2024.03.12 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 12, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.19
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - සවස 03.21 - 04.52
සුබ දිශාව - උතුර

 

මේෂ

පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙන්නුම් කරයි. නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. හිතවතුන්ගෙන් ප්‍රශංසා හිමිවන දිනයකි.

වෘෂභ

නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසීමට ඉඩ ඇත. අලුත් දේ ඉගනීමට වෙහෙසෙන දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. සහෝදර පක්ෂයෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි.

කටක

වරින් වර ඇති කරන සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. හදිසි ගනුදෙනුවකට යොමුවීමට ඉඩ ඇත. වගකීම් බහුල දිනයකි.

සිංහ

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වියදම් අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. අවිවේකී දිනයකි.

කන්‍යා

හිතවත්කම් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. දුරගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා දිනයකි.

තුලා

විශ්වාසවන්ත ඇසුරකට කටයුතු සැලසෙන බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

වෘශ්චික

හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. පවුලේ අය අතර මෙන්ම සමාජයේද කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සෙම් රෝග බහුල දිනයකි.

ධනු

ලැබීම් අතින් යහපත් කරයි. වගකීම් බහුල දිනයකි. පවුලේ භෝජන සංග්‍රහයකට කටයුතු උදා කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරයි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර මුදල් වියදම් බහුල කරන දිනයකි. එමෙන්ම නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

කුම්භ

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි.

මීන

නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට සිදුවෙයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.