2024.10.04 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 4, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.01
රාහු කාලය - උදේ 10.29 - 12.00
සුබ දිශාව - දකුණ

 

මේෂ

තරමක් දුරට ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්වයි.

වෘෂභ

ගේ දොර අලංකාරයට වෙහෙසෙයි. පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි.

මිථුන

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. ලිපි ලේඛන ගැටලුවකින් නිදහස උදා කරයි. තැන තැන ඇවිදිලි ඇති කරයි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

සිංහ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා

නිතර විසිතුරු දේ පිළිබඳ ඇල්මක් දක්වන දිනයකි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන බවක් පෙනේ.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ අය අතර සිත් අමනාපයක් ඇතිවීමට ඉඩ ඇත. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වීමට ඉඩ ඇත. ළඟම හිතවතකුට ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු උදා කරයි.

මකර

සැනසිලිදායක බව තරමක් දුරට අඩුවන ලකුණු පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු අධික වීමෙන් අවිවේකී බවක් ඇති කරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

මීන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට කරුණු ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.