වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පොරොන්දම් පරික්ෂා කිරීමේදී නොසැඟවිය යුතු කරුණු
සැප්තැම්බර් 6, 2019
විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය.
ජීවිතය අවහිර බාධකවලින් තොරව යහපත් අන්දමින් දිවි ගත කිරීමට ගන්නා ප්රයත්නය මහඟු ප්‍රතිඵල මෙනයින් සනිටුහන් වේ. විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික අරමුණු සහ එහි හොඳ නරක පොරොන්දම් බැලීම තුළින් විද්‍යමාන වේ.
පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණයකට එළඹීමට පහසුතාවක් ඇතිවේ. විවාහයක අති සාර්ථකත්වයක් ඇති නැති නම් සාර්ථකත්වයක් ඇති විය යුතුව තිබේ. එසේ නමුත් පොරොන්දම් පරික්ෂාවෙන්ම එය සාර්ථක නොවේ යන්න මගේ හැඟීමයි. කුමන පරික්ෂණයක් කළත් සමහර විට විවාහයට ප්‍රශ්න ඇතිවන අවස්ථා නැතිවා නොවේ. එය සාමාන්‍ය දෙයකි. විවාහයේ සාර්ථකත්වය විමර්ශනය කර බැලීමේදී දික්කසාද වීම, රෝගී වීම, වැන්දඹු වීම, අකල් මරණයට පත් වීම යනාදිය සාකල්‍ය වශයෙන් පරික්ෂා කර බැලිය යුතු වන්නේය. බොහෝ විට ඉහත සඳහන් සියලුම දෝෂයන් කුජ හා ශනි යෝග වීමෙන් ඇති වන්නට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ලැබිය හැකිය.
බොහෝ විට විවාහයට එළඹිය හැකි තරුණ ස්ත්‍රීන් හෝ පුරුෂයන් දැන හඳුනා ගැනීමෙන්ද දැකීමෙන් ද මෙසේ වන අවස්ථා එමට මා ලත් අත්දැකීම් වල අඩංගුව ඇත. විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය. නාශාංසක ගතව ඇති 7 අධිපතියා මෙන්ම 5 අධිපතියාද විවාහ දෝෂයක් ලෙස මෙහිදී දැක්වීම වැදගත් වේ. ග්‍රහයින් දෘෂ්ටි පැවැතීම සහ යෝගව සිටීම නිවැරදි අන්දමට පරික්ෂා කිරීම වැදගත් වේ. විවාහ දෝෂ ඇති සියලුම ග්රහයින්ගේ සම්බන්ධතා ද ඒ ඒ දේ යෙදෙන අන්දමට පරික්ෂා කර බැලීම කාලෝචිතය. මේ අන්දමට පරික්ෂා කිරීමේදී කුජ හා ශනි ගැන විශේෂයෙන්ම පරීක්ෂණයට ලක් කළ යුතුය. බොහෝ අවස්ථාවල දෝෂ භංගවී යන්නේ එවිට බව පෙනේ.
බොහෝම අවස්ථාවල පුරුෂයන්ගේ විනාශය සිදු වන්නේ 1,4,7,8,12 යන ස්ථාන ජන්ම පතක කුජ යෙදී ඇති විටය. එසේම ස්ත්රීන්ගේ විනාශය සිදුවන්නේ, පුරුෂයාගේ කේන්ද්‍රයේ ඉහත සඳහන් ස්ථානයක කුජ තැන්පත්ව සිටීමෙන් බව සත්‍ය කරුණකි. එසේම මෙම දෝෂය භංග වන අවස්ථාවද තිබේ. එසේම 1,4,7,8,12 යන ස්ථානවල කුජ ජන්ම පත් දෙකේම සිටීමෙන් එය නියමාකාරයෙන් සිදුවේ. විශේෂයෙන් කිව යුතු වන්නේ ගුරු බලවත් විට ගුරුට අඟහරු නැත්නම් කුජ පෙනීමෙන් එසේ නැතිවේ නම් රෝගී වීමෙන් දෝෂ අවම කර ගත හැකි, අඩු කර ගත හැකි ස්වභාවයක් පෙන්වා දිය හැකිය.
1,2,3,4 යන නැකැත් පාදයන් නාශාංසක වශයෙන් ව්‍යවහාරයේ පවතින රවි, ගුරු, සිකුරු, ශනි සහ නැකැත්වල මෙය පිළිවෙළට යෙදේ. දෝෂ ඇතිවීමට හෝ නැතිවීමට බලපාන අවස්ථා ඇත. ඒ පස්වැන්න, හත්වැන්න අධිපති වෙනත් භාවාධිපතියකු සමඟ පරිවර්තනයකට ලක්වීමෙන් සිදුවේ. සමහර විට විවාහ වන දෙදෙනාගේ එක් අයෙකු මරණයට පත්වීම, දෙදරායාමට පත්වීම, රෝගි වීම, පොරොන්දම සියයට සියයක් ගැළපුනත් සිදුවිය හැකිය. විශේෂයෙන් නැකැත් පොරොන්දම , මහේන්ද්‍ර පොරොන්දම, යෝනි පොරොන්දම, ස්ත්‍රී දීර්ඝ පොරොන්දම, වශ්‍ය පොරොන්දම , රාක්ෂ පොරොන්දම, පක්ෂි පොරොන්දම, ලිංග පොරොන්දම ගැන විශේෂයෙන් සලකා බැලීමට අවශ්‍ය වේ. ග්‍රහ පොරොන්දම් බැලීමේදී පාපාංශක චන්ද්‍රයාට අෂ්ටකූටය හා සුදර්ශන චක්‍රය සෝදිසි කිරීම වැදගත්ය. විශේෂයෙන් විසි පොරොන්දමෙන් 18 ක් ම චන්ද්‍රයා විමසා බැලීමට උපයෝගී වෙයි. දෙදෙනා දීර්ඝ කාලයක් ජීවත්වීමට හේතු සාධක තිබේද යන්න සනාථ කර ගත හැකි පොරොන්දමින් මෙය සනාථ කර ගත හැකිය.
ජාත්‍යන්තර ඡ්‍යොතිෂ
විද්‍යා විශාරද
මහාචාර්ය
හේමපාල පතිරණ
෴ සබැඳි ලිපි ෴
උපතේ දී මා නැකත හිමි නම් ලද දෙයින් වඩාත් සතුටුවන ඉතාම සැහැල්ලු දිවියක් ගෙවන අයෙක් වේ. තමාට කොපමණ දුක් කරදර, හිරිහැර, කායික මානසිකමය පීඩා...
2024-05-02 18:30:00
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මහා බලගතු දෝෂ සහ විපත් දුරුලන අපමණ ගුණ බල දෙන කිරි අම්මාවරුන්ගේ දානය...
2024-05-02 18:30:00
ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට බලපාන කරුණු කාරණා රැසක් තිබේ. විවාහය, ව්‍යාපාර, රැකියා, සෞඛ්‍යය, අධ්‍යාපනය ඉන් කිහිපයකි. එම නිසා ජීවිතයේ...
2024-04-25 18:30:00
අස්ලිස නැකතින් උපන්නේ නම් තර්ක විතර්ක ආදියට බෙහෙවින්ම පි‍්‍රය කරන මිථ්‍යා මතවාද, දර්ශන න්‍යාය හා ආගමික අංශය කෙරෙහි මනස මෙහෙය වන සමාජයේ කැපී පෙනෙන තමා...
2024-04-25 18:30:00
හස්ත රේඛා ලක්ෂණ අතරින් අත්ලේ මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත් කමක් හිමිවේ. එනම් පුද්ගලයෙකුගේ බුද්ධි මහිමය,ශරිර ශක්තිය,සංවිධාන ශක්තිය, මානසික ක්...
2024-04-18 18:30:00
පුෂ නැකතින් උපන්නේ නම් කුඩා අවධියේ සිටම ඉගෙනීමට දක්ෂ අයෙක් වේ. උසස් ඉගෙනීමක් ලබා සමාජයේ ඉහළ තනතුරු දරයි. උපදේශකයන්, විද්‍යාඥයන්, තාරකා විද්‍යාව වැනි...
2024-04-18 18:30:00
දියණියගේ මල්වර උත්සවය සමරන දෙමාපියන්ට තම ඇයගේ මල්වර කේන්ද්‍රය නිවැරැදිව සාදා දීම ඡ්‍යොතීර්වේදී අප සැමගේ යුතුකමකි. මේ සඳහා මල්වර වීමට ආසන්න කාලය වන...
2024-04-18 18:30:00
අද දිනයේ දී ද ප්‍රසිද්ධ උදාහරණයක් සහ පෞද්ගලික උදාහරණයක් ඇසුරින් ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවල ඇති කළ සුබ පල කිහිපයක් පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු...
2024-04-18 18:30:00
වර්තමාන සමාජය තුළ නොයෙක් ආකාරයේ අපරාධ වැඩි වශයෙන් සිදු වන බව පෙනෙන්නට තිබේ. මෙසේ සිදුවන අපරාධයන් නොයෙක් ආකාරයෙන් අපට විග්රහ කරගත හැකි සේම...
2024-04-11 18:30:00
ඕනෑම පුද්ගලයකුගේ ආයු ප්‍රමාණය හා වසනාවන්ත භාවය ප්‍රකාශ කරන මැණික් කටු රේඛා හෙවත් මණිබන්ධන රේඛා හස්ත රේඛා පරික්ෂාවේදි ඉතාම වැදගත් වේ. අත්ලක...
2024-04-11 18:30:00
කෙනකු පුනාවස නැකතින් උපත ලද්දේ නම් ඔහු මිහිරි වදන් පවසන සංගීතය, චිත්‍ර, නාට්‍ය වැනි අංශයන්ට සමත් මෙන්ම ආදායම් මාර්ගයන්ට ද කලාව යොදා ගනී....
2024-04-11 18:30:00
ශක වර්ෂ 1946 හෙවත් ව්‍යවහාර වර්ෂ 2024ක් වූ අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපරභාග 09.05ට නව වසර උදාවේ.උදාවන්නාවූ සූර්ය මංගල්‍ය හෙවත් සිංහල අලුත්...
2024-04-11 18:30:00
රාශි චක්‍රයේ දසවැනි රාශිය මකරය. මකර රාශිය දුකට අධිපති ශනි ග්‍රහයාට අයත් වේ. සාමාන්‍ය ස්වරූපය අනුව සිහින් සිරුර සිහින් මුහුණ හා මහත් දත් ඇති...
2024-04-11 18:30:00
මේෂ ලග්නයභාග්යයය ඉස්මතු වේමේෂ ලග්න හිමියන්ගේ සියලු කටයුතු හා අරමුණු සඵල වන වාසනාව ගෙනෙන වසරක් ලෙස නම් කළ හැකිය. ඔබේ සිතට හැඟෙන සිතිවිලි ක්...
2024-04-04 18:30:00
ලොව ජීවත්වන අප සියලුම දෙනාටම අදරය අත්‍යවශ්‍ය කාරණයකි. එය මිනිසාට පමණක් උරුම වු කාරණයක් නොවන බව අප සතා සිවුපාවුන් හැසිරෙන ආකාරයෙන් අපට තහවුරු වේ. ආදරය...
2024-03-28 18:30:00
අග්නි යනු ගින්නයි. මාරුතය වේගයෙන් හමන සුළඟයි. ඒ අනුව අග්නිය හෙවත් ගින්න කුජ නිවේදනය කරන අතර මාරුතය හෙවත් වේගයෙන් හමන සුළඟ සෙනසුරු නිවේදනය කරයි. ඒ...
2024-03-28 18:30:00