වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
ලොකු අකුරු ලියන අය බෙහෙවින් වියදම් කිරීම මෙන්ම අන්‍යයන්ට ධන ධාන්‍ය මුදල් ආදිය ලෝබ නැතිව පරිත්‍යාග කිරීමද ඉතාමත් ඉටුකරන්නෝ ය. රූල් නැති කඩදාසියේ...
2019-05-30 18:30:00
ඔබගේ ආගමික වතාවත් කරන ස්ථානය නිවස ඇතුළේ නම් උතුර හෝ ඊසාන නිවසේ ඉදිරිපස කාමරයක් විය යුතුය. පිටතින් හිරු එළිය එන ආකාරයට ජනේලයක් තිබිය යුතුය. කාමරය...
2019-05-30 18:30:00
පස්වැන්න සහ හයවැන්න අධිපති සිකුරු සමඟ සංයෝගව දොළොස් වැන්නේ වීද ජන්මියාගේ දෙනෙත ශල්‍යකර්මයට භාජනය වීමට හේතුවේ.කෙනෙකුට උපතේදීත් තවත් කෙනෙකුට කුඩා...
2019-05-30 18:30:00
යමෙකුගේ ජීවිත කාලයට අදාළ සැඟවුණු තොරතුරු සත්‍ය ලෙස පැවසීමට හඳහනට බෙහෙවින්ම හැකියාව ඇත. කොටු දොළහකින් සමන්විතව මනා ලෙස සකස්කර ඇති හඳහනෙන් නැතහොත්...
2019-05-23 18:30:00
පොරොන්දමකින් කෙරෙනුයේ කුමක්ද යන්න සලකා බැලීම වටී. පොරොන්දමේ දස පොරොන්දම් විසි පොරොන්දම් හා අෂ්ඨ කූඨනාඩියෙන් කෙරෙන්නේ උත්පත්ති ජන්ම පත්‍ර දෙක අනුව...
2019-05-23 18:30:00
විවාහක අඹු සැමි යුවලකට තම ලිංගික අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට බාධාකාරී වන මනෝවිද්‍යාත්මක හා ශාරීරික ගැටලු ලිංගික බෙලහීනතාවයට අයත් වේ.මෙම ගැටලුව හෝ...
2019-05-23 18:30:00
සෙණසුරු ගේ බලපෑමසෙණසුරු යන නමින් මැ මෙම ගහයා ගේ රුදු කුරිරු ගතිය හැඟැවෙයි. හෙණ ගැසීම යනු හිටි හැටියේ, බලාපොරොත්තු නුවූ පරිදි ඇතිවන මහත් හානිදායක...
2019-05-23 18:30:00
ජෛමිනි ඉසිවරයා විසින් විස්තර සහිත වැ පැහැදිලි කැර ඇති පිළිවෙලක් හැටියට මේ ආරූඩය හෙවත් පාද ක්‍රමය ද ඉන්දියානු දෝ සතර පොත්වල සඳහන් වැ ඇත. ඇතැම් තැනෙක...
2019-05-16 18:30:00
අපගේ නිරන්තර ගෞරවයට පාත්‍ර වන සෘෂි භාවිතයන් එක් වූ පුරාතන සාම්ප්‍රදායික වාස්තු විද්‍යාවටත් නූතන බටහිර විද්‍යාවේ පදනම මත පිහිටුවා ගත් නූතන වාස්තු විද්...
2019-05-16 18:30:00
අපල සහිත අයෙකුට ගුලි 9 ක් සෑහේ. මෙම ගුලි කපුටන් අනෙක් ආහාර ගැනීමට පෙරාතුව ආහාර පිණිස ලබා දෙන්න. මෙසේ නිවැරදව සිදු කිරීමෙන් සෙනසුරු අපලය බලවත්ව...
2019-05-09 18:30:00
ජන්ම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා මැ අයහපත් පල ඇතිකරන ගහයන් හත් දෙනාගෙන් එක් කෙනකු බව ඔබ දනිති. එය ලග්නයෙන් ද සඳු ගෙන් ද යන දෙපිළිවලට...
2019-05-09 18:30:00
දෛව රේඛාව පිළිබඳ 2018.03.23 දින පළවූ ලිපියේ ඉතිරිය ලෙස මෙය හඳුන්වා දෙමු. පළමු කොටසින් දෛව රේඛාව හා සබැඳි සුලබ පිහිටීම් කිහිපයක් විස්තර කළ අතර මෙයින්...
2019-05-09 18:30:00
අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජීවන රේඛාව ප්‍රධාන තැනක් ගනී. මෙයට ජීවන රේඛාව යන නම ව්‍යවහාර වූවත් මෙම රේඛාවෙන් කෙනෙකුගේ ආයුෂ පමණක් නොව තවත්...
2019-05-02 18:30:00
ජන්ම කේන්දරවල සුබ අසුබ දෙ පසේ මැ යෝගයෙදී තිබෙනු දක්නා ලැබේ. ඇතැම් විට තම කේන්දරයේ ඇතැයි කියන සුබ පල නම් ලැබුනේ නැතැයි කියමින් දෝ සතර ගැන කලකිරීමෙන්...
2019-04-25 18:30:00
පොහොටි (පුෂ්කර) නවාංසකය පැරැණි නාඩි දෝසතර පොත්වල පමණක් සඳහන් වැ ඇති කරුණක් බව දඹදිව දෝසත් ඇදුරෝ පවසති. ඔවුන් පෙන්වා දී ඇති ලෙස “චන්ද්‍ර කලා නාඩිය” “...
2019-04-18 18:30:00
ජන්ම කේන්දරයක අට වැනි රාසිය මාරක තැන හැටියට හැඳින්වෙයි. එ තැනට සබඳ වන බිහිසුණුකම කීප ආකාරයකට බෙදී යයි .නාඩි දෝ සතර පොත්වල ඒ ගැන නොඑක් අයුරින් විස්තර...
2019-04-04 18:30:00