වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2025.02.12 බදාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - දවල් 12.24 - 01.53
සුබ දිශාව - උතුර
මේෂ
ගේ දොර කටයුතු කෙරෙහි වෙහෙසෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරන දිනයකි.
වෘෂභ
සිතේ ධෛර්යෙන් කටයුතු සිදු කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ. උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.
මිථුන
උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන දිනයකි.
කටක
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ.
සිංහ
අමතර ලැබීම් සහිතයි. දුරගමනකට කටයුතු සැලසුමක් ඇති කරයි. පැවැති උදාසීන ගති මඟ හැරී යයි. අසල්වාසි සුහදතාවයට හේතු ඇති කරයි.
කන්‍යා
ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. අන් අයගේ සිත දිනා ගන්නා බවක් පෙනේ. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
තුලා
සිතේ විනෝදයෙන් කටයුතු සිදු කරයි. රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. අමතර වියදම් වැඩි කරයි. පී‍්‍රතිමත් ගමනක් යෙදේ.
වෘශ්චික
හිතුමතයට කටයුතු සිදු කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.
ධනුු
අවිවේකී බව මඟහැරී යයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ප්‍රසිද්ධියට පත්වන දිනයකි. මිහිර ආහාරපාන කෑමට හිමිකරයි.
මකර
සැප සතුට උදාකරන දිනයකි. එහෙත් අමතර වියදම් බහුල කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වගකීම් බහුල දිනයකි.
කුම්භ
වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි.
මීන
නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුකරයි. නිතර පින්දහම් කටයුතුවල නියැළෙන දිනයකි.