වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
ශක වර්ෂ 1945 ක් වූ වෘශ්චික රවි 01 භාග ඉල් පුර ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 07 භාග ඉල් පුර එකොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි. ...
2023-11-16 18:30:00
පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය මිල මුදල් ව්‍යාපාර ආදි අරමුණු සපුරා ගැනිමේ ප්‍රවණතාවය හා උද්යෝගයේ ප්‍රමාණය ජිවිතයේ යථා තත්ත්වය සහ...
2023-11-09 18:30:00
මානව ඉතිහාසය තුළ බිහිවූ විධිමත් වූත්, ශක්තිමත් පදනමකින් සමන්විත වූත්, මුල්ම වෛද්‍ය ක්‍රමය වශයෙන් ආයුර්වේදය හැඳින්විය හැකිය. ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයක්...
2023-11-02 18:30:00
සමහර විට ඔවුන් අධ්‍යාපන මට්ටම් දෙකකය.මෙවැනි විෂම වු දෙදනකු විවාහ වු පසු ගමන් කළ යුත්තේ එකම අරමුණකය. අරමුන දෙස බැලිය යුත්තේ එකම ඇසකිනි.එවිට ඉලක්කය...
2023-11-02 18:30:00
යම් පුද්ගලයකුගේ නායකත්ව ගුණාංග, ආත්මාභිමානය, අධිෂ්ඨානය ඉවසීම, ජීවිත අභිලාශයන් සහ ඒ පිළිබඳව ඇති උනන්දුවේ තත්ත්වය සමාජීය, දේශපාලන සහ ආගමික කටයුතු කෙරේ...
2023-10-26 18:30:00
ශකවර්ෂ 1945 ක් වූ තුලා රවි 10 භාග වප් පුර තුදුස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 16 භාග වප් අව විසේනිය ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ සහ රාශි...
2023-10-26 18:30:00
යම් පුද්ගලයකු ඉගෙන ගන්නා කල්හි ඔහු ලබන ඉතා වටනා දේ හික්මීමයි. සංවරභාවය, තැන්පත් භාවය වැනි උතුම් ලක්ෂණ හික්මුණු පුද්ගලයා තුළ වෙයි. කිසිම දේකට කඩාගෙන...
2023-10-19 18:30:00
ශක වර්ෂ 1945ක් වූ තුලා රවි 03 භාග වප් පුර සැටවක තිථිය ලත් කිවිදින සිට එම රවි 09 භාග වප් පුර දොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ...
2023-10-19 18:30:00
උපදින හැම සත්වයෙක්ම සැපයට කැමතියි. ඒ සැප සම්පත් ලබන්නට මූලික වන්නේ ධනයයි. අප උපන් ජන්ම පත්‍රය අනුව අප පෙර කළ පින් පව් අනුව සැප සම්පත් ලබන්නටත්...
2023-10-12 18:30:00
ශක වර්ෂ 1945ක් වූ කන්‍යා රවි 27 භාග බිනර අව තුදුස්වක තිථිය ලත් කිවිදින සිට තුලා රවි 02 භාග වප් පුර විසේනිය ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ...
2023-10-12 18:30:00
ශක වර්ෂ 1945ක් වූ කන්‍යා රවි 20 භාග බිනර අව අටවක තිථිය ලත් කිවිදින සිට එම රවි 26 භාග බිනර අව තුදුස්වක තිථිය ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශි...
2023-10-05 18:30:00
ඔබට බොහෝ විට අත්දැකිමක් වශයෙන් හෝ එසේත් නැතිනම් සවන් දීමට හැකිවු කාරණයක් ලෙස හො යම්කිසි පුද්ගලයකු කුමන හෝ සිදුවීමක් සිදුවීමට පෙර කිසිම පරික්ෂාවකින්...
2023-09-28 18:30:00
සම්මා සම්බුද්ධ පච්චෙක බුද්ධ චතු සච්චය බුද්ධ සුත බුද්ධ යනුවෙන් හැඳීන්වෙන සිවු උතුමන් අතුරින් අනාවරණ ඥානයෙන් සියල්ල ඇති සේ දකිනුවෝ සම්මා සම්බුදු වරයෝමය...
2023-09-28 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ කන්‍යා රවි 06 භාග බිනර පුර සතවක තිථිය ලත් කිවිදින සිට එම රවි 12 භාග බිනර පුර තුදුස්වක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ සහ...
2023-09-21 18:30:00
නීරෝගි සුවයක් ලැබීමටත් දීර්ඝායු විඳීමටත් කෙනකුට හිමිවේ නම් කොතරම් වාසනාවක්ද? අප කාගේත් පැතුම එය වුවත් ජන්ම පත්‍රයේ පිහිටි ග්‍රහ බලපෑම් අනුවමයි එය...
2023-09-14 18:30:00
හස්ත රේඛා පරීක්ෂාවේදී රේඛා ලක්ෂණ සේම අව ලකුණද නිවැරරැදි පලාපල කථනයක් සඳහා ඉතාම වැදගත් වේ. අව ලකුණු අතර තරු සලකුණ මේ අතරින් වැදගත් වන්නේ පිහිටීම අනුව...
2023-09-14 18:30:00