2024.03.20 බදාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 20, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.15
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - දවල් 12.18 - 01.49
සුබ දිශාව - උතුර

 

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ අය අතර පැවැති සිත් නොහොඳකමක් මඟ හැරී යයි. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

වෘෂභ

වගකීම් බහුල කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. අසල්වාසියකුට උපකාරයක් කිරීමට මඟ සැලසෙන දිනයකි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

කටක

නැති වූ දෙයක් නැවත හිමි කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.

සිංහ

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරයි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

තුලා

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. පැවැති ආදායම් මාර්ගවලට අවහිරතා මතු කරයි. හදිසි ගමනක් යෙදෙන දිනයකි.

වෘශ්චික

සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නොසිතූ අලාභයක් සිදුවීමට ඉඩ ඇත. හිසේ ආබාධයකට ප්‍රතිකාර පතන දිනයකි.

ධනු

වෙහෙස ඇති ගමනක් යෙදේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. පවුලේ භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

මකර

ගතට සිතට සැනසිලිදායක බව අඩු කරන දිනයකි. රාත්‍රී ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. ඉදිරි සැලසුමක් වෙනස් කරන දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි.

මීන

අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර තමාට ප්‍රශංසා හිමි කරන කටයුතු කීපයක් යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.