ඇතිවේ. සෞඛ්‍ය, අධ්‍යාපන අංශ නව නීති රීති යටතේ දියුණු කිරීමේ මං පෙත් සොයා බලයි. රට මුහුණ පා ඇති ආර්ථික තත්ත්වය යථාවත් කෙරේ. විදේශ ආධාර ලැබේ.

 

මේෂ

පස්වැන්නාධිපති රවි, ගුරු හිමි මීන රැසට පැමිණීම තම ආර්ථික තත්ත්වය වැඩි දියුණු කෙරේ. 5 - 9 අධිපති යෝගය ඉතා හොඳයි. විදේශ ගමන් ගැන උනන්දු වන්න. පවුලේ තත්ත්වය උසස් වේ. බලාපොරොත්තු ඉටු වේ.

වෘෂභ

4 වැන්නාධිපති 11 වැන්නට පැමිණේ. රැකී රක්ෂා කටයුතු වැඩි දියුණු වේ. ආදායම් සරුවේ. අපේක්ෂා ඉටු වේ. විදේශ ධනය ලැබේ. ඉඩකඩම් ලාභ ලැබේ. අපේක්ෂිත විවාහයන් සිදුවන බවට ඉඟි, අලුතෙන් වෙළඳ ව්‍යාපාර ආරම්භයට අවස්ථාව උදාවේ.

මිථුන

දස වැන්නට රවි පැමිණ දිග්බල වේ. බාධක ගුරු ද එහිමය. ඉවසීමෙන් කටයුතු කළොත් තම දියුණුවට හේතුවේ. ප්‍රාර්ථනා මුදුන් පත් වේ. මංගල කටයුතු ගැන කල්පනා කරන්න. විදේශ ගමන්වලට හොඳයි. තරඟ විභාග ජය, වාහන පරිස්සමෙන් පදවන්න.

කටක

දෙවැන්න හිමි රවි 9 වැන්නට පැමිණේ. භාග්‍යස්ථානය මෙන්ම ධර්මස්ථානයද එම ස්ථානයයි. ආගම දහම මුල්කරගෙන සිය වැඩකටයුතු කළොත් වඩාත් පලදායි වේ. අනුන් සමඟ කටයුතු කිරීමේ දී දෙවරක් සිතන්න. මාර්ග අනතුරු සිදුවිය හැකි බැවින් යාන වාහන ගමන්වලදී සැලකිලිමත් වන්න.

සිංහ

රවි ලග්නාධිපතිව අටවැන්නට පැමිණේ. මාරකස්ථානය අටවැන්නයි. 5 - 8 අධිපති ගුරු ද විපරිත යෝග බල සහිතව එහි සිටී. වෙළඳ ව්‍යාපාර සමඟම හවුල් ව්‍යාපාරවලට ද හිතකර වේ. තම අනාගත දියුණුව පිණිස වැඩ ආරම්භ කරන්න. පොළව සම්බන්ධ වැඩවලින් වැඩි ලාභ ලැබේ.

කන්‍යා

මීන රාශිය වූ සත්වැන්නට රවි පැමිණෙන විට සත්වැන්නාධිපති ගුරු ද එහිම සිටී. පවුලේ කටයුතු පිළිබඳව ඉවසීමෙන් ක්‍රියා කරන්න. දැඩි තීරණ නොගන්න. තම ආගම ධර්මතා මූලිකව කටයුතු කරන්න. ලග්නපති බුධ මේ වන විට කුම්භයේ සිටියද මාර්තු 16 දින මීනයට පැමිණ නීච භංග රාජයෝග බලය ලබයි. එය තම සිතුම් පැතුම් සපුරා ගැනීමට ඉවහල් වේ.

තුලා

6 වැන්නට රවි පැමිණේ. තම ඥාතීන් සමඟ ක්‍රියා කිරීමේ දී සැලකිලිමත් වන්න. ජීවන ගමනට බාධක කරදර පැමිණිය හැක. ඒවා මධ්‍යස්ථව සිතා බලා තම දියුණුව පිණිසම යොදා ගන්න. 16න් පසු විදේශ ගමන් ගැන උනන්දු වන්න. ආර්ථිකය යහපත් වේ.

වෘශ්චික

කර්මස්ථානාධිපති රවි 5 වැන්නට පැමිණීම හොඳයි. 2 - 5 අධිපති ගුරුද එම ස්ථානයේ බලය පිහිටුවන නිසා අපේක්ෂිත දේ සිද්ධ වේ. තරග විභාග ජය ලැබේ. පවුල් ජීවිතය පිළිබඳව කරුණා මෛත්‍රිය මුල්කරගෙන වැඩ කටයුතු කරන්න වගබලා ගන්න. තම දියුණුවට අලුතෙන් යමක් එක්කර ගන්න.

ධනු

භාග්‍යස්ථානය අධිපති රවි 4 වැන්න ආශි‍්‍රතව ගමන් අරඹයි. ඉඩකඩම් දේපළ සම්බන්ධව තිබූ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකිවේ. රාජ්‍ය අංශවල ආධාර උපකාරද ලැබේ. පවුලේ කටයුතුවලදී ඉවසිලිමත් වන්න. තම සහෝදර පක්ෂ සමඟ ආරාවුල් ඇතිකර ගන්න එපා.

මකර

අට අධිපති රවි 3 වැන්නට පැමිණේ. තුන්වැන්න උපචය ස්ථානයකි. රවිගේ බලය පතුරුවයි. දැඩි තීරණ නොගන්න. ආත්ම අභිවෘද්ධිය ඇතිවේ. තම සිතුම් පැතුම් ඉටුවේ. අලුතෙන් ව්‍යාපාර අරඹන්න. පවුල් ජීවිතය සාර්ථක කර ගන්න උත්සාහ කරන්න.

කුම්භ

7 අධිපති සිකුරු වුවද දෙවැන්නට පැමිණීම තම තැන්පත් ධනය වැඩිපුර වැයවීමට ඉඩ තිබේ. ඒවා යහපත් දෙයට වැය කරන්න. ඉවසීමෙන් පවුල් ජීවිතය ගෙන යන්න. ඉදිරි කාලය යහපත් වේ.

මීන

ලග්නයට පැමිණෙන රවි මසක පමණ කාලයක් එහි ගමන් කරයි. තම ඉදිරි අනාගතය සමෘද්ධිමත් කර ගැනීමට වෙහෙසයි. මතු ජීවිතය සවිමත් වේ. ව්‍යාපාර ආරම්භයට හොඳයි. විදේශ ගමන් ගැනද සිතට ගන්න. ජය ලැබේ.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී- වැලිගම

කේ.එච්. ධනපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.