ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන සතුටු වෙමු

පෙබරවාරි 14, 2020

අනාදිමත් කාලයක සිට අපේ හෙළ රජ දරුවන් පවා එදිනෙදා සිදුවූ රෝගයකදී ප්‍රතිකාර කළේ සිංහල වෙදකම නොහොත් ආයුර්වේදයට අනුවය. එදා හදිසි අනතුරකදී ලේ වහනයක් වුවද කිසියම් රහස් කොළ වර්ගයක් තලා පොඩිකර තුවාලය වූ ස්ථානයේ තැබීමෙන් ක්ෂණයෙන් ලේ වහනය නතර විය. කුසේ අමාරුවකට, හිසේ අමාරුවකට පමණක් නොව කැඩීම් බිඳීම් වලදී වුව යකඩයක් පාස්සන්නාසේ ඒ භග්නවු, ඇට මිදුළු බද්ධ වන්නට තරම් සරිලන ඖෂධ අප අතර තිබුණි. ශරීර අභ්‍යන්තරයේ වුව සිදුවිය හැකි ආපදා තත්ත්වයකදී එසේම සිරුර කපා කොටා දේශීය ක්‍රමයට ශෛල්‍ය කර්ම කළ විශ්මයජනක හෙළ ඍෂි වෛද්‍යවරු අප අතර සිටි බව අසන්නට ලැබේ.

අවාසනාවට මෙන් අද ක්ෂණික ප්‍රතිකර්ම සඳහා යොමුවී සිටින වැසියන් තමාට වූ අනතුරකදී රෝගයකදී බටහිර ප්‍රතිකාර එසේත් නැතිනම් බටහිර වෛද්‍ය ක්‍රමයට හුරුපුරුදුවී සිටීම නිසා අපේ දේශීය වෛද්‍ය ක්‍රමය යටපත් වී තිබීමට හේතුවී තිබේ. එයට කාහට වුවද දොස් පැවරිය යුතු නොවේ. කවුරුවුව වර්තමානයේ සීඝ්‍රයෙන් දියුණු වූ නවීන විද්‍යාවට අනුව විවිධ උපකරණ වලින් සමන්විත බටහිර වෛද්‍ය ක්‍රමයට යාම වළකාලනු නොහේ. එහෙත් ඒ බාහිර ප්‍රතිකාර ක්‍රමය හා සමගාමීව අපේ දේශීය වෛද්‍යවිද්‍යාවට නිසි නැත. ලබාදීමේ වගකීම අප කාහට වුවද පැවරී තිබේ. හදිස්සියකට නොව කාලාන්තරයක් ප්‍රතිකර කර බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව සුව නොකළ හැකි රෝගයක් ආයුර්වේදයට අනුව නිට්ටාවට සුවකළ හැකි අවස්ථා කෙනෙකුන් අප දැක තිබේ. අද විවිධ උපකරණවලට හසු නොවු යම් යම් ශරීර අභ්‍යන්තර රෝග සිංහල වෙද මහතාගේ නිල පරික්ෂාව හසුවන අයුරු පුදුම සහගතය. එදා නිසි කලට නිසි වේලාවට කල්යල් බලා තමා ළඟට එන රෝගියාගේ අත් අල්ලා නාඩි පරික්ෂා කිරීමෙන්ම අභ්‍යන්තර රෝගය කුමක්ද යත් වටහාගෙන නිසි ප්‍රතිකාර කරන අයුරු. අප කොතෙකුත් වර්තමානයේද දැක ඇත්තෙමු. මෙය කල්ගතවන ප්‍රතිකාරයන් වුවද ආයේ යළි නොම ඒමට තරම් ශරීරයේ ඉවත්කරන ප්‍රතිකර්මයක් මෙන්ම බටහිර ප්‍රතිකාරයේ එන අතුරු ආපදා කිසිවකින් තොරව රෝගය නිට්ටාවට සුව වීම කොතරම් ඓශ්චර්යයක්ද .කොතරම් සහනයක්ද බටහිර ප්‍රතිකාර වලට අනුව ශරීරයේ රිදුම් දෙන දෙන සෑම ස්ථානයකටම උපකරණ ඇතත් අප දේශීය වෙදකම් කෝකටත් තෛල බෙහෙත් නම් කොතෙකුත් ඇතිද? ඒවා බටහිර වෛද්‍ය උපකරණ වලට වැයවන දහස් සංඛ්‍යාත මුදලක් වුවත් ඉතා අඩු පිරිවැයකින් පල ලැබිය හැකි ආයුර්වේදයේ වෙද මහතාට රුපියල් සියයක නැත්නම් දෙසීයක මුදලක් සමඟ පුදකරන ගෞරවනීය බුලත් අත තුළින් අපට ලබාගත හැකි ඉහළම වටිනාකම අපගේ සිංහල වෛද්‍ය ක්‍රමයයි. උණට සෙම්ප්‍රතිශ්‍යාවට වෙනිවැල්ගැට ,කොත්තමල්ලි, ඉඟුරු, පත්පාඩගම්, කටුවැල්බටු ඇතුළු පස්පංගුව තම්බා බී පමණින් රෝගය සුව වනවා පමණක් නොව එය මතුවටද ශරීරයට පුදුම සහනයක්ද වනු ඇත.

කෙසේ නමුදු අද ලොව පුරා ක්ෂණයෙන් පැතිරී තිබෙන කොරෝනා වයිරසය නිසා තාක්ෂණයෙන් විද්‍යාවෙන් හිනිපෙත්තටම නැගී සිටින රටවල් පවා අසරණවී කිසිඳු ප්‍රතිකර්මයක් නොමැතිව සිය දහස් ගණනින් රෝගීන් මියැදෙද්දී අපගේ උතුම් සිංහල වෛද්‍යක්‍රමයට පිං සිදු වෙන්නට වෙනිවැල්ගැට – කොත්තමල්ලි, වැල්මී ආදි පානයන් තුළින් කොරෝනා පමණක් නොව එබඳු ඕනෑම වයිරසයක් මැඩලීමට හැකියාව ඇති බව සොයාගෙන තිබීම

අපට කොතරම් නම් ආඩම්බරයක්ද ඒනිසා අප ඒ උතුම් ශාස්ත්‍රය අදටත් හෙටටත්, මතුපරම්පරාවටත් ආරක්ෂාකර ගනිමු. ව්‍යාප්ත කරමු.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.