2024.03.05 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 5, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - සවස 03.22 - 04.53
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

ගතට සිතට සැනසිල්ල උදාකරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ගනුදෙනුවකින් වාසි අත් කරන දිනයකි

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සපුරා ගැනීමට හැකිවේ. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

මිථුන

උදාසීන ලෙස කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අන්සතු ලැබීමකට හිමිකම් ඇති කරයි.

කටක

සැලසුම් කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවේ. අමතර වියදම් බහුල දිනයකි.

සිංහ

සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන බවක් පෙනේ.

කන්‍යා

නිතර ඇතිවන සෙම් ගතිය උගුර ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන දිනයකි. අවිවේකී ලෙස දවස ගෙවන බවක් පෙනේ.

තුලා

පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත.

ධනු

පැවැති වෙහෙසකාරී බව මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. අලුත් දේ ඉගනීමට කටයුතු උදාකරයි. ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භයට කටයුතු උදා කරයි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා සිතේ සතුටින් දවස ගෙවන බවක් පෙනේ. අමතර ලැබීම් හිමිකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.