වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
ශක වර්ෂ 1945ක් වූ සිංහ රවි 30 භාග බිනර පුර පෑළවිය ලත් කිවිදින සිට කන්‍යා රවි 06 භාග බිනර පුර සැටවක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශිරවි...
2023-09-14 18:30:00
ජීවන රේඛාවට සමාන්තරව මහපට ඇගිල්ල පැත්තෙන් විහිදෙන රේඛාව කුජ රේඛාව ලෙස හඳුනාගත හැකිය. ජීවන රේඛාවට පාර්ශ්වික රේඛාවක් වශයෙන් පිහිටන මේ සමහර...
2023-09-07 18:30:00
ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්ද්‍රයක 9 වැනි භාවය, පියා, උසස් අධ්‍යපනය, විදේශ සංචාර, ආධ්‍යාත්මික හැකියාව යනාදිය ගැන පෙන්වන ස්ථානය වෙයි.9 වැනි භාවයේ...
2023-08-31 18:30:00
රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ බොහෝමයක් පිරිසක් විදේශ රැකියා සඳහා යාමට පෙලඹී තිබේ. එයින් වැඩි පිරිසක් මෙරට රැකියාවල නිරතව සිට රැකියාව අවදානමට...
2023-08-31 18:30:00
ඕනෑම පුද්ගලයකුගේ ආයු ප්‍රමාණය හා වසනාවන්තභාවය ප්‍රකාශ කරන මැණික්කටු රේඛා හෙවත් මණිබන්ධන රේඛා හස්ත රේඛා පරීක්ෂාවේදී ඉතාම වැදගත් වේ. අත්ලක ආරම්භය වන...
2023-08-24 18:30:00
කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයා සිටින ස්ථානය සහ සතුරු මිතුරු බව ද විසි දෙවැනි දෙර්කාණාධිපතිගේ දෝෂයට හෝ දර්ශනයට හසුවීම ද විවිධ වූ ග්‍රහබල චන්ද්‍රයා...
2023-08-24 18:30:00
ඕනෑම පුද්ගලයකුට ජීවිත කාලය පුරාම ගැටලු සහ ප්‍රශ්න රහිතවම ජීවත්වීමට නොහැකිය. කුමක් හෝ බධා කරදරවලට මේ ජීවත්වන කෙටි කාලය තුළ මුහුණ දීමට සිදුවේ. මේ...
2023-08-17 18:30:00
සමහර ජන්ම පත්‍රවල දැකිය හැකි ශනි මංගල යෝගය හෙවත් සෙනසුරු හා අඟහරුගේ එක් වීම ලෙස හඳුන්වන්නේ එම ග්‍රහයන් දෙදෙනා යම් ජන්ම පත්‍රයක එකම රාශියක...
2023-08-17 18:30:00
ශක වර්ෂ 1945ක් වූ කටක රවි 26 භාග ඇසළ අව දසවක තිථියලත් කිවි දින සිට සිංහ රවි 01 භාග නිකිණි පුර පෑළවිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශි ...
2023-08-10 18:30:00
අපි හැමදෙනාම ගනුදෙනුකරුවෝ වෙමු. වෘත්තීය වශයෙන් ගත්තත්, අධ්‍යාපනික වශයෙන් ගත්තත් කර්මානුකූලව ගත්තත් ඒ සියල්ලෙහි ඇත්තේ ගනුදෙනුවකි. අපි සැවොම මවුකිරි...
2023-08-10 18:30:00
“බඳීන්න වෙන්නේ යෝජනාවකින්ද නැත්නම් හොයාගත් එක්කෙනා බැඳ ගන්න පුළුවන් වේවිද යනාදී නොයෙකුත් දේවල් කියමින් සිටින බොහෝ දෙනකු විවාහ වන්නේ බලාපොරොත්තු නොවූ...
2023-08-03 18:30:00
සමාජයේ නොයෙක් තරාතිරමේ පුද්ගලයක් ඔබ දැක ඇති. ඒ පුද්ගලයන් අතරින් පිරිසක් අධික ලෙස මහන්සි වී වැඩ කටයුතු කරන නමුත් ජීවිතයේ ඉහළ තලයක් කරා ළඟා වීමට නොහැකි...
2023-08-03 18:30:00
සිංහල උමා ඡ්‍යොතිෂය, වෛදිකය, වෛදික යන වදන ඇසූ පමණින්ම ඔබට මතක් වනුයේ ඉන්දියාවය. ඒ ‘වේදය’ පිළිබඳ සියල්ල ඔව්හුගේය යන මතය සමාජගත වී ඇති හෙයිනි. එය...
2023-08-03 18:30:00
චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව ඔබට මේ වසර කෙසේදැයි අපි මෙතෙක් ඔබට පැවසුවෙමු. එහිදී චීන රාශි දොළහෙන් රාශි දහයකම තොරතුරු එදිරිපත් කළ අතර අද අපි ඔබට ඉදිරිපත්...
2023-07-27 18:30:00
සෑම ජීවියෙකුම මරණය දක්වා කරන්නෙ ජීවත් වීමට උත්සහා කිරිමයි. ඒ අතරින් මනුෂ්‍යයන් වන අපි අනේක විධ මතිමතාන්තර, ආකල්ප, විකල්ප ක්‍රම සහ විධි මඟින් ජීවිතය...
2023-07-27 18:30:00
කුමන රටක, කුමන ඡ්‍යොතිෂ්‍ය ක්‍රමයකින් හෝ තමාගේ චරිත ලක්ෂණ, තමා ගෙවන ජීවිතය, අනාගතය ගැන කියවෙන තොරතුරු දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති. එම...
2023-07-20 18:30:00