වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2025.02.09 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - සවස 04.52 - 06.20
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.
වෘෂභ
තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. අලුත් දැන හැඳුණුම්කම් ඇති කරයි.
මිථුන
අලුත් දේ ඉගෙනීමට පෙළඹෙන දිනයකි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. අවිවේකී දිනයකි.
කටක
නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. හදිසි උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. දුරදිග බලා කටයුතු කරන්න.
සිංහ
නිතර ඇවිදිලි ඇති කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ.
කන්‍යා
අලුත් හිතවත්කම් ඇති කරයි. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. මිහිරි ආහාර පාන කෑමට හිමිවන දිනයකි.
තුලා
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. දුර ඥාතියකුගේ හමුවීමක් සිදු කරන දිනයකි.
වෘශ්චික
පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන දිනයකි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල අඩුකරන බවක් පෙනේ.
ධනු
විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. දුරදිග සිතා බලා කටයුතු කරන්න.
මකර
වගකීම් බහුල කරයි. ඥාති උපකාරයක් හිමි කරයි. සෙම් අමාරුවක් හෝ පෙනහළු ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ.
කුම්භ
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදු කරයි.
මීන
පැරැණි ගනුදෙනුවක් සාර්ථකවන බවක් පෙනේ. උරහිස සම්බන්ධ ආබාධයකින් හෝ උගුර ආශි‍්‍රත ආබාධයක් නිසා පීඩා විඳින බවක් පෙනේ. හදිසි ප්‍රතිකාර පතන දිනයකි.