අඩු වුණත් වැඩි වුණත් ලෙඩ දෙන නින්ද

මැයි 31, 2019


මිනිසා පමණක් නොව සියලු සත්වයින් දවසේ යම් කාලයක් තුළ නින්දට පත්වෙයි. නින්ද අවශ්‍ය වන්නේ ශරීරයේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගැනීම සඳහා ය. ඒ සඳහා සම්පූර්ණ විවේකයක් ශරීරයට ලබා දිය යුතුය.

අලුත උපන් බිලිඳකු දවසේ වැඩි කාලයක් නිදා ගන්නේ ශරීරයේ වර්ධනයට නින්ද අත්‍යවශ්‍ය නිසාය. සමහර රෝග අවස්ථාවලදී එම රෝග උත්සන්න නොවී තබාගැනීම සඳහාද නින්ද අනිවාර්ය වේ. උදාහරණ වශයෙන් අනවශ්‍ය ලෙස කලබල කරන මානසික රෝගීන්ට එම රෝග තත්ත්වය පාලනය කරන්නටද නින්ද අවශ්‍යමය. දීර්ඝ කාලීන නිසියාකාර නින්දක් නැති අයට මානසික රෝග සෑදීමේ ප්‍රවනතාවය වැඩිය. ලොකු සිත්වේදනාවකින් හෝ ලොකු ප්‍රශ්නයක් ඇති අවස්ථාවලදී හිත සැහැල්ලු තත්වයට පත්කර ගැනීමටත් එයින් මිදෙන්නටත් බොහෝ විට නිදා ගැනීම යහපත් වෙයි.

නින්දෙන් අවදිවන විට සිතෙහි පෙර තිබූ අනවශ්‍ය කලබලකාරි ගතිය නැති වී මොළයට හොඳින් රුධිර සම්පාදනයක් ලැබීම නිසාත් මනසට විවේකය ලබා දීම නිසාත් ගැටලුවලට මුහුණ දීමට පුළුවන් වනු ඇත. ශරීරය ඉතා වෙහෙසකර කටයුත්තක නිරත වූ අවස්ථාවකදී මද විවේකයක් ගැනීම සඳහා කෙටි නින්දක් ලබාගැනීම ශාරීරික සුවයට හේතු වේ. නමුත් සමහර අය රාත්‍රියේ පමණක් නොව දවල්ටත් හේතුවක් නොමැතිව නිදා ගැනීමට උත්සාහ ගනී. එයින් වන්නේ අලසකමක් ඇති වීමත් නිසි කල නිසි වෙලාවට තම කටයුතු නිම කරගැනීමට බැරිවීමත් රාත්‍රියට නින්ද නොයෑමත්ය.

එසේම තම නිරෝගී බව නැති වීමද අවේලාවේ නිදා ගැනීමෙන් සිදු වේ. දවල් ආහාර ගත් විගසම නින්දට පෙලඹන අය අප අතර සිටී. ඒ තුළින් ස්ථූලභාවය ඇති වී (තරබාරුකම) බොහෝ රෝග ගණනාවකට මුල පුරයි. හෘද රෝග . කොලෙස්ටරෝල්, ඇතිවීම දියවැඩියාව මෙන්ම අද බොහෝ ප්‍රශ්නයක් වන මදසරුභාවයට ද තරබාරුකම හේතුවක් වේ. ඩිම්බ කෝෂවල තෙල් තැන්පත් වීමෙන් ඩිම්බ මේරීමට බාධාවන් මෙන්ම ඩිම්බ පිටවීමටත් මෙම තරබාරුකම හේතුවක් වනු ඇත.

අධික තරබාරුබව නිසා වැඩ කිරීමට අපහසු වීමෙන් රටක වැඩ කරන ශ්‍රමිකයන්ගේ කාර්ය භාරයත් අඩාළ වේ. එම නිසා දවල් නිදාගැනීම නිරෝගි පුද්ගලයින්ට ඉතාම අහිතකර වනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් වෛද්‍ය
නන්දා කස්තුරිආරච්චි
පූගොඩ දංගල්ල හන්දිය

සටහන ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.