2024.04.08 සඳුදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 12, 2024

 

 

ඉර උදාව - පෙ.ව. 06.06
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 07.37 - 09.09
සුබ දිශාව - උතුර

 

මේෂ

ශාරීරික අපහසුතා බහුල කරයි. නිතර මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. දූ දරුවන්ගෙන් වෙන්ව වාසය කරන දිනයකි. යටපත් වූ රෝගයක් ඉස්මතුවිය හැකි බවක් පෙන්නුම් කරයි.

වෘෂභ

නිතර ඇවිදිලි වැඩි කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. වෙනදාට වඩා කල්පනාකාරී ලෙස කටයුතු කළ යුතු බවක් පෙනේ.

මිථුන

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. පැවැති උදාසීන ගති මඟහැරී යන දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. විශේෂ වරප්‍රසාද හිමි කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරයි.

සිංහ

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු සිදුකරයි. ඥාති හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වන දිනයකි.

කන්‍යා

නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වරින් වර ඇති කරන හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

තුලා

සැලසුම් කීපයක් වෙනස් කරමින් දවස උදා කරයි. පවුලේ වැඩිහිටියකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

වෘශ්චික

වගකීම් බහුල කරයි. නොසන්සුන්කාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළයුතු බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි.

ධනු

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් දිනයකි.

මකර

පවුලේ බැඳීම් වැඩිකරන කරුණු කීපයක් සිදු කරයි. නිතර දරුවකු පිළිබඳ වෙහෙසීමට සිදුවන දිනයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා දිනයකි.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි. රැකියාවේ කටයුතුවලින් පැසසුම් ඇති කරයි.

මීන

ගතට සිතට සැප සතුට උදා කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර පින් දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.