2024.10.23 බදාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 23, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - දහවල් 11.55 - 01.25
සුබ දිශාව - දකුණ

 

මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන දිනයකි. වගකීම් වැඩිකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. වැඩකටයුතු අධික කරයි.

වෘෂභ

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්වයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට කරුණු උදා කරයි. ලැබීම් සහිත දිනයකි.

මිථුන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අවිවේකී දිනයකි. වගකීමකින් නිදහස උදා කරයි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට මැදිවීමට ඉඩ ඇත. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

සිංහ

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී.

තුලා

අතමිට මුදල් ගැවසෙන කටයුතු කීපයක් යෙදේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. ආගමික ශක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

වෘශ්චික

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. තැන්පත් ධනය වැඩිවන දිනයකි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගතහැකි බවක් පෙනේ.

ධනු

විශේෂ හිතවත්කමකට මඟ සැලසේ. අමතර වියදම් බහුල කරන දිනයකි. චර්මගත ආබාධයකින් පීඩාවිඳින බවක් පෙනේ.

මකර

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. මවු පාර්ශ්වයෙන් උපකාරයක් හිමිකරයි.

කුම්භ

පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

මීන

ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. හදිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇති බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.