2024.11.19 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 19, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - දහවල් 02.53 - 04.22
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භයට හේතු යෙදෙනු ඇත.

වෘෂභ

සැලසුම් කීපයක් වෙනස් කරමින් දවස උදා කරයි. නොසිතූ ලෙස ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

මිථුන

අඹු සැමි සුහදතාවයට කරුණු උදාකරයි. නිතර දරුවන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට හේතු ඇති කරයි.

කටක

සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් කීපයක් හිමිකරයි. වගකීම් බහුල දිනයකි.

සිංහ

සැලසුම් කීපයක් සාර්ථක කරන දිනයකි. වෙනදාට වඩා පවුලේ කෙනකු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

කන්‍යා

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් ඥාති සබඳතාවයකට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. හදිසි ලැබීම්වලට හිමිකම් ඇති දිනයකි.

තුලා

දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන දිනයකි. තමා ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුකරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසෙයි.

වෘශ්චික

විශේෂ සැලසුමකට කටයුතු සූදානම් වන ලකුණු පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් ගැටලු කීපයකට මුහුණපායි. දේපළ සම්බන්ධ මතභේදයකට තුඩුදෙන කරුණු කීපයක් සිදුකරයි.

ධනු

පැවැති සැනසිලිදායක බව මඟහැරී යන බවක් පෙනේ. නිතර පොත් පත් ලිපි ලේඛන කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර ඇතිවන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර පතයි.

මකර

හදිසි මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. පවුලේ අය අතර බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකිය.

කුම්භ

මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟ හැරී යයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. තරග විභාග කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.