2024.12.22 ඉරිදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 22, 2024

ඉර උදාව - පෙ.ව. 06.17
ඉර බැසීම - ප.ව. 06.01
රාහු කාලය - සවස 04.33 - 06.01
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ
අන් අය සමඟ සුහදව කටයුතු කරයි. විනෝදයට කැමැති දිනයකි. සාහිත්‍ය හා කලා අංශයට යොමුවන බවක් පෙනේ.

වෘෂභ
උසස් අවධානයට බාධා මතු කරයි. දුරදිග බලා කටයුතු කරන දිනයකි. ඉවසීමෙන් කටයුතු කරන්න. තරඟකාරී කටයුතු කීපයකට සම්බන්ධවන බවක් පෙනේ.

මිථුන
උසස් අය හා ඇසුරට කටයුතු උදා කරයි. කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමැති දිනයකි. උදරාබාධ, සෙම් රෝග ආදියෙන් පීඩාවිඳින බවක් පෙනේ.

කටක
අලුත් දැන හැඳුණුම්කම්වලට කටයුතු උදා කරයි. පැණිරස කෑමට පි‍්‍රයතාවක් දක්වයි. වගකීම් බහුල කටයුතු කීපයක් යෙදේ. අවිවේකී දිනයකි.

සිංහ
ඉගෙනීමේ කටයුතුවලට උනන්දුවක් දක්වයි. පැවැති කරදරකීපයක් මඟහැරී යයි. දැහැමි සිතිවිලි ඇති කරයි. සහෝදර බැඳීම් වැඩිකරන දිනයකි.

කන්‍යා
නිතර විසිතුරු දේ කෙරෙහි ඇල්මක් දක්වයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. සෙම් රෝග, හිසේ ආබාධ බහුල දිනයකි.

තුලා
අමතර ලාභ හිමිකරන කටයුතු කීපයක් යෙදේ. ගතට සිතට සැහැල්ලුවක් ඇති කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

වෘශ්චික
අසාධාරණයට එරෙහිව කටයුතු සිදු කරයි. බාරගත් වැඩක් වගකීමෙන් ඉටු කරයි. යන එන තැන පිළිගැනීම්, ප්‍රශංසා හිමිකරයි. ලැබීම් සහිත දිනයකි.

ධනු
අන් අයට ගරු කරයි. අඩුපාඩු කීපයක් මඟහරවා ගැනීමට හැකිවේ. උරුම හිමිකම් ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.

මකර
වගකීම් පැහැර හැරීමක් සිදු කරයි. නිතර දෝෂාරෝපණවලට ලක්වීමට ඉඩ ඇත. දුරගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. උගුරේ අමාරුවකට ප්‍රතිකාර පතයි.

කුම්භ
අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු සිදු කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ.

මීන
වෙහෙසීම් බහුල කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.