ග්‍රහයෝ කියන රෝග යෝග

නොවැම්බර් 18, 2022

 

ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ඡ්‍යෝතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම් පිළිබඳ ව්‍යාධීන් අනාවරණය කරගත හැක. ආපෝ / තේජෝ / වායෝ හා පඨවි යන භූත ස්වභාවයන් අනුසාරයෙන් ද මිනිසාට වැලඳෙන විවිධ රෝගාබාධ ගැන කරුණු දත හැකි ය.

 

 

සංක්ෂිප්තව කියතොත් ග්‍රහයන් කටක, වෘශ්චික හෝ මීන යන ජල රාශියක නම් සෙම් රෝග මූලිකව හටගන්නා වූ විවිධ අසනීපයන් ද මේෂ, සිංහ හෝ ධනු වැනි ගිනි රාශියක නම් උෂ්ණත්වයත් පිතත් හේතු කරගෙන හටගන්නා රෝගාබාධයන්ද, මිථුන/ තුලා හෝ කුම්භ යන වාත (වාය) රාශියක නම් වාතය මුල් කරගෙන ජනිත රෝගයන්ද, වෘෂභ/ කන්‍යා හෝ මකර නමින් ගැනෙන පඨවි රාශියක නම් වාතය / සෙම හෝ උෂ්ණත්වය එකවිට මුල්කරගෙන වැලඳෙන රෝගයන්ද මැනවින් හඳුනාගත හැකි ය.

 

ඉහත සඳහන් කළේ විවිධ රෝග හඳුනාගත හැකි ඡ්‍යොතිෂ්‍යාත්මක නිර්ණායක කීපයකි. මීට අමතරව රෝග හඳුනාගත හැකි යෝගද ඇත. තම සතුරු හෝ නීච රාශියක තැම්පත් ග්‍රහයාගේ ද දෙවන, තුන්වන, හයවන, හත්වන, අටවන හෝ දොළොස්වන භාවයට අධිපතිත්වය දරන ග්‍රහයන්ගේ ද නීච නවාංශකයක තැම්පත් ග්‍රහයකු වෙත් නම්, ඔහුගේද ඉතා දුබලව හා අස්තව පිහිටි ග්‍රහයන්ගේද දශාවන් සාමාන්‍යයෙන් ජන්මියාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර කාලයක් ලෙස සැලකේ.

ඉහත සඳහන් කළේ විවිධ රෝග හඳුනාගත හැකි ඡ්‍යොතිෂ්‍යාත්මක නිර්ණායක කීපයකි. මීට අමතරව රෝග හඳුනාගත හැකි යෝගද ඇත. මෙතැන් සිට ඒවා දැන ගැනීමට අපි උත්සුක වෙමු. මානව ශරීරයේ ලිංගේන්ද්‍රයේත් සෙසු උත්පාදක හේතු භූත ඉන්ද්‍රියන්ගේත් විවිධ අබල දුබලතා දුර්වලකම් බෙලහිනතා ඇති කරන්නේ කුජ ග්‍රහයා සමඟ සිකුරු ග්‍රහයා ඒකරාශී වූ විට ය. ශුක්‍රට වකුගඩු අයිති නිසාත්, කුජ ග්‍රහයා ස්වාභාවයෙන්ම වේගවත් නිසාත්, ඔහුගේ වේගය වකුගඩුවලට හිමිවන නිසාත්, වකුගඩු අමාරු අසනීප අසීරුතා ඇති වෙයි. මීට අමතරව තුනටියේ රුජා ගතියක් ප්‍රථමයෙන්ම මෙවන් ජන්මියකුට ඇති වී ඉන් අනතුරුව මුත්‍රා අඩු වීම හෝ වැඩි වීම හෝ පටන් ගෙන අන්තිමේ දී ආබාධිත විය හැකි ය.

පිත් අමාරුවත්, අක්මාගත අපහසුතාත්, පෙණහලුවල ශ්ලේෂ්ම පටලයේ අමාරුත් ජනිත වන්නේ කුජ ගුරු යෝගයකිනි.

ශනි සමඟ කුජ සිටීමෙන් රුධිර සංසරණ රටාවේ වේගය ශීඝ්‍ර කරයි. කාලයාගේ ඇවෑමෙන් ඉහත කී තත්ත්වය වැඩි කලක් පැවතියහොත් ව්‍යාධීගත ජන්මියා එයින්ම ඔත්පල වී එකතැන් වීමට බැරිනැත.

බුධ ග්‍රහයාගෙන් අනාවරණය කරගත හැක්කේ, නහරයේ රෝගාබාධයන්ය. බුධත්, කුජත් යෝගව සිටින විට ජන්මියා පමණක් ඉක්මවා කටයුතු කිරීමෙන් නහර දුබලතා පිළිබඳ රෝගයන්ට මන්පෙත් විවර වනු නියත ය. රුධිරවාහිනීවල පිටත සිව්ගත අමාරුකම්වලට ද ඉඩක් ඇති බව සොයා ගෙන ඇත.

පෙණහලු හා අක්මාවේ සෑදෙන ගෙඩි බිබිළි තුවාල වැනි රෝගවලට උදවු කරන්නේ බුධ ගුරු යෝගවීම බව සනිටුහන්ව ඇත.

වේදනාව ගෙන දෙන රත්පිත්, රක්තවාත රෝග ස්වභාවයෙන්ම රවි, ශනි යෝග වීම බලපායි. ශනි සියලු වාතබාධ බව අපි දනිමු. ශනි, සඳු සමඟ සිටි විට මිනිස් සිරුරේ තෙත් ගතිය නොහොත් සෙම් ගතිය අධික වීමෙන් අසනීප ගෙන දෙනු ඇත.

මානව ජන්මීන්ට සකල විධ සෙම් රෝගයන් ඇති කර දෙන්නේ ශුක්‍රත් සඳුත් ය. ඒ අනුව සෙම් ගෙඩි, මස් දලු, ගෙල මහත්වීම යනාදී යන සෑම රෝගයකටම මූලිකත්වය ගන්නේ ඒ දෙපළය. ජන්ම කේන්දරයේ 2/6/8 හෝ 12 යන කිනම් භාවයක සිකුරුත් සඳුත් යෝග වී ඇත්නම් ඉහත කී කරදර ගෙන දෙනු ඇත.

පෙණහලුවලට වතුර ඒකරාශීව ඒවායේ විවිධ තුවාල ඇති වන්නට හේතු වන්නේ සිකුරු හා ගුරු එකතුවීම වේ.

දිගු කලක් ඇතිවන රෝගවලට ශනිගේ බලපෑමක් ඇතිවන බව අනාවරණය වෙයි. පිළිකා, දියවැඩියා හෝ අත් පා කොරවීම් වැනි ව්‍යාධීන්වලට හේතුව ශනි සෙසු ග්‍රහයන් සමඟ එකතුවීම බව අප දත යුතු ය.

චන්ද්‍රයාත් බුධත් ලග්නාධිපති සමඟ 6යේ යෝගීව සිටියි නම් චර්ම රෝග ඇති වෙයි. එනම් දද, හොරි හෝ කුෂ්ඨ වෙයි.

6යේ අධිපතියා කුජ සමඟ යෝග වී සිටියි නම් සිරුරේ රුහිරු දූෂ්‍ය වන අමාරු නිතර නිතරම ජන්මියාට ඇති වෙයි. ලේවල උණුසුම අධික වීමෙන් චර්ම රෝගද ඇති වෙයි.

බුධ හා ශනි දෙදෙනා කන්වල රෝගවලට මුල්වෙයි. ශනි දුබලව සිටීමෙන් හා ඔවුන්ට සතුරු ග්‍රහයන් සිටීමෙන් කන්වල ආබාධ ඇතිවන බව හඳුනාගෙන ඇත.

චන්ද්‍රයා හෝ ශුක්‍ර උච්ච ස්වක්ෂේත්‍රව සිවුවැන්නේ සිටියත් පාපයන්ගේ වර්ගවලට පාපයන්ට පෙනෙමින් සිටියොත් ක්ෂය රෝගය හෝ පෙණහලුවල ආබාධ සෑදේ.

චන්ද්‍රයා දුබල වී 6 හෝ 8 පාපයන් සිටියහොත් විශේෂයෙන්ම විවාහක කාන්තාවන්ට අපල වෙයි. ගබ්සා වීම් ඇති වී රෝගී තත්ත්ව මතුවීමට ඉඩ ප්‍රස්තාව බොහෝ ඇත.

ශුභයන් නොමැතිව 6 වැනි භාවගත පාපීන් පමණක් සිටී නම් ජන්මියා නිතරම ව්‍යාධි ගතියෙන් සිටී. උන්මාදරොවින් පෙළෙන අයගේ සඳු දුබලව සෙනසුරු සමඟ 12 වැන්නේ පතිතව සිටින බව සොයාගෙන ඇත.

ජන්ම කේන්ද්‍රයේ සඳු සිටි තැනින් 8 වැන්නේ රාහු සිටින පුද්ගලයකුගේ රාහු මහ දශාව.

උපතේදී ශනි සිටි තැනින් 12 වැනි භාවය හිමි ග්‍රහයාගේ දශාව.

සඳු සිටි තැනින් 7 වැන්නේ රවිට අයත් රාශියක වී නම් රවිගේ දශාව

සඳුගේ 6 වැන්න කුජට අයත් රාශියක වැටී නම් එවිට කුජගේ දශාව.

මාන්දී ලග්නයෙන් 4 වැනි හෝ 10 වැනි භාවයෙහි තැම්පත් අයකුගේ එකී මාන්දි තැම්පත් රාශියට අධිපති ග්‍රහයාගේ දශාව.

12 වැන්න අධිපතිකම සිකුරුට හිමි වෙයි නම් සිකුරුගේ දශාව.

උපන් දශාවෙහි සිට 4 වැනි දශාව වශයෙන් උදාවන සෙනසුරුගේ මහ දශාව.

ලග්නයෙහි 4 වැන්නේ හා 10 වැන්නේ බලවත් පාප ග්‍රහයන්ගේ දශාවන්.

ජන්ම නැකතෙහි සිටි 5 වැනි හෝ 7 වැනි නැකැත් කුජට හා රාහුට අයත් වෙයි නම් කුජ හා රාහුගෙ මහ දශාව.

ජන්ම නැකතේ සිට ගැන බැලූ කල්හි 6 වැනි නැකත ගුරුට අයත් වෙයි නම් ගුරුගේ දශාව.

අට අධිපතියා 6, 8 හෝ 12 වැනි භාවයකට ගොස් සිටියි නම් එම 8 අධිපති ග්‍රහයාගේ මහ දශාව සහ අන්තර් දශාවන්.

ලග්නයේ හෝ 8 වැන්නේ උපතේ දී පිහිටි සෙනසුරුගේ දශා කාලය.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.