2024.04.17 බදාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 17, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - දවල් 12.10 - 01.43
සුබ දිශාව - උතුර

 

මේෂ

වගකීම් බහුල කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදාකරන දිනයකි. විශ්වාසවන්ත කෙනෙකුගේ හමුවීමක් සිදු කරයි.

වෘෂභ

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කිපයක් සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

කටක

උත්සහවන්තව කටයුතු සිදුකරන බවක් පෙනේ. යටපත් වූ වාත වේදනාවක් හෝ මුත්‍රාගත ආබාධයක් නැවත මතුවිය හැකිය. ගේ දොර කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරන දිනයකි.

සිංහ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ අයගේ ප්‍රශංසා හිමිකරන කටයුතු කීපයක් යෙදේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

කන්‍යා

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. නිතර සමාජසේවා කටයුතුවලට සම්බන්ධවන බවක් පෙනේ. උසස් අධ්‍යාපනයට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

තුලා

පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති දිනයකි.

වෘශ්චික

නිවසේ සතුට අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගනි. නිතර තමාට පිටස්තර අයගෙන් උදව් උපකාර හිමි කරයි. වෙනදාට වඩා ධනට පිනට ලැදිව කටයුතු කරන දිනයකි.

ධනු

හදිසි තීරණයක් හේතුවෙන් කටයුතු කිපයක් වෙනස්කිරීමට සිදුවේ. වෙනදාට වඩා අතමිට සරු කරන දිනයකි. ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ.

මකර

පදිංචිය සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. විවාහය පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අවිවේකී ලෙස දවස උදා කරන බවක් පෙනේ.

කුම්භ

ගතට සිතට සැනසිල්ල අඩු කරයි. එමෙන්ම වියදම් පක්ෂය ද වැඩිවන බවක් පෙන්වයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන බවක් පෙනේ.

මීන

ගැටලු කීපයකින් නිදහස අත් කරයි. හදිසි ගමන් කීපයක් යෙදෙන දිනයකි. ශාරීරික අප්‍රාණික ගතියකින් පීඩා අත් කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.