2024.09.28 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 28, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.04
රාහු කාලය - උදේ 09.00 - 10.31
සුබ දිශාව - උතුර

 

මේෂ

වෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. නීති ගැටලුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි.

වෘෂභ

මවුපිය ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ.

මිථුන

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. නිතර ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි.

කටක

සුබදායක ලෙස දවස ගෙවී යයි. හිතවතුන් සමඟ විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. දුර ගමනක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි.

සිංහ

පවුලේ වගකීම් බහුල කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ.

කන්‍යා

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. ඥාතීන් සමඟ එකමුතු වී කටයුතු කීපයක් ඇරැඹීමට මඟ සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කරගන්නා දිනයකි.

තුලා

මෙතෙක් ප්‍රමාද වූ මුදල් ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නිතර අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. ඇසුරු කරන අය සමඟ කල්පනාවෙන් සිටීම වැදගත්වේ.

වෘශ්චික

වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන දිනයකි. වෙනදාට ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

ධනු

ඉවසීමෙන් මෙන්ම කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන බවක් ඇති කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදාකරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත.

කුම්භ

ගතට සිතට සැනසිල්ල අහිමි කරන දිනයකි. පවුලේ අයගේ දෝෂාරෝපණයටද කරුණු ඇති කරයි. සෙම් රෝග, පපුව ආශි‍්‍රත ආබාධ ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් පරිස්සම් වන්න.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා වගකීම් බහුල කරන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණ දීමට සිදුවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.