2024.06.26 බදාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 26, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසම - ප.ව. 06.29
රාහු කාලය - දවල් 12.13 - 10.47
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

ආගම දහමට භක්තිය වැඩිවන දිනයකි. එමෙන්ම ආගමික කටයුතු වෙනුවෙන් දුරබැහැර ගමනක් යෙදීමට ඉඩ ඇත. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙනේ.

වෘෂභ

අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. හදිසි ගනුදෙනුවකට සම්බන්ධ වන බවක් පෙන්වයි. වගකම් බහුල දිනයකි.

මිථුන

පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි. තැන්පත් ධනය වැයවන කටයුත්තක් යෙදීමට ඉඩ ඇති බවක් පෙනේ.

කටක

අමතර ලැබීම් අතින් යහපත් කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.

සිංහ

වගකීම් බහුල කරයි. නැති වූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙනේ. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි.

කන්‍යා

ලැබීම් අතින් යහපත් කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. වරින් වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

තුලා

උනන්දුව උත්සාහය මත කරන කියන කටයුතු කීපයක් සාර්ථක වීමට ඉඩ ඇත. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. සුළු සුළු කැක්කුම් වේදනා ඇති කරයි.

වෘශ්චික

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. ගනුදෙනුවකින් පාඩුවක් සිදු කරයි.

ධනු

අමතර ලැබීම් සහිත දිනයකි. පවුලේ කෙනකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. අමතර ගමන් බහුල දිනයකි.

මකර

පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යන දිනයකි.

කුම්භ

නැති වූ දෙයක් නැවත හිමි කරයි. විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසේ. ගතට සිතට සැනසිල්ල උදා කරන දිනයකි.

මීන

පවුලේ වගකීම් බහුල කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් ගතට සිතට අසහනකාරී බවක් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.