වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
ශුභ මුහුර්ත සැකසීමේදී කිසියම් ශුභදිනක කිසියම් ශුභ කාල හෝරාවක එම කාලහෝරාව තුළ කිසියම් ශුභ පංචම කාල හෝරාවක එම පංචම කාල හෝරාව තුළ කිසියම් ශුභ සූක්ෂම කාල...
2019-07-18 18:30:00
මීගොඩ චතුරක. වයස අවු 22 යි. මාගේ විවාහය කිනම් වකවානුවක සිදුවේද? අනාගතය සුබවේද?පිළිතුර –මකර ලග්න වෘෂභ නවාංශක .අස්විද නැකත. දැනට දසාව රවි, උපතේදී...
2019-07-11 18:30:00
අප ශරීරයේ ඇති පසිඳුරන්ගෙන් ඇසට ප්‍රධාන තැනක් හිමිවේ. එයිනුත් මෙහිලා විස්තර කරන්නේ ඇහිබැම හා ඇහි පිහාටු කුමන ආකාරයෙන් පිහිටා තිබුණොත් පුරුෂයින්ට සුබ...
2019-07-11 18:30:00
සූදුවට, තුරඟ තරගවලට, නඩුහබවලට, ක්‍රීඩා තරගවලට යාමට විශේෂ සුබ යෝග කීපයක් මෙසේ ය.මහේෂ්වර සම්පත්ති යෝගයඉරිදා හෝ අඟහරුවාදා දිනක අස්විද, බෙරණ, කැති, රෙහෙණ...
2019-07-04 18:30:00
සුදසුන් කවය“සුදර්ශන චක්‍රය” යන නමින් හැඳින්වෙන සටහනක් ද දෝ සතරෙහි ඇත. එය ද පරාශරයන් විසින් අනුමත කරන ලද්දකි. පැහැදිලි පෙනුමක් හෙවත් මනා වු දැක්මක් යන...
2019-07-04 18:30:00
අපේ ජන්ම පත්‍රයේ පෙනෙන ග්‍රහයෝ 12 යි. නොපෙනෙන ග්‍රහයෝ 12 යි. ඔය හැම කෙනෙක්ම ඒ පෙනෙන රාශිවල පෙනෙන ග්‍රහයෝ ගැන බලලා ප්‍රතිඵල කියනවා. කෝ නිවැරදි නැහැනේ...
2019-07-04 18:30:00
අපි පෑනක් හෝ පැන්සලක් අතැතිව මේසයක් ළඟ වාඩි වී සිටින ඇතැම් අවස්ථාවල නිකරුණේ ඉරි ඇඳීම, මල් ඇඳීම විවිධ රූප ඇඳීමට පුරුදු වී සිටිමු. මෙම ඇඳීම (කුරුටුගෑම...
2019-06-27 18:30:00
යම් හඳහනක අධ්‍යාපනය ගැන තීරණය කරනු ලබන්නේ 5 වැනි භාවයෙන් බුධ සහ ගුරු යන ග්‍රහයන් දෙදෙනා අනුවය. ඒ අනුව පහත සඳහන් කරුණුවලින් කුමක් හෝ සම්පූර්ණ නම් 5 වන...
2019-06-27 18:30:00
දරුවන්ගේ ජීවිතයේ සුවිශේෂ කඩඉම් දෙකක් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අපොස උ.පෙළ විභාගය දෙමාපියන්ට මහා බරක් වී ඇත. දරුවා ඉපදුන විට ජන්ම පත්‍රය...
2019-06-27 18:30:00
සරස්වතී යෝග අතුරෙන් පළමු ගණයට වැටෙන ප්‍රධාන යෝගයක් වන ඥානකාරක බුධගෙන් යෙදෙන සරස්වතී යෝගය මේ වසරේ සැප්තැම්බර් 25 වෙනි බුධ දින සූර්ය්ය උදාවත් සමඟ යෙදේ...
2019-06-27 18:30:00
ඡ්‍යොතිෂමය උපදෙස්මනෝවිද්යාවට අනුව තරහා යාම හෝ කෝපවීම සෑම අයෙකු තුළින්ම කලින් කලට ඇතිවිය හැකි,අතාර්කික, අවිචාරවත් සහ අනවශ්‍ය ස්වභාවික චිත්ත වේගයකි....
2019-06-20 18:30:00
මාතලේ චින්තක. වයස 12 ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේද?පිළිතුර – මිථුන ලග්න මීන නවාංශක අස්විද නැකත. දැනට දසාව සිකුරු. 2030.05.16 දක්වා අධ්‍යාපන ස්ථාන...
2019-06-20 18:30:00
හත්වැන්න රවි දුබලව සුබ ග්‍රහයන්ගේ දැකීමක් හෝ සංයෝගයක් නැතිව සිටියොත් නපුරුගති ඇති තම සිතැඟි වලට පමණක් සිත යොමු කරන අනුන්ගේ අදහස්වලට ගරු නොකරන දරදඬු...
2019-06-13 18:30:00
උඩුකාව සමින්දි වයස 23 , විවාහය හා අනාගතය කෙසේවේද?පිළිතුර :– ධනු ලග්න, කන්‍යා නවාංශක ,පුවපල් නැකත දැනට දසාව රාහු, පංච මහා පුරුෂ යෝග දෙකකින් වර්ණවත්ව...
2019-06-13 18:30:00
හස්තරේඛාව නමින් ප්‍රචලිතව ඇති සාමුද්‍රිත ශාස්ත්‍රය අතීත,වර්තමානය හා අනාගතය සනිටුහන් වන පරිදි මහ මුහුදට අධිපති සමුද්‍ර දේවිය විසින් මනුෂ්‍ය වර්ගයාට...
2019-06-06 18:30:00
කොස්ගොඩ ,දෙව්මි වයස අවු. 17 යි. අධ්‍යාපනය හා රැකියාව කෙසේ වේද?පිළිතුර :– තුලා ලග්න මකර නවාංශක රේවතී නැකත දැනට දසාව සිකුරු, බලවත් ජන්ම පත්රයකි....
2019-06-06 18:30:00