2024.04.22 සඳුදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 22, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.00
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 07.32 - 09.05
සුබ දිශාව - දකුණ

 

මේෂ

ලැබීම් අතින් යහපත් කරයි. එහෙත් සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. වැඩිහිටියකුට උපකාරයක් කිරීමට මඟ සැලසෙන දිනයකි.

වෘෂභ

වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළයුතු බවක් පෙනේ. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

මිථුන

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට ඇරැයුමක් හිමිකරන දිනයකි.

කටක

ගතට සිතට සැනසිල්ල උදා කරයි. මවගේ අසනීපයක් සුවඅතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත් කරන දිනයකි.

සිංහ

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. පවුලේ මත ගැටුමක් මඟහැරී යන දිනයකි.

කන්‍යා

ස්ථිර අදහස් ඇතිව කටයුතු සිදු කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරන දිනයකි.

තුලා

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවිය හැකි දිනයකි.

වෘශ්චික

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි.

ධනු

පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.

මකර

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. උත්සාහයෙන් කටයුතු කළත් සාර්ථක ප්‍රතිඵල අත් නොවන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. ළඟින් ඇසුරු කරන අයකුගේ උපකාරයක් හිමි කරයි.

මීන

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. නිතර හටගන්නා වාත වේදනාවකින් පීඩා අත් කරයි. ප්‍රමාද වූ සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.