2024.11.28 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 28, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.06
ඉර බැසීම - ප.ව. 05.51
රාහු කාලය - දහවල් 01.26 - 02.55
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. කාරුණික හැඟීම්වලින් යුක්තයි. සිතේ ධෛර්යයෙන් කටයුතු කරන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

වෘෂභ

සහෝදර පක්ෂයෙන් උපකාරයක් හිමි කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. නොගැළපෙන අය සමඟ ඇසුරට පෙළඹේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

මිථුන

පදිංචිය සම්බන්ධ ගැටලු මතු කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනාගැනීමට කටයුතු උදා කරයි. තැන තැන ඇවිදිලි ඇති කරයි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. ගනුදෙනුවකින් නිදහස උදාකරන බවක් පෙනේ. සමාජ සේවා කටයුතුවලට යොමුවන අතර සමාජයෙන් ප්‍රසිද්ධියක් හිමි කරයි.

සිංහ

අවිවේකී දිනයකි. අසල්වැසි සුහදතාවයට බාධා මතු කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. අමතර වියදම් බහුල කරයි.

කන්‍යා

පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. ස්වාධීනව සිතාමතා තීරණ ගනී. හවුල් ව්‍යාපාරයකට අත ගැසීමට වැඩපිළිවලක් ඇති කරයි.

තුලා

සමීප කෙනකුගේ දුරස්වීමක් සිදු කරයි. වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. තම රූපය ගැන සැලකිලිමත් වන බවක් පෙනේ.

වෘශ්චික

හදිසි ලැබීම් සහිත දිනයකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙයි. පැවැති අගහිගතා මඟහැරී යන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

ධනු

ශාරීරික වෙහෙස මහන්සිය මඟහැරී යයි. අන් අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට සරු කරන දිනයකි.

මකර

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. අවිවේකී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කුම්භ

පැවැති කරදර කීපයක් මඟහැරී යයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. පවුලේ අයගෙන් ප්‍රශංසා හිමිකරන දිනයකි. දුරදිග බලා කටයුතු කළ යුතු බවක් පෙනේ.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පොතට පතට වැඩි කාලයක් යොමු කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.