වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සිව් සැට වැනි නවාංසකය
මැයි 10, 2019
ජන්ම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා මැ අයහපත් පල ඇතිකරන ගහයන් හත් දෙනාගෙන් එක් කෙනකු බව ඔබ දනිති. එය ලග්නයෙන් ද සඳු ගෙන් ද යන දෙපිළිවලට මැ බලපානා බව පැරැණි ඉසිවරුන් පෙන්වා දී ඇත.
එය “ඛර” නවාංසකය යන නමින් ද හඳුන්වා ඇත. “ඛර” යනු සකුවෙහි,තද, දැඩි, කුරිරු යන අරුත් දෙන වදනකි. මේ කුරිරු නවාංසකය හිමියා ඇතිකරන කුරිරු පල විපාක ගැනද සැලැකිලිමත්වීම වැදගත් වෙයි. මීට ඉහත පළ කළ 35 වැනි පැටුමෙහි ලා, ‘ජිද්රගහ’ යන නමින් ඉසිවරුන් හඳුන්වා ඇති ගහයන් හත් දෙනකු ගැන සඳහන් කළෙමි. “ජිද්රා” යනු “සිදුරුකරන” යන අරුත ඇති සකු වදනකි. 64 වැනි නවාංසකය අදිපතියා ද ඒ හත් දෙනා ගෙන් එක් ගහයෙකි. ඒ හත් දෙනා ගෙන් බලවත් මැ ගහයා ගේ දසා, අතුරු දසාවකදී කෙනකු ගේ මරණය සිදු වන බව ද ඉසිවරුන් පෙන්වා දී ඇත. එ පමණක් නො වැ ලග්නයෙන් හෝ සඳු ගෙන් හෝ 64 වැනි නවාංසකය යෙදෙන තැනින් රාහු ගමන් කරන අවස්ථාවක තමා ගේ හිතවත් නෑයකු ගේ මරණය සිදු වීමට ඉඩ ඇති බව බලභද්රයෝ පෙන්වා දෙති. රාහු මේ තැන ඉක්මවා යාමට මාස දෙකක පමණ කාලයක් ගන්නා බව ද කියා ඇත.
මේ 64 වැනි නවාංශකය අදිපතියා දුස්ට රාසියකට වැටී සෙනසුරු හා එක්වී ඇත්නම් ඒ තැනැත්තා ගේ මරණය සිදුවන්නේ වස ශරීරගත වීමෙන් බවත්, එම 64 වැනි නවාංසකය අදිපතියා දුස්ට රාසියක දී රාහු හෝ කේතු හෝ සමඟ එක් වී ඇත්නම් ගෙල හිරවීමෙන් මරණය සිදුවන බවත් “ජාතක පාරිජාත” නම් දෝ සතර පොතේ සඳහන් වී ඇත.
මෙ සේ මෙම 64 වැනි නවාංසකය මතින් පමණක් නොව, එහි අදිපතියා දුස්ට රාසියක තැන්පත් වී ඇත්නම් ඒ මතින් පාප ගහයකු ගමන් කරන කාලසීමාව ද අයහපත් කාලයක් බව දත යුතු වෙයි.
එ වැනි අවස්තාවක තමන් කෙරෙහි බලපාන මහ දසාව හෝ අතුරු දසාව හෝ පාපයකු ගේ වුව හොත් එයින් ඇතිකරන පලයද ඉතා මැ අයහපත් වනු ඇත. පලාපල කීමේදී එ බඳු තැන් ගැන ද සැලැකිලිමත් වීම වැදගත් වෙයි.
ජන්ම කේන්දරයක් අතට ගත් සැණින් 64 වැනි නවාංසකය සොයාගැනීමේ පහසු පිළිවෙළක්ද ඇත. 64 දොළහෙන් බෙදූ විට 4 ක් ඉතිරි වෙයි.
එ හෙයින් නවාංසක සටහනේ 4 වැනි කොටුව හිමියා 64 වන නවාංසකය අදිපතියා වෙයි. නිදසුනක් ගෙන බලමු.
මීන නවාංසකයේ සිට සිව් වැන්න මිතුනය යි. මිතුනය බුදට හිමියි. එ හෙයින් මේ කේන්දරයේ 64 වැනි නවාංසකය අදිපතියා බුද යි.නවාංසකය එකින් එක ගණන් කැර බැලූ විට එය නිවැරැදි බව පෙනෙයි. කන්‍යා රාසියේ මීන නවාංසකයේ සිට ඉදිරියට නවාංසක හතක් ඇත. එ තැන් සිට තුලා, වෘශ්චික , ධනු, මකර , කුම්භ, මීන යන රාසි හයෙහි නවාංසක පණස් හතරකි. (9ය6=54) යි.ඒ 54 ද කන්‍යා රාසියේ නවාංසක හතට එකතු කළ විට 61 ක් වෙයි. ඊළඟ මේෂ රාසියේ නවාංසක ඇරඹෙන්නේ මේෂයෙනි. එහෙයින් , මේස, වෘෂභ, මිතුන යන නවාංසක තුන ඉහත හැට එකට එක් කළ විට 64 වෙයි. එ හෙයින් ඉහත කී කෙටි ක්‍රමය නිවැරැදි බව පැහැදිලි වෙ යි.
මෙ සේ ඕනෑම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා පහසුවෙන් සොයා ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හේමසිරි කුමාරණතුංග
෴ සබැඳි ලිපි ෴
ජන්ම කේන්ද්‍රයක හත්වැනි කොටුව හෙවත් හත්වැනි භාවය කලත්‍රස්ථානය යන නමින් හඳුන්වයි. හත්වැන්න විවාහය ගැන කියන රාශිය වේ. පුරුෂයකු නම් ඔහුගේ භාර්යාව...
2023-03-09 18:30:00
ජන්ම කේන්ද්‍රයේ හයවෙනි කොටුව හෙවත් හයවෙනි භාවය ශත්‍රැස්ථානය, රෝගස්ථානය යන නම්වලින් හැඳින්වේ. ජන්මියාගේ ලෙඩ රෝග, මෙහෙකරුවන් ආහාර පිළිබඳ, සතුරන්...
2023-03-02 18:30:00
ජන්ම කේන්ද්‍රයේ පස්වන කොටුව හෙවත් පස්වන භාවය පුත්‍රස්ථානය, බුද්ධිස්ථානය යන නම්වලින් හැඳින්වේ. දරුවන් ලැබීම හා නොලැබීම, දරුවන්ගේ තත්ත්වය, ආලය...
2023-02-23 18:30:00
ග්‍රහ මඬුල්ලේ විශාලතම ග්‍රහයා ගුරුය. සූර්යයා වටා ගමන් කිරීමට ගුරු ග්‍රහයාට ආසන්න වශයෙන් වර්ෂ 12 ක් ගත වේ. ගුරු, බ්‍රහස්පති, සුරගුරු ආදී...
2023-02-23 18:30:00
ලග්නයේ සුබ ග්රහයෙකු නොමැති වූ විට දෙක, දොළහ, හය, අට යන ස්ථානයන්හි පාපයින් වූ කල උපත සිදුවුවත් හය මසකින් මරණයට පත්වන අතර ලග්නයේ සිටියහොත් වැඩි...
2023-02-23 18:30:00
ජන්ම කේන්ද්‍රයේ සිවුවන කොටුව හෙවත් සිවුවන භාවය බන්ධුස්ථානය, ගෘහස්ථානය, මාතෘස්ථානය යන නම්වලින් හැඳින්වේ. ඉඩකඩම් ගෙවල් දොරවල්, යාන වාහන, මව, මවගේ...
2023-02-16 18:30:00
බුධ යනු හිරුට ආසන්නව පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. බුධ චන්ද්‍රයාගේ පුත්‍රයා ලෙස හඳුන්වයි. හිරුට ආසන්නයේම පිහිටා ඇති මෙය කි.මි.4,...
2023-02-16 18:30:00
මිනිස් මොළයේ යම් කොටසකට රුධිරය ගමන් නොකිරීම හේතු කොට ගෙන යම් කිසි අවයවයක් හෝ කොටසක් අකර්මණ්‍යවීම අංශභාග රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ය. ඒ අනුව...
2023-02-16 18:30:00
2023 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 08.58ට මහා ධන කුවේර යෝගය බුධ හිමි කන්‍යා රාශියට උදා විය. මේ කාලය තුළ ව්‍යාපාර ඇරඹීමටත් වෙනත් සුබ කටයුතුවලට...
2023-02-02 18:30:00
ජන්ම කේන්ද්‍රයේ දෙවැනි කොටුව හෙවත් දෙවැනි භාවය ධනස්ථානය, කුටුම්භස්ථානය යන නම්වලින් හඳුන්වයි. ජන්මියාගේ ධනය, මුදල්මය කටයුතු, ලාභ ප්‍රයෝජන, බැංකුවේ ඇති...
2023-02-02 18:30:00
ලග්නය ශුභ රාශියක් වී ලග්නාධිපති ශුභ ග්‍රහයකු වූයේ නම් ජන්මියාට ශුභ තත්ත්වයක් උදා වේ. ලග්නය ශුභ ග්‍රහයකු විසින් දකිනු ලබයි නම් ශුභ ග්‍රහයන් සමඟ...
2023-01-26 18:30:00
මාර්ග අනතුරුවල වැඩිවීමක් දූෂිතයන්ට දැඩි දඬුවම් ස්ත්‍රී දූෂණ, මරණ වැඩිවෙයි අධිකරණ ක්ෂේත්රයට වැඩ වැඩි වෙන හැඩක් 2023...
2023-01-26 18:30:00
පංචමහා පුරුෂයෝග අතුරින් සෙනසුරුගෙන් යෙදෙන පුරුෂ යෝගය සස රාජ යෝගය වේ. පංචශීලයෙන් බැහැරව ඒවා කඩ කරමින් වරදකරන වුන්ට දඩුවම් හිමිවේ...
2023-01-19 18:30:00
උදේතයං චක්ඛුමා ඒකරාජාහරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝතං තං නමස්සාමි හරිස්සවණ්ණංපඨවිප්පභාසංතයජ්ජ ගුත්තා විහරේමු දිවසං යේ බ්රාහ්මණා වේදගූ සබ්බධම්මේතේ මේ...
2023-01-12 18:30:00
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. තුලාව යනු තරාදියයි. තරාදියක් අතින් ගත් පුරුෂයකුගේ රූපයකින් තුලා රාශිය හෙවත් තුලා ලග්නය...
2023-01-05 18:30:00
ග්‍රහ මඬුල්ලේ රජ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතිත්වය දරන එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වේ. මෙම රාශියට අයත්...
2022-12-22 18:30:00