2024.03.14 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මාර්තු 14, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.18
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - දහවල් 01.50 - 03.21
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර තම රූපය කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. ගේ දොර අලුත්වැඩියාවකට කටයුතු සිදු කරයි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. නොගැළපෙන ඇසුරකට කටයුතු යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කටක

ගතට සිතට වෙහෙසකාරී දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වන බවක් පෙනේ.

සිංහ

ස්ථිර අදහස් ඇතිව කටයුතු සිදු කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අමතර වියදම් බහුල දිනයකි.

කන්‍යා

පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. අතමිට මුදල් ගැවසෙන කටයුතු කීපයක් යෙදේ.

තුලා

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සිදු කරයි. වයසින් වැඩි අය සමඟ ඇසුරට යොමුවන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදුකරන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. දූ දරු සමඟියට කටයුතු සැලසෙන දිනයකි.

ධනු

උත්සාහයෙන් එදිනෙදා කටයුතු සිදුකරන බවක් පෙනේ. අලුත් රැකියා ලැබීම්වලට හිමිකම් ඇති කරයි. උදරගත ආබාධයකින් පීඩා ඇති කරයි.

මකර

වගකීම් බහුල කරයි. එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. අසල්වැසි සුහදතාවයට බාධා ගෙන දෙන දිනයකි.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. හදිසි ජයග්‍රහණවලට ද ඉඩකඩ ඇති බවක් පෙනේ. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන දිනයකි.

මීන

අවිවේකී ලෙස දවස උදා කරයි. දරුවකුගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අමතර වියදම් බහුල දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.