චම්මින්ද වෙළගෙදරගේ ස්වප්නේශ්වර දොරට වඩී

පෙබරවාරි 7, 2025

ප්‍රවීණ මාධ්‍යවේදියකු, ලේඛකයකු මෙන්ම බැංකු පරිපාලකයකු වන ආචාර්ය චම්මින්ද වෙලගෙදර විසින් විරචිත ස්වප්නේශ්වර නවමු නවකතාව පසුගිය ජනවාරි 28 වැනිදා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දැක්විණ.

සිය ආචාර්ය උපාධිය සඳහා අස්පර්ශීය සංස්කෘතික උරුමයන් සහ භූතාපසරණය පිළිබඳ කරන ලද පර්යේෂණ ඇසුරින් මේ නවකතාව නිර්මාණ කර ඇති අතර එය සත්‍ය කතාවක් පදනම් කරගත් සාහිත්‍ය කෘතියකි.

ස්වප්නේශ්වර පිළිබඳ එදින විග්‍රහයන් කරන ලද්දේ මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි යන මහත්වරුන් විසිනි.

ශාන්තිකර්ම ක්‍රමවේද අනුව සමාරම්භ කෙරුණු දොරට වැඩීමේ උත්සවය දොස් දුරුකිරීමේ කවි ගායනාවකින් නිම කිරීම සුවිශේෂත්වයක් විය. මේ අවස්ථාවට මෙරට ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්, කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු චම්මින්ද වෙලගෙදර කෘති රසවිඳින සහෘද පාඨක විශාල පිරිසක් සහභාගී විය. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.