වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
ග්‍රහ අපලවලට පිළියම ප්‍රතිපත්ති ගරුක වීමයි
ජනවාරි 24, 2020
ඡ්‍යොතිෂය දත් නොදත් බොහෝ දෙනෙකු අද ග්‍රහමාරුවක්, චන්ද්‍රග්‍රහණයක්, සූර්යය ග්‍රහණයක් වැනි දෙයකදී දක්වන්නේ පුදුම උනන්දුවකි. සැබවින්ම ග්‍රහයින් මිනිස් දිවියට තදින්ම බලපාන එක නොරහසක් වන නිසා අද එබඳු ජනතා යොමුවීමක් පිළිබඳව පුදුම වන්නටද දෙයක් නැත.
ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතර වැඩිම කාලයක් එක රාශියක සිටින සෙනසුරු වසර දෙක හමාර බැගින් රාශි, දොළසේ ගමන් කර යළි නැවත එම ස්ථානයට යාමට වසර 30ක් ගතවනු ඇත. එහෙත් ඒ එක එක රාශියට වෙන් වෙන් වශයෙන් ප්‍රතිඵල දෙන සෙනසුරු පිළිබඳ වැඩි දෙනෙකු තුළ ඇත්තේ මහත් බියකි. ඒ අන් ග්‍රහයන්ට වඩා සෙනසුරු කෙනෙකුට ඒ වසර 30 ඇතුළත ඉතා අමිහිරි අත්දැකීම් උරුම කරදෙන ඒරාෂ්ඨක අපල කීපයක්ම ගෙනදෙන නිසා ය. සෙනසුරු 12, 01, 02 ස්ථානවල ගමන් කරන විට එක රාශියක වසර දෙක හමාර බැගින් වසර හත හමාරක ලග්න ඒරාෂ්ඨකයද සඳු කෙනෙකුගේ යම් තැනකද එම ස්ථානයට සෙනසුරු පැමිණීම ජන්ම ඒරාෂ්ඨකයද සෙනසුරු කේන්ද්‍රයේ අට වැන්නට පැමිණීම. සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨකය හා චන්ද්‍රයා සිටින ස්ථානයෙන් අටට පැමිණීම චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ඨකයද ලෙසින් මෙම ඒරාෂ්ඨක විවිධ වෙයි. වෙන කිසිදු ග්‍රහයකු ගෙන නොදෙන අන්දමේ අපලවිපත් සෙනසුරු ජීවිතයට ගෙන එන බව පවසන්නේ අන්න ඒ නිසා ය. කෙසේ නමුදු කෙනෙකුට කේන්ද්‍රයේ සෙනසුරු ලබා තිබෙන හොඳ නොහොඳ අනුව කෙනෙකුට සෙනසුරු යහපත් ග්‍රහයකු ලෙසද තවත් කෙනෙකුට අයහපත් ග්‍රහයෙකු ලෙසද හඳුන්වා දීමට පුළුවන. වසර දෙක හමාරක කාලයක් ධනු රාශියේ සිටි සෙනසුරු 2020 ජනවාරි 24 වන දින උදේ 09.49 ට මකර රාශි ගත වෙයි. එය පොදුවේ ගත් කල රටට ලෝකයට ජනතාවට සුබවාදී තත්ත්වයකට මූලාරම්භයක් බව කිව යුතු ය.
වසර දෙක හමාරකට එපිට තව වසර දෙක හමාරක් සෙනසුරු සිටියේ වෘශ්චික රාශියේ නිසා එම රාශියට සෙනසුරු නීචව පැවති කාලය එනම් මීට වසර 5 ක පමණ කාලයක සිට සෙනසුරු විසින් රටට ජාතියට පරිසරයට පැවති රජයන්ට ලෝකයට ගෙනදුන් විපත් කරදර පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ අනුව මිනිසුන් මිනිසුන් අතර අසමගිතා සොරකම, වංචාව එදිරිවාදිකම අයහපත් පරිසර විපර්යාසයන් රැසකට මුහුණ දුන්නේ අන්න ඒ නිසා යයි අපට සිතිය හැකි ය. කෙසේ නමුදු ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පසෙකලා 2020.01.24 දින සෙනසුරු සිය අධිපතිත්වය හිමි මකර රාශියට පැමිණීම බොහෝ සුබවාදී බලාපොරොත්තු ඉහළ නැංවීමට තරම් වනු ඇත.
කෙසේ නමුදු මෙම ග්‍රහමාරුව වන අවස්ථාවට පෙරාතුව අප වෙත එන ඉතා විශාල දුරකතන ඇමතුම් වලින් අසන පලාපල පිළිබඳව අපට සිතන්න හැකි වී ඇත්තේ අද රටේ මේ ග්‍රහ මාරු පිළිබඳ මිනිසුන් කොතෙක් උනන්දුවක් දක්වනවාද යන්නයි. කෙසේ නමුදු මෙම ග්‍රහමාරු ප්‍රතිපලවලට අනුව මෙම පාඨක හිතවතුන්ට පවසන්නට තිබෙන්නේ ග්‍රහයින්ගේ අපල උපද්‍රව අපගේ ප්‍රතිපත්තිගරුක ජීවිතය තුළින් අවම කරගත හැකි බවයි. ඕනෑම ග්‍රහයකු අපගේ චිත්ත සන්තානයට බලපෑම් කරමින් අප ව්‍යාකූල මානසිකත්වයට ගෙන යමින් අපව ලෙඩුන් මානසික දුර්වලයින් හා ඒ නිසාම විවිධ කරදර උවදුරුවලට පමුණුවන නමුදු ඒ තත්ත්වයට අප හසු නොවී සිටීමට හැකි බවයි. විවිධ ග්‍රහ අපල පවතින විට සාර්ථක ඡ්‍යොතිෂවේදීන් තම සේවාදායකයින්ට පවසන්නේ තම ආගමානුකූල ජීවිතයට වඩ වඩා නැඹුරුවිය යුතුය යන්නයි. ඔබ බෞද්ධ අයකු නම් බෝධිපූජා තබා ඒ ඒ ග්‍රහයාට අදාළ දෙවි දේවතාවුන් ඇදහීම කළයුතු බවද පවසයි. මේ කටයුතු තුළින් කෙනෙනකු තුළ ඇතිවන මානසික සුවය අධිෂ්ඨානය තුළින් විය හැකි අපල අවමවෙයි.
ඒ නිසා ඔබත් වඩ වඩාත් ග්‍රහ අපල අවම කර ගැනීමට වඩ වඩාත් ආගමික කටයුතුවල නිරතවන්න. එවිට ඔබට කිසිවිට බියවිය යුතු නැත. සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ඔබ ශ්‍රී විෂ්ණු දෙවිඳු සඳහා පූජෝපහාර දක්වන්න. එවිට ඔබට යහපත උදාවේ.
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂය දත් නොදත් බොහෝ දෙනෙකු අද ග්‍රහමාරුවක්, චන්ද්‍රග්‍රහණයක්, සූර්යය ග්‍රහණයක් වැනි දෙයකදී දක්වන්නේ පුදුම උනන්දුවකි. සැබවින්ම ග්‍රහයින් මිනිස්...
2020-01-23 18:30:00
දේශීයත්වයට ප්‍රමුඛතාව ලැබෙන මෙම වකවානුව අපිට ඉතා ආඩම්බර සහගත සිදුවීම් සිදුවනවා දැකීම සිතට සතුට ගෙන දෙන දෙන්නකි. මුළුමනින්ම බටහිර සංස්කෘතිය මගින්...
2020-01-02 18:30:00
අප සමාජයට අවශ්‍ය වන්නේ නීතිය දැඩිවීමට වඩා ආදර්ශමත් පරිපාලනයක් තුළ ආකල්පමය වෙනසක් සිදුවීම බව බොහෝ දෙනා දන්නා කාරණාවකි. අද එය ඇස් පනා පිටම ඔප්පු වී...
2019-12-19 18:30:00
රට අරාජික නම් පිළිවෙල පිරිසුදුකම, එකමුතුකම යන කිසිවක් පවතින්නේ නැහැ. පසුගිය කාල වකවානුවේ. ඒ නිසාම රට කුණු කන්දල්වලින් පිරුණ අපිළිවෙල සහගත වුණා. අපේ...
2019-12-12 18:30:00
අද මිනිසුන් අතර විවිධ මතභේද ඇතිවීම නිසා අදහස් උදහස් අතින් විවිධ පරස්පරතා මතු වී එකිනෙකා ඇනකොටා ගන්නා තත්ත්වයට පත් වී තිබේ. ඊට ප්‍රධානතම හේතුව වී...
2019-12-05 18:30:00
ඡ්‍යොතිෂය අනාදිමත් කාලයක සිට නොනැසී පැවතගෙන එන පරම සත්‍යවූ විෂයයකි. බෞද්ධ දර්ශනය හා ගහට පොත්ත මෙන් සබැඳුණු විෂයයක්ද වෙයි. එය සදාතනික වූ ඉරහඳ තාරකා හා...
2019-11-28 18:30:00
මෙම විශ්වයේ මිනිසුන්ට ලැබෙන්නේ සුවිශේෂි ස්ථානයකි. විශ්වයේ වෙසෙන විවිධ වූ, සතුන් අතරත් මනසින් උසස් යන අදහස ඇතිව මිනිස් යන නාමය ඔවුනට ලැබී ඇත්තේ...
2019-11-21 18:30:00
ඡ්‍යොතිෂය ආයුර්වේද ගුප්ත විද්‍යා, හස්ත රේඛා, ශාන්තිකර්ම යන අංශවලට අද ඇත්තේ කුඩම්මාගේ සැළකිලිය. එහෙත් කොයිකාගෙන් අඩුපාඩු වුවත් ඒ ඒ ක්ෂේත්‍ර තුළ සිටින...
2019-11-14 18:30:00
කිසියම් දෙයක රඳාපැවැත්ම සිදු වන්නේ එහි ආරම්භය සුබ වුවහොත් පමණි. සිතිවිල්ල, අරමුණ සද්භාවයෙන් සිදු වෙතොත් එය සදාකාලික අමරණීය සිහිවටනයක්ම වනු ඇත....
2019-10-17 18:30:00
හුදු සොඳුරු පිවිතුරුගතිය වෙයි විසිතුරුතිබෙනතුරු දිවිතුරුයහපතට යොමු වන්න නිසියුරු දැන උගත්කම මතජීවිතයෙ පිළි වෙතසුරැකගෙන යහ පතගියොත් ජයගත හැකිය...
2019-08-22 18:30:00
තම ජීවිතය අනුනට බරක් නොම වනවිලසින් හිඳුම යහපත් ලෙසින් සිත මිනදැනගෙන වටිනකම මිනිසත් කමින් අප මනගියොතින් ඉතින් සතුටක් දැනේ හැම දින සමහරු කෙනෙකු...
2019-08-15 18:30:00
නිකරුණේ හැසිරෙමින් නිසි වැඩක් නැති නිසාඅනුන්ගේ දොස් සොයයි තෙපලමින් මහ මුසාගුණ රැඳුණු කෙනෙකුගේ පතල හොඳ නම නසාදිවි මගේ වැට කඩුලු ඉදි කරයි දස දිසා ...
2019-07-18 18:30:00
නගින විට ඉනිමගේ පයෙන් අදිනා කෙනා දියුණුවට වැට බඳී රුදුරු රකුසන් මෙනා කුමට කාලෙක පටන් මෙලෙස ඒ සැම දෙනා කරන අවහිර තුළින් යහපතක් නැත දිනා වුණොත්...
2019-06-20 18:30:00
රට දැයට හිතකාමි ලෙසින් පෙරමුණ ගත්තුබොරු මුසා බස් දොඩන අයයි අද බල වත්තුඒ ලෙසින් කරනවිට අවැඩ ලෙස ගිනි පත්තුසිතෙයි සැමහට ඔවුන් වගේ යයි වන සත්තු ...
2019-05-30 18:30:00
අත් වැල් බැඳ එකට දම්වැල් පුරුක් විලසට කටයුතු කළොත් සැමවිට දියුණුවට පත්වේවි එතකොටසිත්වල රැඳුණු ලෙන්ගතුගතිය ඇතිනම් අදමතුඑයින් වෙයි එකමුතුසැවොම සිතුවොත්...
2019-05-09 18:30:00
“හොඳම දේ දරුවන්ටයි” යනු ලොව ප්‍රචලිත කියමනකි. දිළිඳු පැල්පතේ සිට මහා මන්දිර දක්වා එය පොදු කරුණකි. මවුපියන් හැම දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ඒ පැතුම...
2018-11-21 18:30:00