2024.12.21 සෙනසුරුදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 21, 2024

ඉර උදාව - පෙ.ව. 06.17
 ඉර බැසීම - ප.ව. 06.00
 රාහු කාලය - උදේ 09.12 - 10.41
 සුබ දිශාව - දකුණ
 
 මේෂ
 අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත. නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි.

 වෘෂභ
 අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

 මිථුන
 පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. නිතර සමාජ සේවා කටයුතුවලට යොමුවෙයි. අවිවේකී දිනයකි.

 කටක
 ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.

 සිංහ
 උත්සාහවන්ත කටයුතු සිදු කරයි. එහෙත් වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. නිතර පුණ්‍ය කටයුතුªවලට සහභාගිවන දිනයකි.

 කන්‍යා
 පොත්පත් කියවීමට ළැදිකමක් දක්වයි. සහෝදරයකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු යෙදෙන දිනයකි.

 තුලා
 පැරැණි හිතවත්කමක් අලුත් කරයි. දරුවකු වෙනුවෙන් සතුටට පත්විය හැකි දිනයකි. අමතර ගමන් බහුල කරයි. පැවැති බාධා කීපයක් මඟ හැරී යයි.

 වෘශ්චික
 හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට අවස්ථාව උදා කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී.

 ධනු
 ශාරීරික වෙහෙසීම් බහුල කරයි. මවුපස ඥාතියකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි.

 මකර
 අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගනී.

 කුම්භ
 ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. පවුලේ වගකීමක් තමාවෙත පැවැරීමට ඉඩ ඇත. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

 මීන
 නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.