2025.01.13 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 13, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.26
ඉර බැසීම - ප.ව. 06.12
රාහු කාලය - උදේ 07.54 - 09.22
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

ගේදොර කටයුතු අධික කරන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු නිසා සිතේ චංචල බවක් ඇති කරයි. සැනසිලිදායක බව අඩු කරන දිනයකි.

වෘෂභ

වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි. දුරගමනක් යෙදෙන දිනයකි.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තකට වෙහෙසෙන බවක් පෙනේ. නිතර පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දිනයකි.

කටක

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ඇති කරයි. ගේදොර සැප පහසුව අඩු කරන දිනයකි.

සිංහ

ගතට සිතට සැප සතුට උදා කරයි. අමතර මුදල් ලාභ හිමි කරන බවක් පෙනේ. පී‍්‍රතිමත් ගමන් යෙදෙන අතර විනෝදයට සිත ඇදී යන දිනයකි.

කන්‍යා

වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු කරන දිනයකි. දරුවකුගේ දියුණුවක් දැකිය හැකි බවක් පෙනේ. සෙම් රෝග හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි.

තුලා

නිතර ගමන් බිමන් යෙදෙනු ඇත. හිතවත් අයකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකියි. අමුත්තකු මුණගැසීමට අවස්ථාව උදා කරයි.

වෘශ්චික

නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි. පල ප්‍රයෝජන නොමැති දෙයට වියදම් කරන බවක් පෙනේ. පවුලේ ගැටලුකාරි බවක් දුර දිග යන දිනයකි.

ධනු

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. දරුවන් පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

ලෞකික සැපසම්පත්වලට බාධා ගෙන දෙන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු කළත් තමා බලාපොරොත්තු වූ ලෙස ප්‍රතිඵල අත් නොකරයි.

කුම්භ

පී‍්‍රතිය, සතුට ගෙන දෙන සිදුවීම්වලට මුහුණපෑමට සිදුවෙයි. දුර දිග බලා ගන්නා තීරණයක් සාර්ථක කරයි. අමතර ලැබීම් හිමිකරයි.

මීන

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. කණ්ඩායම් වැඩසටහන් කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. සමාජයෙන් ගරු බුහුමන් ලබයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.